රට යළි පිබිදෙයි | Page 2 | සිළුමිණ

රට යළි පිබිදෙයි

නිරෝධාන ඇඳිරි නීතිය හේතුවෙන් දෙමසක් අඩපණ වී තිබූ කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කයන්හි ජන ජීවිතය ඊයේ වන විට යථා තත්ත්වයට පත් වෙමින් තිබුණි. බස්නාහිර පළාතේ රාජ්‍ය හා පෞද්ගලික සේවාවන් 70%ක් පමණ ජනතාව වෙනුවෙන් සේවා සැලසීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සිළුමිණට කීය.

මේ අතර ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පවසන අන්දමට රට පුරා ජන ජීවිතය ද සාමාන්‍ය තත්ත්වයට හැරෙමින් පවතී. පාසල් විවෘත කිරීම අදියර 4කින් සිදුවන අතර ජූනි මස අවසානයට පෙර පාසල් විවෘත කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විශ්වාසය පළ කරයි. මේ වන විට කොරෝනා රෝගය වැළඳුණු සංඛ්‍යාව 1,055ක් වන අතර එයින් 620ක් සුවය ලබා නිවෙස්වලට පිටත්ව ගොස් ඇත. මරණයට පත්ව ඇති සංඛ්‍යාව 9ක් වන අතර 442ක් රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටිති.

එමෙන්ම සැක සහිත රෝග ලක්ෂණ අනුව වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගත කර සිටින සංඛ්‍යාව 139වෙයි. මේ අතර මැයි 24 සහ 25 දෙදින දිවයින පුරා ඇදිරි නීති ක්‍රියාත්මක වන බව රජය ප්‍රකාශයට පත් කර ඇත.

 

Comments