පැල්වත්ත දේශීය කිරි නිෂ්පාදනයේ ස්වයං පෝෂිතභාවය පිණිස කැප වෙයි | සිළුමිණ

පැල්වත්ත දේශීය කිරි නිෂ්පාදනයේ ස්වයං පෝෂිතභාවය පිණිස කැප වෙයි

කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් අනතුරුව, කෘෂි කාර්මික හා ආහාර නිෂ්පාදනයන්හි ස්වයංපෝෂිතතාව පිළිබඳ විමසා බැලීම පිණිස රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවති රැස්වීමකදී, , COVID-19 වසංගත තත්ත්වයන් පැවතියදී සහ ඉන් අනතුරුව, වෙළෙඳ පොළට අඛණ්ඩ කිරි නිෂ්පාදන සැපයීමට පැල්වත්ත‍ කිරි සමාගම සතු කැපවීම මෙන්ම, ප්‍රායෝගික හැකියාවද පෙන්නුම් කෙරිණි.

2020 මාර්තු 20 සිට ශ්‍රී ලංකා රජය මගින් බල පවත්වන ලද, අඛණ්ඩ ඇඳිරි නීතිය හා වෙනත් හදිසි පියවරයන්ට අනුකූලව, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා ඇතැම් ආහාර ද්‍රව්‍ය ආනයනය සම්බන්ධයෙන් අඛණ්ඩ සීමා පනවන බව ප්‍රකාශයට පත් කෙරිණි. එම නිසා, ඉතා කෙටි කාලයක් තුළ අභියෝගය ජය ගැනීම පිණිස, සෑම කෘෂිකාර්මික හා ආහාර ක්ෂේත්‍රයකම ස්වයං පෝෂිතතාවය සහතික කෙරෙන යාන්ත්‍රණයක් සකස් කිරීමට දේශීය ආහාර නිෂ්පාදකයින්ගේ හා කිරි නිෂ්පාදකයින්ගේ අදහස්, යෝජනා හා ගැටලු ආදිය ඇතුළත් සවිස්තර අධ්‍යයනයක් සිදු කිරීම කාලීන අවශ්‍යතාවක් විණි. ඒ අනුව, රජයේ ඉල්ලීමට කන් දෙමින් දේශීය කිරි ගොවියන් නගා සිටුවීමේ අරමුණින් යුතුව, ශ්‍රී ලාංකීය කිරි කර්මාන්තයේ ස්වයං පෝෂිතතාවය සඳහා මග පාදන සැලකිය යුතු තොරතුරු ගණනාවක්, පැල්වත්ත මගින් ඉදිරිපත් කෙරිණි.

මාස 2 ක් වැනි කෙටි කාලයක් තුළ දිනපතා කිරි නිෂ්පාදනය 50% කින් වැඩි කිරීම සඳහා හේතුවන කාරණයක් වශයෙන්, ගවයින් සඳහා අධි ශක්ති සලාක නිවැරදි අනුපාතයෙන් ලබා දීම පැල්වත්ත විසින් හඳුනා ගෙන තිබේ. මෙය කුඩා පරිමාණ කිරි ගොවීන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගවලින් එකක් වන බැවින්‍, ක්ෂේත්‍රයේ ස්වයංපෝෂිතතාවය කෙරෙහි ධනාත්මක ලෙසින් බලපාන කාරණයක් වී තිබේ. දේශීය කිරි කර්මාන්තය ස්වයංපෝෂිත කිරීමේ පළමු පියවර වශයෙන්,‍ ශ්‍රී ලංකා රජය දේශීය කිරිපිටිවල මිල ඉහළ දැමීමට අවසර දුන් අතර, 2020 අප්‍රේල් 28 වැනිදා වන විට, නව මිල අනුව, කිරිපිටි 1 kg පැකට්ටුවක් රු. 945 කටද, 400g පැකට්ටුවක් රු. 380 කටද වෙළෙඳ පොළට නිකුත් කෙරිණි. දීර්ඝ කාලයකට විකුණුම් මිලෙහි වෙනස් වීමක් සිදු වී නොමැති අවස්ථාවක මෙම ඉල්ලීම ඉදිරිපත් කෙරිණි. දේශීය කිරි ගොවීන්ගේ සැපයුම් ජාලය වැඩිදියුණු කිරීම දේශීය කිරි නිෂ්පාදකයින් මුහුණ පා සිටින අභියෝගයකි. එබැවින් කුඩා කිරි ගොවීන් ජාලය තුළ යළි පණ ගැන්වීමෙහිලා ආයෝජනය කළ හැකි පරිදි ඉහත කී මිල ඉහළ දැමීම සිදු කරන ලෙස රජයෙන් ඉල්ලුම් කෙරිණි.

Comments