රාජිත සේනාරත්න රිමාන්ඩ් - Update | Page 2 | සිළුමිණ

රාජිත සේනාරත්න රිමාන්ඩ් - Update

රාත්‍රී 10.05 - Update

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) අද පස්වරුවේ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

රාජිත සේනාරත්න අත්අඩංගුවට - Update

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව සංවිධානය කළ රාජිත සේනාරත්නට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය දෙසැම්බර් 30 වැනිදා නිකුත් කළ නියෝගය අවලංගු කර, ඔහු අධිරණයට ඉදිරිපත් කරන්නැයි, කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

Comments