අපේකම ගැන හිතන අපේම බැංකුව මහජන බැංකුව | සිළුමිණ

අපේකම ගැන හිතන අපේම බැංකුව මහජන බැංකුව

ජනතාවගේ හද ගැස්ම හඳුනන ළෙන්ගතුම බැංකුව

රාජ්‍ය බැංකුවක ආරක්ෂාව හා විශ්වාසය උපරිම ලෙස තහවුරුයි

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍ය වාණිජ බැංකු අතර මහජන බැංකුවට ඇත්තේ වෙනස්ම අනන්‍යතාවයකි. 1961 දී පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද අංක 29 දරන මහජන බැංකු පනත යටතේ එවක පැවැති සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ රජයේ වෙළෙද හා සමූපකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ටී.බී.ඉලංගරත්න මහතා මූලිකව වින්සන්ට් සුබසිංහ මහතාගේ සභාපතීත්වයෙන් මෙරට රාජ්‍ය වාණිජ බැංකුවක් ලෙස ස්ථාපිත කරන ලද මහජන බැංකුව වටා; ජාති, ආගම්, කුල, මල, වර්ණ බේදයකින් තොරව ශ්‍රී ලාංකික පොදු ජනතාව ඒකරාශී වීම ඇරඹුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දිවයින පුරා ක්‍රියාත්මක වූ සමූපකාර බැංකු ශාඛාවන්ද මහජන බැංකුව වෙත අනුයුක්ත කරන ලදී. ඉන් පසුව 1988 අංක 30 දරන බැංකුකරණ පනත යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකුවක් ලෙස පත් වුණු මහජන බැංකුව එතැන් සිට මේ දක්වා බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන තම ආදරණීය ගනුදෙනුකාර ජනතාව වෙත එකිනෙකට වෙනස් සුවිශේෂී බැංකු හා මූල්‍ය සේවා රැසක් පිරිනමමින් ජනතාවගේ හදවතට ඉතාම සමීප වී ඇත.

මහජන බැංකුව ගෙවී ගිය 59 වසරක එහි ඉතිහාස කතාව තුළ තමන් සතු ප්‍රවීණත්වය මෙන්ම ප්‍රෞඪත්වයද රැක ගනිමින් මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය අතර සිය ජනප්‍රියත්වය සෑම විටම ආරක්ෂා කර ගනිමින් සිටියි. එම බැංකුවේ මූල්‍ය ණය සහන ලබා ගනිමින් ව්‍යාපාර කටයුතු ආරම්භ කළ දේශීය ව්‍යවසායකයන් රැසක් ඉතා කෙටි කලක් තුළ තම ව්‍යාපාර ක්ෂේත්‍රයන්හී මුදුනටම ගමන් කර ඇත. ඇඟලුම්, ඉදිකිරීම්, කෘෂිකාර්මික, ආනයන හා අපනයන,දේපළ වෙළඳාම්, ආහාර පාන,සෞඛ්‍ය සේවා, නිෂ්පාදන, බලශක්ති, ධීවර, සංචාරක, ප්‍රවාහන සහ සන්නිවේදන ක්ෂේත්‍රයන්හි නම ගිය ව්‍යවසායකයන් රැසක්ම ඒ අතර සිටින අතර; එකී ව්‍යවසායකයන්ගේ විවිධාකාර වූ අවශ්‍යතාවන් වලට වඩාත් ගැළපෙන පරිදි පරිදි එම සියලුම ව්‍යාපාරික ණය සේවා සැලසුම් කිරීමට මහජන බැංකුව කටයුතු කර තිබීම ප්‍රශංසනීය වේ. එපමණක්ද නොව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සදහා සහනදායී පොලී අනුපාත යටතේ කෙටි කාලීන හා දිගු කාලීන ණය යෝජනා ක්‍රම රැසක්ම මහජන බැංකුව විසින් හඳුන්වා දී ඇති අතර ස්වයං රැකියා කරන්නන් නඟා සිටුවීම සඳහා විවිධ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමද මහජන බැංකුව ලබා ඇති සාර්ථකත්වයේ ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැකි වේ.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් සඳහා නිවසක සිහිනය සැබෑ කර දෙන නිවාස ණය යෝජනා ක්‍රමද මහජන බැංකුව විසින් හඳුන්වා දී ඇත. එකී නිවාස නිවාස ණය යෝජනා ක්‍රමද මහජන බැංකුවේ වඩාත් ඵලදායී ණය යෝජනා ක්‍රමයන් අතර ඉදිරියෙන්ම සිටියි.

