පාරිභෝගික ලොව නැවුම් බවේ සලකුණ කීල්ස් නැවුම් වන්නේ ඔබ වෙනුවෙන්මයි | සිළුමිණ

පාරිභෝගික ලොව නැවුම් බවේ සලකුණ කීල්ස් නැවුම් වන්නේ ඔබ වෙනුවෙන්මයි

ශ්‍රී ලංකාව, ජන ජීවිතය සහමුලින්ම අඩාල කළ කාලවකවානුවක දුෂ්කරම සමය හෙවත්, උපරිමය පසු කරමින් සිටී.

අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ක්‍රියාත්මක හෙයින්, ගෙවී ගිය එකී දුෂ්කර කාලය තුළ වුව කීල්ස් සුපර් මාර්කට් ජාලය, එක සේ කාර්යයබහුල වූවා මිස ඉසිඹුවක් නොලද්දේය. රට යථාවත් වන්නට පටන් ගෙන ඇති බැවින්, දැන් ඒ කාර්යයබහුල බව තව තවත් වැඩි වෙමින් තිබේ.

අවදානම සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති පසුබිමක, පිරිසක් තවමත් online ක්‍රමයට ආහාර ද්‍රව්‍ය ඇණවුම් කරමින් සිටිති. සුපර් මාර්කට් ජාලය විවෘතව ඇති හෙයින් තවත් පිරිසක් බඩු භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙමින් සිටිති.

තමන් වෙත විශ්වාසය තැබූ සෑම පාරිභෝගිකයකු වෙනුවෙන් ම උපරිමය ඉටු කරනු විනා, ඔවුන් අත්හැර දමන්නට කීල්ස් සූදානම් නැත. වෙහෙස මහන්සිය කොතෙක් වුවද , මේ මොහොතේ ඔවුන්ට එය, ජාතික වගකීමක් ඉටු කිරීමකි. 4500ක් තරම් වන විසල් සේවක මණ්ඩලයක් කීල්ස් ජාලය සතු වුවද පවතින තත්වය හා බැඳුණු විවිධ හේතූන් නිසා තවමත් වැඩෙහි යෙදෙන්නේ, ඉන් තුනෙන් එකක් තරමේ ප්‍රමාණයකි.

දැඩි උවමනාව තිබුණත් විවිධ හේතූන් නිසා සෑම දෙනාටම සේවයට වාර්තා කිරීමට නොහැකි පසුබිමක , ඔවුහූ සමාගමක් ලෙස සිය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යන්නට අවශ්‍ය සියලුම උපායමාර්ගික ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිටිති.

ඒ අනුව, තාවකාලික බඳවා ගැනීම් සියයක් සිදුකළ අතර සුපර් මාකට් ඇතුළේ සිදු වන මෙහෙයුම් කටයුතු සඳහා ඔවුන්ගේ සේවාව ලබාගන්නා ලදී. ඇණවුම් කළ බඩු භාණ්ඩ, නිවෙස් වෙතම ගෙන ගොස් බාර දීමේ 'හෝම් ඩිලිවරි ' සේවාව සඳහා තවත් 700 දෙනකු බඳවා ගැණිනි.

e-commerce හෙවත් අන්තර්ජාල වෙළෙදාම ඒ වන විට එතරම් සුලබ දෙයක් නොවූවද පාරිභෝගිකයන්ගේ නොනවතින ඉල්ලීම් සහ ඇණවුම් ලබා ගැනීමේදී සිදුවන අඩුපාඩුකම් සහ ගැටලු හමුවේ යළි යළිත් අලුත් වෙමින්, අන්තර්ජාල වෙළෙඳාමට අවශ්‍ය නව්‍යතා රැසක් එක් කරන්නට කීල්ස් සුපිරි වෙළෙඳසැල් ජාලයට හැකි විය. ඒ, ' කීල්ස් අපි නැවුම් වන්නේ ඔබ නිසාමයි..' යන තේමාව තවත් වරක් තහවුරු කරමිනි.

ඒ අනුව, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 97කින් පටන් ගත් ඔවුන්ගේ අන්තර්ජාල ඇණවුම් ලැයිස්තුව දැන් බඩු භාණ්ඩ 450 දක්වා පුළුල්කොට තිබේ. ඉදිරියේදී එම ලැයිස්තුවට, ඇණවුම් කළ හැකි තවත් බඩු භාණ්ඩ එක් වනු ඇත.

මේ වන විට, ඔන්ලයින් ඇණවුම් සදහාම වෙන්වූ මධ්‍යස්ථාන දෙකක් ක්‍රියාත්මක කිරීමටද කීල්ස් පියවර ගෙන තිබෙනුයේ, ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීමට දැඩි උනන්දුවක් දක්වන පාරිභෝගිකයින් වෙනුවෙනි. එසේම, මුල් කාලයේ සපුරාලිය හැකි වූයේ දිනකට ඇණවුම් 1000ක් පමණක් වුවද, දැන් එය 10,000 දක්වා වර්ධනය කරන්නට ද ඔවුන්ට හැකි වී තිබේ.

