ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට | සිළුමිණ

ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

පවතින වර්ෂාව හේතුවෙන් කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

කැළණි ගගේ හොලොම්බුව ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කිතුල්ගල සහ නෝර්වුඩ් ප‍්‍රදේශවලින් ද, කැළණි ගගේ ජල මට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇත.

කළු ගගේ රත්නපුර ජල මිනුම් ස්ථානයේ සහ ගිං ගගේ තවලම ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ගංගා දෙපස ජීවත් වන ජනතාව පවතින වැසි තත්ත්වය හේතුවෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Comments