පැය 5කට පසු මංගල CIDයෙන් පිට වෙයි | සිළුමිණ

පැය 5කට පසු මංගල CIDයෙන් පිට වෙයි

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 05ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදුන් ‍හිටපු අමාත්‍ය මංගල සමරවීර එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

අද පෙරවරු 09.30ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු අමාත්‍යවරයා මීට ටික වේලාවකට පෙර එම පරිශ්‍රයෙන් පිටත්ව ගියේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ පුත්තලම දිස්ත්‍රික්කයේ අවතැන් ජනතාව ඡන්දය ප්‍රකාශ කිරිම සදහා ලංගම බස් රථ මගින් මන්නාරම සිලාවතුර ප්‍රදේශයට ප්‍රවාහනය කිරිමේ සිද්ධියකදී සිදු වූ මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනිම සදහා මෙම කැඳවිම සිදු කර තිබුණි.

සිද්ධියට අදාලව පසුගිය 14 වනදා ද මංගල සමරවීර මහතා එම දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ අතර එදින ද පැය 05කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනිමට පියවර ගෙන තිබුණි.

Comments