බලංගොඩ පඤ්ඤාවාස නාහිමියෝ අපවත් වෙති | සිළුමිණ

බලංගොඩ පඤ්ඤාවාස නාහිමියෝ අපවත් වෙති

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරන්දර බලංගොඩ ශ්‍රී වීරසුන්දරාමාධිපතිව වැඩ විසූ ශාසන කීර්ති ශ්‍රී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති බලංගොඩ පඤ්ඤාවංශ හිමිපාණන් වහන්සේ අපවත්වී වදාළහ.

පිරිවෙන් අවසන් විභාගය, ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම සහ අවසාන විභාගයත් ඉතා විශිෂ්ට ලෙස සමත් ව සිංහල , පාලි , සංස්කෘත, ද්‍රවිඩ සහ ඉංග්‍රීසි භාෂා පිළිබඳ හසළ දැනුමක් ලැබ සිටි උන්වහන්සේ; පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිලාභීයෙක්ද වෙති

උන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පසුගිය 22 සිකුරාදා සවස බලංගොඩදී සිදු කෙරීමට නියමිතව තිබුණි.

ධර්මප්‍රිය ලියනාරච්චි

Comments