ගෝලීය ආසාදිතයන් පනස් පන්ලක්ෂය ඉක්මවයි | සිළුමිණ

ගෝලීය ආසාදිතයන් පනස් පන්ලක්ෂය ඉක්මවයි

සමස්ත ගෝලීය කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන පනස් පන්ලක්ෂ අසූ අටදහස ඉක්මවා ගොස් තිබේ.

වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ හතළිස් හත්දහසකට අධිකයි.

වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ලවූ රට වන අමෙරිකාවෙන් ඊයේ නව ආසාදිතයන් 19,790 දෙනෙක් හඳුනා ගැණුනි.

එරට සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නයි.

ඊයේ අමෙරිකාවෙන් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 505 ක්.

මේ අතර කොවිඩ් වෛරසයට ප්‍රතිකාරයක් ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රවර්ධනය කෙරුණු, මැලේරියාවට ලබාදෙන ඖෂධයක් වන ක්ලෝරොකුවීන් පරීක්ෂා කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසයි.

ඒ එම ඖෂධය මඟින් කොවිඩ් ආසාදිතයන්ගේ මරණ අවදානම ඉහළ යා හැකි බව මෑතක දී කළ වෛද්‍ය අධ්‍යයනයකින් අනාවරණය කිරීමෙන් පසුවයි.

Comments