5,000 සහනාධාරය නතර කළොත් ලක්ෂ 61ක් කබලෙන් ළිපට | Page 3 | සිළුමිණ

5,000 සහනාධාරය නතර කළොත් ලක්ෂ 61ක් කබලෙන් ළිපට

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් පුද්ගලයන් ලක්ෂ 61කට ජූනි මාසයට අදාළ රුපියල් 5,000 දීමනාව ගෙවීමට රජය සැලසුම් කර තිබුණද මැතිවරණ කොමිසම මඟින් එයට එරෙහිව කරුණු මතු කිරීම හේතුවෙන් එම දීමනාව නොගෙවා සිටීමට රජයට සිදුවනු ඇතැයි කියති. එහෙත් මේ පිළිබඳ රජය සාකච්ඡා කර තිබුණද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.

කොරෝනා වයිරයස පැතිරයාම හේතුවෙන් දෛනික ආදායම අහිමි වූ පවුල් සඳහා අප්‍රේල් මස සිට රජය මඟින් මෙම 5,000 සහනාධාරය ගෙවන ලදී. මැයි මාසය සඳහාද සමෘර්ධි අරමුදල් මඟින් ගෙවන ප්‍රතිලාභීන් 50,71,892 සඳහා ද ජීවනෝපාය අහිමිවූවන්, වැඩිහිටි‍, ආබාධිත, වකුගඩු රෝගීන් ඇතුළු ලක්ෂ 9ක් සඳහා රජයේ දෙපාර්තමේන්තු මඟින්ද ගෙවන ලදී.

Comments