දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් | සිළුමිණ

දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දැනට පවතින වැසි තත්ත්වය මැයි 14 වැනිදා දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම, සබරගමුව, ඌව,දකුණු, බස්නාහිර, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100 ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වැසි සමග පැයට කිලෝ මිටර් 70 ක සහ 80 ක පමණ සුළගක් අපේක්ෂා කළ හැකි බැවින් අවධානයෙන් සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතවගෙන් ඉල්ලා සිටී.

Comments