පාත්ෆයින්ඩර් වාර්තාව ජනපති අතට | සිළුමිණ

පාත්ෆයින්ඩර් වාර්තාව ජනපති අතට

කොවිඩ් -19 වයිරසයේ වසංගත තත්ත්වයට පසු ආර්ථීක පුනර්ජීවනයක් උදෙසා ගත යුතු පියවර යෝජනා කරන පාත්ෆයින්ඩර් පදනම විශේෂඥ මණ්ඩලයේ වාර්තාව ඉකුත් මැයි 15 දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දී තිබේ.සමාජය සවිබලගැන්වීම හා අඩු ආදායම් ලබන කොටස ආරක්ෂා කිරීමට පළමු අවධානය විය යුතු බව මෙහිදී අවධාරණය කෙරෙයි. ආර්ථීකය තුළ ඇතිවිය හැකි අවදානම තුරන් කිරීමට අභ්‍යන්තර හා බාහිර මුල්‍ය සුරක්ෂිතතාව වැදගත් බව ද පෙන්වා දී තිබේ. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ආධාර කළ යුතු බව දක්වා ඇති අතර; රජය සහ මහ බැංකුව ජාත්‍යන්තර මුල්‍ය සහාය ලබා ගැනීමේ දී මැදිහත් විය යුතු බව ද අවධාරණය කර ඇත. මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙම මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරන ලද අතර; ආචාර්ය සිසිර පින්නවල සහ ආචාර්ය ගනේෂ් විග්නරාජා විසින් විසි දෙනෙකුගෙන් යුතු විද්වත් පිරිස ඉදිරිපත් කළ වාර්තා සංස්කරණය කර තිබේ.

පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක, විධායක අධක්ෂ ලක්ෂමන් සිරිවර්ධන, මහාචාර්ය සිරිමල් අබේරත්න, මහාචාර්ය රොහාන් සමරජීව, නිමල් කුක්, ෂෙරාන් ප්‍රනාන්දු, අමීරා අරෝස්, නන්දන දේවගේ අතුළු පිරිස ජනාධිපතිවරයාට වාර්තාව බාරදීමෙන් පසු එහි අන්තර්ගතය ගැන සාකච්ඡා කළ අවස්ථාවට මෙහි දැක්වේ. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා ද මීට සහභාගී විය.

Comments