සිය පාරිභෝගිකයා පිළිබඳ සිතන අතරම, කොවිඩ් වසංගතයට රට මුහුණ පා සිටින අවස්ථාවේ සමාජයට වැඩදායී යහපත් පියවරයන් රැසක් සඳහා දායක වන්නට කීල්ස් ඉදිරිපත් වූයේ දෙවරක් නොසිතාය.

2010 වසරේ සිට කීල්ස් වෙත එළවළු පලතුරු සපයන ගොවීන් බහුල සූරියවැව ප්‍රදේශය කොවිඩ් වසංගතය හමුවේ හුදෙකලා කළ අවස්ථාවේ, එම ප්‍රදේශයේ පවුල් තුන්සියයකට පමණ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීම, ගම්පහ දිස්ත්‍රික් රෝහල වෙත N 95 වර්ගයේ මුහුණු ආවරණ පන්සියයක් ලබා දීම, මේ දුෂ්කර අවස්ථාවේ ගම් බිම්වලට නොගොස්, කීල්ස් වෙත රැඳී වැඩ කළ සේවකයන්ගේ පවුල් 2,103ක් සඳහා අත්‍යවශ්‍ය ආහාර මලු බෙදා දීම... ඒ සද්කාර්යයන්ගෙන් කිහිපයක් පමණි. පසු කරමින් සිටිනුයේ අතිශය දුෂ්කර කාල පරිච්ඡේදයක් වුවද, ඉදිරිය පිළිබඳ දැක්මක් ඇතිව කටයුතු කිරීම කීල්ස් සම්ප්‍රදායයි.

කීල්ස් සිල්ලර වෙළෙඳ අංශයේ සභාපති, චරිත සුබසිංහ මහතා ඒ පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි.

" ඇත්තටම අපි කළේ, මිෂන් එකක්. එක් පැත්තකින් අපේ එළවළු සහ පලතුරු ගොවීන්, ධීවර ප්‍රජාව, සැපයුම්කරුවන් සහ කුඩා ව්‍යවසායකයන් රැක ගත යුතු වුණා. ඔවුන්ගේ ව්‍යාපාර නොවැටී පවත්වාගෙන යන්නට උදව් කළ යුතු අතර ම, ගොවිජනතාවගේ අස්වනු නැවුම් බව තිබියදීම අපගේ එකතු කිරීම් මධ්‍යස්ථාන හය හරහා අඛණ්ඩව මිලදී ගත යුතු වුණා. බෙදා හැරීමට තරම් ප්‍රමාණවත් බඩු භාණ්ඩ ගබඩා තුළ රැස් කර ගත යුතු වුණා. ඒවායේ බෙදාහැරීම් කටයුතු පෙර පරිදිම අඛණ්ඩව සිදුකළ යුතු වුණා.

අනෙක් අතට, කීල්ස් සුපර් මාර්කට් කියන්නේ, දවසකට ලක්ෂ එකහමාරක් විතර පාරිභෝගිකයින් යන එන තැනක්. එතෙක් අපේ හැම සිස්ටම් එකක්ම හැදිලා තිබුණේ, පාරිභෝගිකයන් සුපර් මාර්කට් එක ඇතුළට ඇවිත් බඩු මිල දී ගන්නා ක්‍රමවේදයකට ගැළපෙන ආකාරයෙන්. Online site එකක් තිබුණත් අපි දවසකට සියයක් තරම් වත් ඩිලිවරි කළේ නැහැ.නමුත් මේ හදිසි අවස්ථාව් අපිට සිද්ධ වුණා, ඉතාම කෙටි කාලයක් ඇතුළත අපේ Business Model එක විශාල පරිවර්තනයකට ලක් කරන්න. එහෙම පිටින්ම ඩිලිවරි සේවාව පදනම් කර ගත් ක්‍රමවේදයකට යන්න.

අන්තිමේ, දාහකින් පටන් අරන් දවසකට දහදාහ දක්වා ඇණවුම් ප්‍රමාණයක් සැපයිය හැකි තරමට ඒ බිස්නස් මොඩ්ල් එක අපි දියුණු කළා, ඒ, හැම දවසකම මුහුණ පාන්නට සිදු වූ පාරිභෝගික ගැටලුවලට දුන් විසඳුම් ඔස්සේයි. ඉදිරියේදී අපිට පුළුවන්, රටේ අවශ්‍යතාව අනුව අපේ Online සේවාව තවත් පැති කරා සංවර්ධනය කරන්න. මොකද, අවදානම මොනතරම් පහව ගියත්, තමන්ගේ ආරක්ෂාව ගැන හිතලා සුපර්මාකට් එකක් ඇතුළට ගොස් බඩුමිල දී ගැනීමට කාලය ගත කරන්න අකමැති පාරිභෝගික පිරිසක් තවමත් සිටිනවා. ඉදිරි කාලය තුළ ඉතාමත් කඩිනම් සහ පාරිභෝගික හිතකාමී සේවාවක් ලෙස මෙම අංශය ව්‍යාප්ත කිරීමයි, අපගේ ඉලක්කය.

