අද දිනයේ පොලිසිය දැඩිව ක්‍රියා කරනවා | Page 2 | සිළුමිණ

අද දිනයේ පොලිසිය දැඩිව ක්‍රියා කරනවා

දිවයින පුරා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක වන අද (17) දිනයේ ඇඳිරි නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන බව පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

ඇඳිරි නීතිය 100%ක්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බැවින් ඊට අනුගත නොවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවත් සඳහන් කළේය.

මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවුණේ ඊයේ (16) රාතී‍්‍ර 08.00 සිටයි.

කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්ක හැර සෙසු දිස්ති‍්‍රක්කවල ඇඳිරි නීතිය හෙට (18) අළුයම 05.00 ට ඉවත් කෙරෙනු ඇති.

එම දිස්ති‍්‍රක්කවල ඇඳිරි නීතිය එළඹෙන සෙනසුරාදා දක්වා කි‍්‍රයාත්මක වනුයේ රාතී‍්‍ර 8.00 සිට අලූයම 5.00 දක්වා කාලයේදීයි.

කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කවලට ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු තවදුරටත් කි‍්‍රයාත්මකයි.

Comments