‘කොවිඩ්-19 අපට නැවත සිතන්න අවකාශය විවර කළා’ | Page 2 | සිළුමිණ

‘කොවිඩ්-19 අපට නැවත සිතන්න අවකාශය විවර කළා’

කොවිඩ් 19 වසංගත රෝග මැඬ පැවැත්වීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ සාමාජික
විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ

අධ්‍යාපනය, සංස්කෘතිය, මානව සම්පත් ප්‍රවර්ධනය, දේශීය ආර්ථික ක්‍රමවේදය, තාක්ෂණික දියුණුව ආදී සියලු ක්ෂේත්‍ර වර්ධනය කර ගැනීමට අප කොවිඩ් 19 ආශීර්වාදයක් කරගත යුතුයි. ඒ සඳහා ඇති අභියෝගත්, ඒ අභියෝග ජය ගැනීමේ ක්‍රමවේදත් මේ ලිපියේ අන්තර්ගය.

මේ වන විට රටේ පවතින කෝව්ඩ් 19 වසංගතයක් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ අනෙකුත් එයට සහය දෙන ආරක්ෂක අංශවල ශක්ති ප්‍රභව මේවන විට අප හඳුනාගෙන ඇත. එසේම අපි අපේ දුර්වලකම් දුර්වලකම් ද හඳුනා ගත යුතුයි. අපි නැවත ගොඩනැගිය යුත්තේ කොතැනද කියන කරුණු ද ඒවා වැඩිදියුණු කළ යුත්තේ කෙසේද කියන කාරණාව සම්බන්ධයෙන් අපි වඩා අවධානය යොමු කළ යුතුයි .ඒ හරහා අපි අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මූලිකවම ශක්තිමත් කළ යුතුයි. මේ වසංගතය සමඟ අපි තේරුම් ගත් කාරණාවක් වන්නේ ප්‍රජා සත්කාර සේවය ඉතා හොඳ මට්ටමක පවත්වාගෙන පැමිණීම නිසා මේ කෝව්ඩ් 19 වසංගතය පැතිර යාම වළක්වාගත හැකි වූ බවයි.

මෙහිදී මානව සම්පත වැඩි දියුණු කළ යුතුයි; පහසුකම් සෞඛ්‍ය සේවා පහසුකම් වැඩි කළ යුතුයි; සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැළෙන නිලධාරීන්ගේ ආරක්ෂාව, ප්‍රවාහනය වැනි කාරණා සම්බන්ධව මීට වැඩිය සැලකිලිමත් විය යුතුය. ඒ අංශ වල මානව සම්පත් වැඩි දියුණු කළ යුතුයි.

කෝව්ඩ් 19 වසංගතයට වෙනත් කිසිදු රටකට වඩා අපි ශක්තිමත්ම මුහුණ දුන් බව සාක්ෂි සහිතවම ඔප්පු කර ඇත. රෝහල් ධාරිතාව වැඩි වුවහොත් වැඩි වන රෝගීන්ට මූණ දී ගත නොහැකි තත්ත්වයක් මතු විය හැකිය. එවැනි අවස්ථාවකට මුහුණ දීමට සිදු නොවුණේ අපේ සෞඛ්‍ය ක්ෂේත්‍ර වල සහ අනිකුත් අංශ වල දක්ෂතාව සහ වැඩ පවත්වීම සඳහා ගත් නිවැරදි ක්‍රියාමාර්ග නිසයි. එවැනි අවස්ථාවක් උදා වුවහොත් උපරිම රෝහල් ධාරිතාවය වැඩි වූ අවස්ථාවක ද මුහුණ දිය හැක්කේ කෙබඳු ආකාරයට ද කියන කාරණාව සම්බන්ධව මෙහිදී අවධානය යොමු කළ යුතුයි. දැඩි සත්කාර ඒකක තවත් ක්‍රමවත් කරලා ජනතාවට විධිමත් සෞඛ්‍ය පුරුදු කිරීමෙන් ඉදිරියේදී මෙවැනි වසංගතයන්ට අපිට මුහුණ දී ගත හැකි තත්ත්වයක් මතු වේවි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ වූ අපට ලබාගත හැකි නව නිපැයුම් කරුවන් දිරිමත් කළ යුතුයි. පිටරට මත යැපෙනවා වෙනුවට අපේ නිශ්පාදන යොදා ගැනීමේ තත්ත්වයක් ඉදිරියේ දී ඇති උදාකරගත යුතු යි.