තවද වෘත්තිකයන් සඳහා අවශ්‍ය පුද්ගලික ණය යෝජනා ක්‍රම මෙන්ම අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සදහා වන ණය යෝජනා ක්‍රමද මහජන බැංකුව මගින් ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක කෙරේ. ඊටත් අමතරව ආරක්ෂාකාරීව ගනුදෙනු කළ හැකි, සිදු කරන ගනුදෙනුවලදී වැඩි වැඩියෙන් ප්‍රතිලාභ ලබා දෙන පීපල්ස් ක්‍රෙඩිඩ් කාඩ් පතද ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා ජීවිතයේ කටයුතු වඩාත් පහසු කර ගැනීමට ඉමහත් රුකුලක් ලබා දී ඇත. පීපල්ස් ක්‍රෙඩිට් කාඩ් මෙන්ම ඩෙබිට් කාඩ් මගින්ද දේශිය සහ අන්තර්ජාතික වෙළෙද සැල් රැසකින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ පහසුව සැලසේ.

මීට අමතරව ආයතනික ගනුදෙනුකරුවන් වෙත අවශ්‍ය බැංකු සේවාවන් මහජන බැංකුවේ ආයතනික බැංකු අංශය විසින් ලබාදෙන අතර, ලොව පුරා රටවල් රැසක සිටින සිය නියෝජිතයින් සමඟ සම්බන්ධතා පවත්වමින් අන්තර් ජාතික වෙළෙඳාම් වල යෙදෙන ආයතනික ගනුදෙනුකරුවන් වෙත මූල්‍ය පහසුකම් සහ උපදේශන සේවා ලබා දීමද මහජන බැංකුව මගින් ඉටු කරයි. විදෙස් රටවල සිට මෙරටට මුදල් එවීමෙදී මෙන්ම, විදේශ රටවලට මුදල් යැවීමේදී ඉතා ප්‍රයෝජනවත් වන විදේශ ප්‍රේෂණ ගනුදෙනු සම්බන්ධවද ගනුදෙනුකරුවන් මහජන බැංකුව කෙරෙහි විශ්වාසය තබා ඇති අතර එකී විදේශ ප්‍රේෂණ ගනුදෙනු ලෙස පීපල්ස් ඊ රෙමිටන්ස් සේවාව,පීපල්ස් ඉන්ස්ටන්ට් රෙමිට් සේවාව,ස්විෆ්ට් මගින් මුදල් හුවමාරුව හා වෙස්ටන් යුනියන් සේවාව කැපී පෙනේ.

මහජන බැංකුවේ නිතර නිතර යාවත්කාලීන වන දත්ත වලට අනුව මේ වනවිට එම බැංකුව රට පුරා විසිරුණු ශාඛා 737 ක් සමගින් මිලියන 10 කට අධික ගනුදෙනුකරුවන් පිරිසකට තම සේවාවන් සලසයි. නවීන තාක්ෂණය සමඟ අනුගත වෙමින් ගනුදෙනුකාර භවතුනට වඩාත් කාර්යක්ෂම බැංකු සේවාවක් ලබාදීම අරමුණු කර ගනිමින් මේ වන විට මහජන බැංකුවේ සියලුම ශාඛා එකම ජාලයකට ජාලගත කර ඇත.

