කසළ කන්ටේනර් ආපසු යවන්න පියවර | සිළුමිණ

කසළ කන්ටේනර් ආපසු යවන්න පියවර

එංගලන්තයේ සිට මෙරටට ගෙන්වන ලද කසළ කන්ටේනර් 241ම නැවත එරටට යැවීමට මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක් එක්ව පියවර ගෙන තිබේ.

පසුගිය වසරේ ජූනි මාසයේ ගෙන්වන ලද මේ කසළ කන්ටේනර් 241 සීදුවේ ඇති අංගනයක තබා ඇති බවත් මේ කසළ කන්ටේනර් සම්බන්ධව පළමුවෙන් හෙළි කෙළේ තම සංවිධානය බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානයේ මහතා පවසයි. මෙරට කෝටිපති ව්‍යාපාරියකුට අයත් පෞද්ගලික සමාගමක් විසින් මේ කසළ කන්ටේනර් ගෙන්වා තිබූ අතර රෝහල් සායනික අපද්‍රව්‍ය පවා මේ කන්ටේනර් තුළ බහා තිබුණි.

මේ සම්බන්ධව අධිකරණයේ නඩුවක්ද ගොනු කර තිබිණි.

 

Comments