කෝව්ඩ් 19 අනතුරුව අපි කෙසේද ආර්ථිකය ගොඩනැගීය යුතු යන කාරණාව සම්බන්ධව කතා කිරීමේ දී ආර්ථිකය ගොඩනැගීම විවිධ පැතිකඩ ඔස්සේ ක්‍රියාත්මක කළ යුතුයි. ආර්ථිකය ගොඩනැගීම යන දෙයින් අදහස් කරනුයේ අපි ස්වයංපෝෂිත වීම පමණක් නොවෙයි. ඒ හරහා අපි විදේශ විනිමය උපයා ගනු ලබනුයේ කෙසේද යන කාරණාව සම්බන්ධයෙන් ද මෙහිදී වඩා අවධානය යොමු කළ යුතුයි. කෝව්ඩ් 19 පවතින තත්ත්යෙන් අනතුරුව වගාව පිළිබඳ රට පුරාම රට පුරාම විශාල උද්යෝගයක් ඇති වී ඇති බව ඉතා පැහැදිලි යි. ඒ ප්‍රබෝධය ඇති වීම පමණක්ම ප්‍රමාණවත් නැත. වගා කිරීමේ ක්‍රමවේද විධිමත් විය යුතුයි.

රටේ තේ, පොල්, රබර්, කුරුදු පමණක් නොව ඕනෑම බෝගයක් මෙන්ම අනෙකුත් බෝග වර්ග විදේශ විනිමය උපයා ගන්නා ආකාරයට යොදා ගන්නේ කෙසේද කියන කාරණාව සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් විය යුතුයි. ඒ සඳහා කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් අනුව කටයුතු කළ යුතුයි. විදේශයෙන්ගෙන් ආනයනය කරනු ලබන කෘෂිකාර්මික නිෂ්පාදන අත්හිටවීම අවශ්‍යයයි. සැලැස්මක් අනුව වගාකටයුතු කළයුතුයි.

මේ කෝව්ඩ් 19 සමඟ බිඳ වැටුණු ප්‍රධානම කාරණාවකි, සංචාරක ව්‍යාපාරය. ඒ සම්බන්ධයෙන් ඊළඟට අපි කතා කළ යුතුයි. සංචාරක ව්‍යාපාරයේ මෙරටට විදේශ විනිමය විශාල ප්‍රමාණයක් සපයන ප්‍රධානම මාර්ගයකි. සංචාරක කර්මාන්තය විදේශයන්ගෙන් ලැබෙන මුදල් සහ සංචාරක ව්‍යාපාරය හරහා ලැබෙන මුදල් අතිශයින්ම වැදගත් ආර්ථික සාධකයකි. විදේශ විනිමය ගෙන ඒමේ ප්‍රධානම කාරණාවක් ලෙස අපි විදේශ සංචිත වැඩි කළ යුතුයි. විදේශයන්ට යන වියදම් අඩු කර නැවතත් මුදල් අපිට ගෙන ආයුතුයි.

එය නැවතත් ගොඩනැගීමට ඒ සම්බන්ධව අපි මේ වන විට සැලැස්මක් සැකසීම අවශ්‍යයය. කෝව්ඩ් 19 වලින් මිදුණු රටක් ලෙස ලෝකයට අපිව හඳුන්වා දිය යුතුව තිබේ.කෝව්ඩ් 19 හොඳින් පාලනය කරපු රටක් ලෙස අපි මෙරට ලෝකෙට හඳුන්වා දිය යුතු සේම අපි විදේශිකයන්ගේ ආකර්ෂණය වැඩි දියුණු කළ යුතුයි. එතනදී අපි අපේ රටේ තියෙන සියලුම සම්පත් එක තැනකට ගෙන ඒමට සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි.

මේ ව්‍යසනය නිසා බලපෑමක් එල්ල වූ අනෙක් අංශය අධ්‍යාපන ක්ෂේත්‍රයයි. එය ගත්විට රටේ අධ්‍යාපනය, ආර්ථිකයේ මෙන්ම අධ්‍යාපනය ක්ෂේත්‍රයේත් නව නව මාවත් සොයා යමින් දියුණු කළ යුතුයි. මේ අවස්ථාවේදී ඉතා හොඳින් අපිට නිරීක්ෂණය වූ කරුණක් නම් මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදේශීය රටවල විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වඩා කොතරම් ඉගැනිමේ ප්‍රවණතාවක් සහිතද කියන කාරණාවයි.