එම ශාඛා ලංකාවේ සියලුම නගර, දිස්ත්‍රික්ක හා පළාත් ආවරණය වන පරිදි දිවයින පුරාම පිහිටා ඇති අතර බැංකුව මගින් සේවා ලබා දෙන ස්වයංක්‍රීය ටෙලර් (ATM) යන්ත්‍ර සංඛ්‍යාව 755ක් දක්වාද CDM සංඛ්‍යාව 270 දක්වාද KIOSKS සංඛ්‍යාව 220 දක්වාද වැඩි වී ඇත. මහජන බැංකුව හා එහි ශාඛා ජාලය සම්බන්ධ මෙම ස්වයංක්‍රීය ටෙලර් (ATM) යන්ත්‍ර වලටද අමතරව වඩා කාර්යක්ෂම සේවාවක් ලබා දීම ඉලක්ක කර ගනිමින් මෙම බැංකුව Lanka Pay ජාලය හරහා ATM යන්ත්‍ර 4,000 කට අධික සංඛ්‍යාවක් සමගද සම්බන්ධ වී තිබේ. එමෙන්ම පරිගණක හා ටෙලර් යන්ත්‍ර සහිත මාර්ගගත ජංගම බැංකු සේවාවක් ද දිවයින පුරා සේවයේ යොදවා ඇත්තේ ඕනෑම ස්ථානයක සිට බැංකු පහසුකම් ලබා ගැනීමට අවස්ථාව සලසා දෙමිනි. බැංකු ක්ෂේත්‍රයේ විවිධ අංශයන්හි පළපුරුද්ද ඇති 8000 කින් පමණ සමන්විත ස්ථිර කාර්ය මණ්ඩලයක් බැංකුවේ සාර්ථකත්වය රැඳි ගමන පසුපස යෝද සෙවණැල්ලක් වෙමින් අති විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරමින් සිටියි.

මහජන බැංකුව මගින් සිදු කරන සුපුරුදු බැංකු සේවා අතර ගනුදෙනුකරුවන්ගේ ආදරය, ගෞරවය හා විශ්වාසනීයත්වය දිනා ගත් තවත් අද්විතීයම සේවාවක් වන්නේ කුඩා දරුවාගේ සිට පරිණත වැඩිහිටියන් දක්වා විවිධ වයස් කාණ්ඩ හා පිරිස් ඉලක්ක කර ගනිමින්ම හදුන්වා දී ඇති ඉතිරිකිරීමේ ගිණුම් වේ. ඉතා ආකර්ෂණීය හා තරගකාරී පොලී අනුපාත පිරිනමමින් ඉතිරි කරන මුදලට උපරිම ප්‍රතිලාභ හා ආරක්ෂාව ලබා දෙන එම විශේෂ ඉතුරුම් ගිණුම් අතර ඉසුරු උදාන, සිසු උදාන, Yes,වනිතා වාසනා, පරිණත, ජන ජය, ආයෝජන ඉතුරුම් ගිණුම, අස්වැන්න ඉතුරුම් හා ආයෝජන ගිණුම යන ඉතුරුම් ගිණුම් සදහා ගනුදෙනුකරුවන් විශාල පිරිසක් ආකර්ෂණය වී ඇති බව පෙනේ. ඉතුරුම් ගිණුම් පමණක් නොව මහජන බැංකුවේ ජංගම ගිණුම් සඳහාද ගනුදෙනුකරුවන් අතර වැඩි කැමැත්තක් ඇත.

එපමණක්ද නොව මහජන බැංකුව විසින් හඳුන්වා දී ඇති ස්ථාවර තැන්පතු සමග සම්බන්ධව සිය ඉතුරුම් මුදල් වර්ධනය කර ගැනීමට ගනුදෙනුකරුවන්ගේ වැඩි කැමැත්තක් ඇති බවද පෙනී යයි. තම ස්ථාවර තැන්පතු සඳහා රාජ්‍ය බැංකුවකින් ලැබිය යුතු ආරක්ෂාව උපරිමයෙන් හිමි වීමත්, එකී තැන්පතු සදහා තරගකාරී ඉහළම පොලී අනුපාත හිමි වීමත් ගනුදෙනුකරුවන් මහජන බැංකුව කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇති හේතු ලෙස සදහන් කළ හැකිය.

