කෙරෝනා රෝගීන් මිලියන 04 ඉක්මවයි | සිළුමිණ

කෙරෝනා රෝගීන් මිලියන 04 ඉක්මවයි

මේ වනවිට ලොව පුරා වාර්තා වන කොරොනා වයිරස රෝගීන් සංඛ්‍යාව මිලියන 04 ඉක්මවා ඇති බව ඇමරිකාවේ කොරෝනා වයිරස පිළිබඳ පර්යේෂණ සිදුකරන ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.

එහි දත්ත වලට අනුව ලෝකයේ මේ වනවිට වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 4 100 729කි.

ලොව පුරා කොරෝනා ආසාදිත මරණ 280 431ක් සිදුවී තිබේ.

කොරෝනා වයිරසයෙන් ලෝකයේ වැඩිපුරම පීඩාවට පත්වූ රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.

ලෝකයේ තහවුරු වූ රෝගීන්ගෙන් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක් ඇමරිකාවෙන් වාර්තා වී ඇති අතර ලොව පුරා සිදුවූ මරණ වලින් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ ද ඇමරිකාවෙනි.

කෙසේ වුවද සැබෑ ආසාදන සහ මරණ සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වි ඇති සංඛ්‍යා වලට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවට බෙහෝ විද්වතුන් අනතුරු අඟවා තිබේ.

බොහෝ රටවල පරීක්ෂණ සිදුකරන්නේ අඩු ප්‍රමාණයක් බැවින් බොහෝ දත්ත මගහැරෙන බව ඔවුහු පෙන්වා දෙති.

බොහෝ රටවල දෛනික මරණ සංඛ්‍යාව පහත වැටෙමින් පවතින නමුත් අගුලු දැමීමේ සීමාවන් ලිහිල් කිරීම දෙවන ආසාදන රැල්ලකට හේතුවිය හැකි බව ද වෛද්‍ය විශේෂඥයෝ පවසති.

Comments