විදේශ රටවල්වල අධ්‍යාපනය ලබාගැනීමට විදෙස් විනිමය වැය කර ඇතිද කියන කරුණ අපි දුටුවා. මෙයින් පැහැදිලි කරුණක් වන්නෙ අපෙ රටේ තෘතීක අධ්‍යාපනය රැකියාවක් ලබා ගැනීමේ මට්ටමක නැති බවයි. විදෙස් විනිමය කොතරම් ප්‍රමාණයක් පිට රට වල විදේශ අධ්‍යාපනය සඳහා යොමු කරනවාද කියන කාරණාව අපිට පැහැදිලි යි. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය මේ මට්ටමට දියුණු කර ගතහොත් මේ විදේශ විනිමය වෙනත් රටවල් වලට යොමු වීම වළකා ගත හැකියි. මේ සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් අපි වෙනස් විය යුතුයි.

කොවිඩ් 19 නිසා උගත් පාඩමක් ලෙස අන්තර්ජාලය දියුණු කර ගැනීම; විශේෂයෙන් තොරතුරු තාක්ෂණය පැත්ත දියුණු කරගැනීම අත්‍යවශ්‍යයයි. විශාල සම්මුඛ සාකච්ඡා සහ සහ සම්මේලන පවා මේ වන විට අන්තර්ජාලය සමඟ පැවැත්වන ආකාරය අපි දුටිමු. මෙය අධ්‍යාපන ක්‍රමයට යොදාගැනීමෙන් විදේශ රටවලට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය මෙරට සිට ඉගෙනගත හැකියි. තෘතීයික අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි කිරීමට අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආචාර්ය, මහාචාර්යවරුන්ගෙ දැනුම ලබා ගත හැකියි.

අපට සිදුවූ වරද අපේ තිබුණු සියලුම සංස්කෘතික හර පද්ධතීන් සංස්කෘතික සමුදායන් සියල්ල ප්‍රයෝජනයට ගත හැකි සියලු දේ අත හැර බටහිරකරණයට, ගෝලීය ක්‍රමවේදයකට යන්න සූදානම් වීම යි. ආර්ථිකමය පැත්තෙනුත් වෙනත් රටවල් මත යැපෙන ආර්ථිකයක්, යැපුම් ආර්ථික වතාවක් මත මානසිකත්වයක් ඇතිකර ගැනීම සිදුවිය.

අපේ රටේ කොයි දේ තිබුණත් පිටරටින් ගෙන එන දෙයට වඩා වැඩි උසස් ස්ථානයක තබා කටයුතු කිරිමේ අතුරු ඵලයක් අද අත් විඳිනු ලබයි. විදේශ රටවල අපිට වඩා උසස් තාක්ෂණයක් තිබිය හැකියි. නමුත් අපේ සීමා තේරුම් නොගැනීමෙන් අපි කළ විශාල වරදකි. මේ ගෝලීයකරණය දී අපිට ගැටලුවක් නොවෙයි. මේ ගෝලියකරණය නිසා වෙනත් රටවල් මත ඒ හරහා අපට යැපෙන්නට සිද්ධ විය. කෝව්ඩ් 19 නිසා අපිට අවබෝධ වූ කාරණාව වන්නේ වෙනත් රටවල් මත යැපුණොත් ඒ රටවල් අසරණ වෙන තත්ත්වයකට පත්වූ විට අපිත් අසරණ වෙන බව.

මේ වන විට අපිට අපේ දේවල් භාවිත කරන්න වෙන තත්ත්වයක් උදාවී ඇත. ඕනෑම දේක හොඳ නරක තෝරා ගැනීමට අපිට කාල අවකාශයක් ලැබුණි.

සංස්කෘතිය තුළ තියෙන මූලික ඒකකය වන පවුල කියන සාධකය හොඳින් ග්‍රහණය කර සිටි සමාජයක පවුල සමඟ සිටීම මානසික ආතතියකට හේතුවක් වී ඇති ආකාරය අපිට මේ කාලයේ අසන්නට ලැබුණ කාරණාවකි. පවුල කියන එක ඇතුළේ ජීවත් වීම ඉතා ඉහළින් සැලකූ දෙයක් වුවත් අපි ඒ සංකල්පයෙන් කොච්චර ඈතට ගිහින් තියෙනවාද කියන එක අපි දුටුවා. නිවසේම රැදී සිටීම තුළ ආතතියක් ඇති වීම සම්බන්ධව කතාබහක් මේ වනවිට ඇති වී ඇත.

