මුහුදු ගිය ‘සදිනි’ මුහුදුබත් වෙයි | Page 2 | සිළුමිණ

මුහුදු ගිය ‘සදිනි’ මුහුදුබත් වෙයි

කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යත්‍රාවක් සුළි කුණාටුවට හසුවීමෙන් මුහුදුබත් වී තිබේ.

පසුගිය මාර්තු 19 වනිදා කුඩාවැල්ල ධීවර වරායෙන් ‘සදිනි’ බහුදින ධීවර යත්‍රාව ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබිණ.

අනතුරට පත් ධීවර යාත්‍රාවේ ධීවරයින්ගේ ඥාතීන් පැවුසුවේ, පසුගිය 19 වන දායින් පසු
ඔවුන් තමන් සමග කිසිදු සන්නිවේදන සබඳතාවක් නොපැවැත්වූ බවයි.

කෙසේ වෙතත් ඊයේ දැන ගන්නට ලැබී ඇත්තේ, මොවුන් ගමන්ගත් යාන්ත්‍රාව මුහුදුබත් ව ඇති නමුත් ධීවරයින් සියළු දෙනා ආරක්ෂිතව සිටින බවයි.

අනතුර සිදුවන විට එම යාත්ත්‍රාව අන්දමන් දූපත්වලට සැතපුම් 560ක් දුරින් යාත්‍රා කරමින් තිබු බව එහි සිටි ධීවරයින් පවසා ඇත.

කෙසේ වෙතත් බේරාගත් ගොඩබිමට රැගෙන ඒමට දින 10ක් පමණ ගත වන බව ධීවර බලධාරීහු පවසති.

මේ අතර අම්ෆන් සුළිකුණාටුව හේතුවෙන් ඉන්දුනීසියාව ආසන්නයට ගසා ගෙන ගිය ලාංකික ධීවරයින්ගේ යාත්‍රාවලට අවශ්‍ය ඉන්ධන ලබාදීම සඳහා පිටත් වූ නාවික හමුදාවේ සයුර යාත්‍රාව ඒ ආසන්නයට ළඟා වෙම්න් පවතින බව නාවික හමුදාව පවසයි

Comments