මහජන බැංකුව විසින් ලබා දෙන මේ සියලු බැංකු සේවා අතර කැපී පෙනෙන තවත් සේවාවක් වන්නේ රාජ්‍ය බැංකුවක ආරක්ෂාව හා විශ්වාසය තවදුරටත් තහවුරු කරන උකස් සේවාවයි. මෙහිදී ඒ සදහා වෙළෙදපොළ තුළ හිමිවන හොදම මිල මෙන්ම අවම පොලී අනුපාතයන් හිමි වන අතර කොටස් වශයෙන් ගෙවා බේරා ගැනීමේ පහසුවද සලසා දී ඇත.

සෑම අවස්ථාවකම නව තාක්ෂණය හා බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ නැවුම් ප්‍රවණතා උකහා ගනිමින් මෙන්ම ඊට අනුගතවද සිය ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂා මල් ඵල ගැන්වීම මහජන බැංකුවේ අරමුණයි. ඒ අනුව මෙරට බැංකු හා මූල්‍ය සේවා සපයන ආයතන අතරින් ඩිජිටල්කරණ බැංකු සේවා සඳහා මුල්ම ප්‍රවේශය ලබා ගත්තේද මහජන බැංකුවම වේ.

දැනට ලොව පවතින දියුණුතම තාක්ෂණික පදනමක් සිය ඩිජිටල්කරණ ක්‍රියාවලිය සඳහා මහජන බැංකුව උපයෝගී කරගෙන ඇති අතර බැංකු ක්ෂේත්‍රය තුළ පෙරමුණට පැමිණීමට උපකාරී වන මෙම නවතම තාක්ෂණය මෙරටට හඳුන්වාදෙනු ලැබුවේ ප්‍රථම වරට වීමද විශේෂත්වයකි.

බැංකු ක්ෂේත්‍රය බොහෝ සේවා මේ වනවිට ඩිජිටල් යුගයට පිවිසෙමින් සිටින අතර, මහජන බැංකුව මෙම ගමනේ පෙරමුණ ගෙන සිටී. එමෙන්ම ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට අනුගත වෙමින් සහ පහසුව, උසස් ප්‍රමිතිය හා විශ්වසනීයත්වය වැනි ගුණාංග තවදුරටත් තහවුරු කරමින්, ගනුදෙනුකාර කේන්ද්‍රීය බැංකුවක් ලෙස ඉදිරියට යන ගමන අතරතුර මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය සමගින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුව බවට පත්වීම මහජන බැංකුව සතු තවත් ප්‍රමුඛ අපේක්ෂාවකි.

මොබයිල් වේව් බෑන්කින්, පීපල්ස් නෙට් හා පීපල්ස් පාම් ටෝප් වැනි නවීන බැංකුකරණ අත්දැකීම් ද සිය ගනුදෙනුකරුවන් වෙත මහජන බැංකුව පිරිනමා ඇත. ඩයලොග්, මොබිටෙල් සහ එටිසලාට් ජංගම දුරකථන ජාල සමඟ අත්වැල් බැදගනිමින් පීපල්ස් වේව් මොබයිල් බෑන්කින් සේවාව තුළින් ගනුදෙනුකරුවනට බැංකු ශාඛාවට නොගොස් ජංගම දුරකථනයෙන්ම බැංකු ගනුදෙනු කිරීමේ, බිල්පත් ගෙවීමේ පහසුව සලසා තිබේ.

එමෙන්ම පීපල්ස් නෙට් වෙබ් අඩවිය මඟින් අන්තර්ජාල බැංකු පහසුකම් ලබාගත හැකිය.

මහජන බැංකුව අවස්ථා ගණනාවකදීම දෙස්, විදෙස් සම්මානයන්ගෙන් මෙන්ම සුවිශේෂ පිළිගැනීම් රැසකින්ද පිදුම් ලබා ඇති බැංකුවකි. එකී සෑම සම්මානයක් මෙන්ම පිළිගැනීමක්ම බැංකුවේ සේවා කොයිතරම් දුරට මෙරට ජනතාව අතර පිළිගැනීමට ලක්ව තිබෙනවාද යන කරුණට පිළිතුරු සපයයි.