එසේම මේ පවුල කියන සංකල්පය ආතතියකට මුල් වූයේ ඒ පිළිබඳව අවබෝධයක් නොමැති වීම නිසයි.

පවුල කියන දේ හොඳින් ග්‍රහණය කරගෙන තිබුණු සමාජයක පවුලේ අගේ දැනගෙන සිටි සමාජයක පවුල ඉහළින් තබා සැලකූ සමාජයක තමන්ගේ පවුලත් සමඟ ජීවත් වීම මානසික ආතතියට කාරණාවක් වී තිබීම අතිශයින් භයානක තත්ත්වයකි.

ආර්ථිකය ගැන පමණක් හිතන තැනකට ජනතාව පුරුදු වී ඇත. ලෝකයම ඕනෑවට වඩා කාර්යබහුල වී ඇත. අපි යාන්ත්‍රික ලෝකයේ සංකීර්ණ චරිත බවට පත්ව ඇත. අන්තර්ජාලය හරහා සමාජ කාර්යයන් වැඩිවී ඇත.

අපි එදා ගමේ පන්සල ඉහළින් සැලකුවද අද ගමේ පන්සලෙන් අපි ඈතට ගොස් ඇත. එයත් ප්‍රසිද්ධිය හොයාගෙන හොඳම පන්සල වෙත යන තත්වයකට පත්ව ඇත. අද ගමේ අසල්වැසියා, ගමේ පන්සල, ගමේ ආහාර, දේශිය කෘෂිකර්මාන්තය, ගමේ කඩේ ගැන අපි දැන් කතා කරන්න පුරුදු වෙමින් සිටියි.

කෝව්ඩ් 19 තව වසරක් දෙකක් ඉස්සරහට පවතිනු ඇත. අපේ රටේ වුණත් සාර්ථක ලෙස මැඬ පැවැතුවද මාර්තු 11ට පෙර පැවැති තත්ත්වයට අපට යළිත් යා නොහැකිය. මේ ක්‍රමවේදය අපි දිගටම අවබෝධකින් යායුතු ය. සමාජ දුරස්ථභාවය, පෝලිමේ සිට වැඩ කිරිම, අත් සේදීම වැනි ක්‍රියා ඕනෑම සමාජයකට හොඳ පුරුදු ලෙස ඉදිරියට ගෙන යායුතුයි.

ඒ වගේම තමන්ගේ ආකල්පමය වර්ධනය වීමත් වැදගත්ය. මෙහිදී මේ දේශපාලන සංස්කෘතිය පවා උඩු යටිකුරු වන තත්ත්වයකට පත් විය. අනවශ්‍ය ලෙස මිනිස්සුන් රැස්කිරීම, මුදල් නාස්ති කරන අනවශ්‍ය ප්‍රචාරක කටයුතු සියල්ල නතර කර සාමකාමී ආකාරයට මේ දේශපාලන සංස්කෘතිය වුණත් හැසිරීම මේ කෝව්ඩ් 19 නිසා සිදු වූ වෙනසකි.

පශ්චාත් කෝව්ඩ් යුගය රටේ ආර්ථිකයේ දේශපාලනය කෘෂිකර්මය අධ්‍යාපනය සියල්ල උඩුයටිකුරු වන තැනකට පත් විය. එකාමෙන් එකට මේ කෝව්ඩ් 19 මෙරටින් තුරන් කිරීමෙන් පමණයි රට නැවතත් ගොඩනැගිය හැකි වන්නෙ.

මර්ධනයට සහාය වුවා සේම අනිත් අරමුණු සඳහා එකතුව නැවත ගොඩනඟන තැනට පැමිණිය යුතුයි. ලෝකෙටම අභිමානයක් ගෙන ආ ජාතිකයන් ලෙස යළිත් අභිමානවත්ව නැගී සිටීමට කටයුතු කළ යුතුයි. එය මේ රටෙ සියලු දෙනාගේ ජාතික වගකීමකි.

Comments