Covid 19 මෙහෙයුමට මයික්‍රෝ කාර් සමාගමෙන් ලක්ෂ 90ක බස් රථයක් | සිළුමිණ

Covid 19 මෙහෙයුමට මයික්‍රෝ කාර් සමාගමෙන් ලක්ෂ 90ක බස් රථයක්

 කොරෝනා වසංගතය මෙරටින් තුරන් කිරීම සඳහා කැපවෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ සඳහා දේශීය මොටර් රථ සමාගමක් වන මයික්‍රෝ කාර් සමාගම ලක්ෂ 90ක් වටිනා සුඛෝපභෝගී බස් රථයක් පරිත්‍යාග කිරීමට තීරණය කරයි.

පසුගිය දින ජානාධිපතිතුමා වෙත මයික්‍රෝ කාර් සමාගමේ සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා විසින් මේ බස් රථය පිරිනමන ලදී. මෙම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග ඇතුළු මයික්‍රෝ කාර් සමාගමේ නිලධාරීන් කිහිප දෙනකු සහභාගි විය.

Comments