එමෙන්ම, ලොව බොහෝ රටවල සිදුවූ ආකාරයෙන් මේ වන විට අපේ රටෙත් බොහෝ නිෂ්පාදන අංශ ඇණහිටලා. නමුත්, සමස්ත ආර්ථිකයම ඇණ හිටපු වෙලාවක වුණත් ලෝකයේ කඩා නොවැටෙන ව්‍යාපාර තමයි, සුපර්මාකට් කියන්නේ. මොකද, ආහාර ද්‍රව්‍ය නැතුව මිනිසුන්ට පැවැත්මක් නැහැ. ඒ නිසාම,මේ අසීරු කාලවල වුණත් සුපිරි වෙළෙඳසල් ආශ්‍රිතව නව රැකියා අවස්ථා උත්පාදනය කරන්න පුළුවන්. එහි එක් අවස්ථාවක් ලෙස, වැඩි අවධානයක් යොමු නොවුණු කුඩා ව්‍යවසායකයන්ට කීල්ස් සුපර් මාර්කට් ආශ්‍රිතව නව ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරන ක්‍රමවේදයක් පිළිබඳව අප සැලසුම් කරමින් සිටිනවා. 'Community bay 'නම් මේ සංකල්පය තුළින්, ගෘහාශ්‍රිත නිෂ්පාදන අලෙවි කරන කුඩා ව්‍යවසායකයින්ට, කීල්ස් සුපිරි වෙළෙඳසල් පරිශ්‍රයන් තුළ හෝ අප සතු විශාල කාර් පාර්ක් තුළ යම් ඉඩක් දෙන්නට අප බලාපොරොත්තු වනවා.

ඒ සඳහා අප අවස්ථාවන් ලබා දෙන්නට අප බලාපොරොත්තු වන්නේ, කීල්ස් නිෂ්පාදන වලට සමාන රසයක් සහ නියමයන්ට අනුව ගෘහාශ්‍රිතව නිපැයුම් කරන කුඩා ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සඳහා පමණයි. රටක් වශයෙන් ආර්ථික නැඟීමකට යා යුතු මෙවැනි දුෂ්කර කාලයක, මේ සංකල්ප ක්‍රියාත්මක කිරීම හරහා අප බලාපොරොත්තු වන්නේ, ප්‍රජාව බලගැන්වීමයි. ආර්ථිකය යළි නැංවීමයි. අපේ මිෂන් එක සම්පූර්ණ වුණා කියලා දැනෙන තෙක් අප මේ දේවල් රට වෙනුවෙන් කරනවා..."

ඉදිරිය පිළිබඳ එසේ පරාර්ථකාමීව දකින්නට අද හැකියාව ඇත්තේ කීල්ස් වෙත ඇති, මව් සමාගම හා බැඳුණු, ශක්තිමත් පදනමයි. එවැනි පදනමක් සහිත අතීතයයි.

ඒ අතීතය සුළුපටු කාලයක් නොව වසර 150කි. සියවස් එකහමාරක් වැනි දීර්ඝ ඉතිහාසයකි.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ක්‍රියාත්මක වන, විවිධ කර්මාන්ත අංශ හතක විහිදුණු සමාගම් 70කට අධික සංඛ්‍යාවක් ඇති, ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන කීල්ස්, සිය පළමු සුපිරි වෙළෙඳසල ආරම්භ කළේ1991 වසරේ, ලිබර්ටි ප්ලාසා හිදී ය.

අද, රට පුරා විසිරී ඇති ප්‍රදර්ශනාගාර ප්‍රමාණය 108 කි. සේවය කරන පිරිස 4500 කි. එළවළු හා පළතුරු ගොවීන් 2530ක් සෘජුවම කීල්ස් වෙත සිය අස්වනු සපයන අතර, වක්‍රව යැපෙන ධීවර ප්‍රජාව සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ප්‍රමාණය ද අතිමහත්ය.

ලාංකේය ගොවි ප්‍රජාවට වෙළෙඳපොළක් නිර්මාණය කරමින්, පාරිභෝගිකයා වෙත උසස් තත්ත්වයේ ආහාර ද්‍රව්‍ය තරගකාරී මිල ගණන් යටතේ සපයමින්, නැවත භාවිත කළ නොහැකි ප්ලාස්ටික් පොලිතීන් භාවිතය අවම කිරීම හා ඊට විකල්ප හඳුන්වා දෙමින්, දරුවන්ගේ අධ්‍යාපනයට කැප වෙමින් ... කීල්ස් ආ ගමන සම්මානනීය වූයේ වරක් දෙවරක් නොවේ.

ඒ සියල්ල අතරින්, මේ වසරේ LMD සහ Brand Finance ශ්‍රේණිගත කිරීම් අනුව, "Most valuable supermarket brand..." බවට පත් වී, 2020 වසරේ "Top10 brand" අතර දිදුළන්නට කීල්ස් සුපර් මාකට් ජාලයට හැකි වූයේය.

සිය මව් සමාගම, අභිමානවත් 150 වැනි සංවත්සරය සමරන මේ වසරේදී ලබා ගත් එකී සම්මානනීය බව, සැබවින්ම කීල්ස් ලද සුවිශේෂී ජයග්‍රහණයකි.

Comments