මැතිවරණය ජුනි 20 පැවැත්විය නොහැක | සිළුමිණ

මැතිවරණය ජුනි 20 පැවැත්විය නොහැක

දැනට පවතින තත්ත්වය අනුව ජූනි මස 20 දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සිය නීතිඥවරයා හරහා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව කොරෝනා වෛරසයට අදාළව කටයුතු කරන සෞඛ්‍යය අංශ ඇතුළු බලධාරීන්ගෙන් සුබදායි නිර්දේශයක් ලැබුණොත් මහමැතිවරණය ජුනි 20 පසුවී සති 9 ක් හා සති 11 ක් අතර කාලය තුළ පැවැත්විය හැකි බව මහින්ද දේශප්‍රිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසා සිටියේය.

කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගේ ස්වාධිපත්‍යය බලය හා ජන්ද අයිතිය වෙනුවෙන් කැපවෙන බව නීතිඥ සාලිය පීරිස් පවසා සිටියේය.

ඒ අනුව කොරෝනා වසන්ගත තත්ත්වයක් යටතේ ඇති සෞඛ්‍ය අවදානමක් හමුවේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් උපදේශන මාලාවක් සෞඛ්‍ය අංශ සමග එක් වී මේ වන විට සකස්කරමින් සිටින බව නීතිඥවරයා පවසා සිටියේය.

ඒ අනුව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති දන්වා ඇති බව නීතිඥ සාලිය පීරිස් පවසා සිටියේය.

මාර්තු මස 17 සිට 20 දා තෙක් විශේෂ නිවාඩු දින වල නාමයෝජනා කැදවීමට අදාළව එම අවස්ථාවේ කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත්ව නොතිබූ බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Comments