දකුණු බෙංගාල බොක්කට සුළි කුණාටුවක් | Page 4 | සිළුමිණ

දකුණු බෙංගාල බොක්කට සුළි කුණාටුවක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන තත්ත්වය එම ප්‍රදේශයේ දීම පීඩන අවපාතයක් දක්වා අද(15) වර්ධනය විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එය අද දිනයේ දී දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුළ දී සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

එහි බලපෑම හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකිය.

ඒ අනුව දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද දිනයේ දී මිලි මීටර 150ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40-50 ත් අතර විය හැකිය. දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

සෙසු පළාත්වල විශේෂයෙන් ඌව හා නැගෙනහිර පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

ගිඟුරුම් සහිත වැසි ඇති වෙන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි දැනුම් දීමක් ද කරනු ලැබේ.

Comments