M/s Fitch Ratings Lanka සමාගම විසින් බාහිර ණය ශ්‍රේණීගත කිරීම AA+(lka) සහ AAA- බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ලංකා සමාගමේ ශ්‍රේණිගත කිරීම්ද ඔවුන් හිමි කර ගෙන තිබේ. යුරෝපීය ගෝලීය බැංකුකරණ හා මූල්‍ය සම්මාන ප්‍රදානෝත්සවය හා ලෝක මූල්‍ය බැංකුකරණ සම්මාන ප්‍රදානෝත්සවය වැනි ජාත්‍යන්තර සම්මාන ප්‍රදානෝත්සවයන්හීදී සම්මාන හා පිළිගැනීම් රැසකින් පිදුම් ලැබූ මහජන බැංකුව එෂියන් බෑංකර් සගරාවට අනුව ආසියාවේ විශාලතම බැංකු අතර 400වන කීර්තිමත් ස්ථානය මෙන්ම ද බෑංකර් (එක්සත් රාජධානිය) සගරාවට අනුව ලොව ඉහළම බැංකු 1000 ට තේරී පත් වීම වැනි සම්මාන හා පිළිගැනීම් ජාත්‍යන්තර වශයෙන් හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ ඇති කුසලතාවයන් ලොව හමුවේ ප්‍රදර්ශනය කර එහි කීර්තිය මෙරටටද හිමි කර දී තිබේ. 2020 SLIM-Nielson People Awards සම්මාන ප්‍රදානෝත්සවයේදීද "වසරේ වඩාත්ම ජනතාවට සමීපතම සේවා නාමය" හා "ජනතාවට සමීපතම බැංකු සේවා සපයන්නා" යන සුවිශේෂම සම්මානයන්ගෙන්ද මහජන බැංකුව පිදුම් ලැබූ අතර ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන ප්‍රදාන උළෙලේදී "ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව" වැනි ඉතා වැදගත් සම්මාන රැසක් මහජන බැංකුව විසින් හිමි කර ගෙන තිබීමද විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණාවකි.

මේ වන විට මහජන බැංකුව සතු ආශ්‍රිත සහ පරිපාලිත සමාගම් ලෙස පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී ,පීපල්ස් මර්චන්ට් බෑන්ක් ලිමිටඩ්,පීපල්ස් ට්‍රැවල්ස් ලිමිටඩ් හා පීපල්ස් ඉන්ෂුවරන්ස් පී.එල්.සී යන සමාගම් සිය සේවා බලාපොරොත්තුවන ජනතාවට මාහැගි සේවාවන් ලබාදෙමින් මහජන බැංකුවේ රුවින්,ගුණින් හා තේජසින් පිරිපුන් වූ සිය පෞරුෂත්වය තවදුරටත් ඔප්මට්ටම් කර ගනිමින් සිටී.

ගිණුම්කරණ සහ විගණන තත්ව, ගිණුම්කරණ සහ විගණන පරිච, මුල්‍ය විනය සහ මුල්‍ය ආචාර ධර්මවලට අදාළ රාජ්‍ය රෙගුලාසි, මානව සම්පත් කළමනාකරණ සහ පුද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේ ද සමස්ත කළමනාකරණ මූලධර්ම සහ පරිච පිළිබඳ හසල අත්දැකීම් රාශියක් ඇති වරලත් ගණකාධිකාරීවරයකුද වන සුජීව රාජපක්ෂ මහතා මහජන බැංකුවේ වර්තමාන සභාපතිධූරය හොබවන අතර මලිඳු රණසිංහ, සුදර්ශන් අහංගම, මංජුල වෙල්ලාලගේ, කුමාර් ගුණවර්ධන, කීර්ති ගුණතිලක, ඉසුරු බාලපටබැදි හා කේ. ඒ. විමලෙන්තිරාජා යන විවිධ ක්ෂේත්‍රයන්හි කටයුතු කර අත්දැකීම් හා පරිචය ලබා ඇති වෘත්තීයවේදීන් පිරිසක් මහජන බැංකුවේ සෙසු අධ්‍යක්ෂවරු ලෙස කටයුතු කරති.

