නාවික හමුදාවෙන් විශේෂ නිවේදනයක් | Page 2 | සිළුමිණ

නාවික හමුදාවෙන් විශේෂ නිවේදනයක්

නාවික හමුදාව වෙනුවෙන් ආධාර රැස් කිරීම සඳහා කිසිදු අනුමැතියක් දෙවන පාර්ශවයක් වෙත ලබාදී නොමැති බව නාවික හමුදාව අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ නාවික හමුදාව සඳහා ආධාර ලබා දෙන ලෙස අසත්‍ය ප්‍රචාර සිදු කරමින් පවතින බව නිරීක්‍ෂණය වන බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව කිසිදු විටෙක එලෙස දෙවන පාර්ශවයක් වෙත නාවික හමුදාව වෙනුවෙන් ආධාර රැස් කිරීම සඳහා කිසිදු අනුමැතියක් ලබාදී නොමැති හෙයින් එවැනි අසත්‍ය ප්‍රචාර සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙස මහජනතාව වෙත අවධාරණය කරයි.

කොරෝනා වසංගතය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විවිධ ව්‍යාපෘති රැසක් සිදු කරමින් සිටින අතර, ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ හා ඇදුම් මෙන්ම ද්‍රව්‍යමය ආධාර විවිධ පාර්ශවයන් වෙතින් නාවික හමුදාව වෙත ලබා දෙනු ලබන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Comments