ලංකාව හරහා ඕස්ට්‍රේලියාවට යවන මත්ද්‍රව්‍ය ඉන්දියාවේදී අල්ලයි | Page 2 | සිළුමිණ

ලංකාව හරහා ඕස්ට්‍රේලියාවට යවන මත්ද්‍රව්‍ය ඉන්දියාවේදී අල්ලයි

ශ්‍රී ලංකාව හරහා ඕස්ට්‍රේලියාවට යැවීමට සුදානම් කර තිබු කෝටි ගණනක වටිනාකමක් සහිත මත්ද්‍රව්‍ය තොගයක් තමිල්නාඩුවේ, රාමනාදන්පුරම් ප්‍රදේශයේදී ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි PTI ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රවය අතර කොකේන් කිලෝග්‍රෑම් 08ක් සහ හෙරොයින් තොගයක් පොලිසිය විසින් සොයා ගෙන ඇත.

මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 10ත් 14ත් අතර වටිනාකමකින් යුක්තවේ.

ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් හෙළි කර ඇත්තේ බෝට්ටුවකින් ප්‍රවාහනය කිරීමට සැළසුම් කර ඇති බවයි.

මෙම මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට යැවීමට සුදානම් කොට තිබු බෝට්ටුවද අත්අඩංගුවට ගැනීමට ඉන්දියානු පොලිසිය සමත්ව තිබේ.

මෙම මෙහෙයුම සඳහා විශේෂ විමර්ශන නිලධාරින් ඇතුළු පොලිස් කණ්ඩායම් 08ක් එක්ව ඇත.

Comments