**************************

මෙරට ආර්ථිකයට අවශ්‍ය ජවය හා ශක්තිය ලබා දීම අපේ අරමුණයි

එම්.ඒ. බොනිපස් සිල්වා

වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී, සාමාන්‍යාධිකාරී,මහජන බැංකුව

මහජන බැංකුව මේ රටේ ජනතාවගේ ආදරය,ගෞරවය හා විශ්වාසය නොඅඩුව දිනා ගත් රාජ්‍ය අංශයේ පාලනය යටතේ ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකුවක්. රටේ සෑම ජන කොටසකටම අවශ්‍ය කරන බැංකු හා මූල්‍ය සේවා ලබා දීම අරමුණු කර ගනිමින් 1961 වර්ෂයේදී මහජන බැංකුව ආරම්භ කරන ලද අතර; මේ වන විට පුරා වසර 59 ක කාලයක් තුළ බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ සිය ප්‍රවීණත්වය තහවුරු කර ගනිමින් ජනතාවට අවශ්‍ය හා ජනතාව බලාපොරොත්තු වන සේවා ඉතා විශිෂ්ට ලෙස ඉටු කර දී තිබෙනවා.

අප හැම විටම වගකීමකින් යුක්තව කටයුතු කරන බැංකුවක්. කොවිඩ් 19 නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය තුළ පීඩාවට පත්වූ අපගේ වටිනා ගනුදෙනුකරුවන් වෙනුවෙන් අප ලබා දුන් සේවය එම වගකීම පිළිබදව ජනතාවට ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට හැකි වූ බවට අප විශ්වාස කරනවා.

ඇදිරි නීතිය ක්‍රියාත්මකවූ පසුබිම තුළත් මහජන බැංකුවේ ශාඛා බොහොමයක් අප විවෘත කර තැබීමට කටයුතු කළේද ජනතාවගේ අවශ්‍යතා සදහා මුල්තැන ලබා දිය යුතු නිසයි. එමෙන්ම සියලු තාක්ෂණික පහසුකම් වලින් සපිරි අපගේ ජංගම බැංකු සේවා රථ ජනතාවට අවශ්‍ය එම බැංකු හා මූල්‍ය සේවා කඩිනමින් සපුරාලීම සදහා අප විසින් අර්ථාන්විතව යොදා ගත් බවත් සදහන් කළ යුතුයි.

එපමණක් නොව කොරෝනා ව්‍යාප්තිය හමුවේ රජය විසින් ක්‍රියාත්මක කරන ලද සහන ලබා දීමේ වැඩපිළිවල යටතේ යෝජනා කර තිබුණු සියලුම සහන අපගේ ගනුදෙනුකාර භවතුන් වෙත කඩිනමින් ලබා දීම සදහා අවශ්‍ය කරන වැඩපිළිවල දැනටමත් අප විසින් ඉතා සාර්ථක ලෙස ඉටු කරමින් තිබෙනවා. මීට අමතරව අප සෑම විටම රජයේ සංවර්ධන වැඩසටහන් සමග අත්වැල් බැද ගනිමින් කටයුතු කරන බැංකුවක්.

මේ වන විටත් මෙරට කෘෂි, ධීවර හා පශු සම්පත් යන ක්ෂේත්‍ර සමඟ සම්බන්ධව රටේ ආර්ථික සංවර්ධනය තහවුරු කිරීම සදහා වත්මන් රජය ආරම්භ කර ඇති ආර්ථික වැඩපිළිවලට අපගේ සක්‍රීය දායකත්වය ලබා දෙමින් මහජන බැංකුවේ "අස්වැන්න" ණය යෝජනා ක්‍රමය හදුන්වා දීමටද අප කටයුතු කළා.

ජනතාවගේ හද ගැස්ම හඳුනා ගත් අපේකම ගැන හිතන රාජ්‍ය වාණිජ බැංකුවක් ලෙස ඉදිරියේදීත් මෙරට ආර්ථිකයට අවශ්‍ය ජවය හා ශක්තිය ලබා දීම සඳහා මහජන බැංකුව නොපසුබටව කටයුතු කරනු ඇති බව මගේ විශ්වාසයයි.

Comments