යල අස්වැන්න මෙදා දෙගුණයයි | Page 3 | සිළුමිණ

යල අස්වැන්න මෙදා දෙගුණයයි

මෙවර යල කන්නයේදී අපේක්ෂිත ගොඩ මඩ ඉඩම් ප්‍රමාණයට වඩා දෙගුණයකටත් වැඩි ඉඩම් ප්‍රමාණයක් දැනටම අස්වද්දමින් ඇති බව ගොවිජන සේවා අධ්‍යක්ෂ ජනරාල් මද්දුම බණ්ඩාර වීරසේකර පවසයි.

මෙවර යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර් 423,000න් අස්වැද්දවීමට තිබූ අතර එම ප්‍රමාණයටත් වඩා හෙක්ටයාර් 150,000ක් අස්වද්දා ඇත. ඊට අමතරව ගොඩ ඉඩම් ගෙවතු ලක්ෂ 75ක් පමණ වගාකර ඇති බවත් ඒ අනුව වෙනදා වගා නොකළ ගොඩ ඉඩම්වල අක්කර 75,000ක පමණ එළවළු හා අල වර්ග වගාකර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

ඉදිරි දිනවලදී තවත් ගොඩ මඩ ඉඩම් ලක්ෂයක් පමණ වගාකිරීමට බිම් සකසමින් ඇති බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Comments