මාලිගාවත්තේ කතුන් තිදෙනාගේ මරණවලට අත්අඩංගුවට ගත් හත්දෙනා ජූනි 4 තෙක් රිමාන්ඩ් | Page 3 | සිළුමිණ

මාලිගාවත්තේ කතුන් තිදෙනාගේ මරණවලට අත්අඩංගුවට ගත් හත්දෙනා ජූනි 4 තෙක් රිමාන්ඩ්

මාලිගාවත්ත ජුම්මා මජීඩ් පල්ලිය ආසන්නයේ රාමසාන් උත්සවය වෙනුවෙන් මැයි 21 බ්‍රහස්පතින්දා දහවල් රුපියල් 1,000 බැගින් බෙදා දීමේදී තෙරපීමෙන් සිදු වූ කාන්තාවන් තිදෙනාගේ මරණ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්, එය සංවිධානය කළ ව්‍යාපාරිකයා ඇතුළු හත් දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූනි 4 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

ඇඳිරි නීතිය පවතින අවස්ථාවේදී ඇඳිරි නීති කඩ කිරීම මෙන්ම අයුතු ජනරාශිය හා නිරෝධායන නීති කඩ කිරීම ඇතුළු චෝදනා රැසක් යටතේ ඔහුට විරුද්ධව නීති මඟින් පියවර ගන්නා බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කීය. මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ තවත් 8ක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. මියගිය කාන්තාවන් මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි ෂවුනි නිසා(59), උමු අඛිලා(61), ෆරීනා අමුසාමිලා(68) යන අය වේ.

දෙහිවල පදිංචි කෝටිපති ව්‍යාපාරිකයා විසින් මෙහිදී රුපියල් ලක්ෂ 4 1/2කට ආසන්න මුදලක් රුපියල් 1000 නෝට්ටු බැගින් බෙදා දීම සඳහා මෙය සංවිධානය කර තිබූ අතර එය ලබා ගැනීම සඳහා එම ස්ථානයට 500 පමණ පිරිසක් එක් රොක් වී සිටියහ.

Comments