ජීවිතේ තරම්ම වටිනා ජීවිතාවරණයක් | සිළුමිණ

ජීවිතේ තරම්ම වටිනා ජීවිතාවරණයක්

Forbes ශ්‍රේණිගත කිරීම අතරට එක්වීම, වසරේ හොඳම වෙළඳ සන්නාමය,වසරේ හොඳම සේවා වෙළඳ සන්නාමය, හොඳම වාර්ෂික වාර්තාව, ලංකාවේ සේවය කිරීම සඳහා සුදුසුම ආයතන 25 අතරට එක්වීම සහ 2019 වසරේ Softlogic Life ජයග්‍රහණය කළ සියලු දෙස් විදෙස් සම්මාන

විශිෂ්ටයන් අතර ප්‍රමුඛයෙක් වූ Softlogic Life

 

ලෝකයේ සිතිවිලි අලුත් කළ වකවානු තිබිණි. සහශ්‍රය උදාව එවැනි එකකි. ජීවිත අපේක්ෂා කුළුගැන්වූ වකවානුවකි. අද රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් අතරත් ප්‍රමුඛයෙක් වූ Softlogic Life රක්ෂණ සමාගම නිර්මාණයට පදනම්වන මූල බීජය රට තුළ ස්ථාපිත වන්නේ ද මේ කාලයේය. Softlogic Life රක්ෂණ සමාගම ලෙස එම රක්ෂණ මූලය රූපාන්තරණය වී ලංකාවේ වෙළෙඳපොළේ තහවුරු වන්නේ වර්ෂ 2009 දී ය. එනම් අපට අත පත ගෑ හැකි මතක සහිත නුදුරු අතීතයේ ය.

 

සීඝ්‍ර වර්ධනය

 

ලෝකයේ අද පවතින වටිනාම සම්පත වන්නේ මානව සම්පතය. නිර්මාණශීලීව සිතිය හැකි, තාක්ෂණය පරිහරණයට හුරු, විශාල ධාරිතාවක් සහිත ජවසම්පන්න පිරිසක් එක් අරමුණක් වෙනුවෙන් කැපවෙන විට එම ඉලක්ක හඹා යෑම මෙන්ම ඉලක්ක අත්පත් කරගැනීම යථාර්ථයකි. Softlogic Life රක්ෂණ සමාගම ප්‍රකට කළේ ඒ විශිෂ්ට වත්කමේ ගැඹුරය. වර්ෂ 2009 දී Softlogic Life පිහිටවීමත් සමඟම සමාගම ජීවිත රක්ෂණය සම්බන්ධව ලිඛිත දළ වාරිකය (GWP - Gross Written Premium)රුපියල් බිලියනය ඉක්මවා ගියේය. දළ ලිඛිත වාරිකය (GWP)ලෙස අදහස් කරන්නේ ප්‍රතිරක්ෂණ සහ කොමිස් මුදල් අඩුකිරීමට පෙර රක්ෂණකරුවකු විසින් ලියන ලද සෘජු හා උපකල්පන සහිත මුළු වාරිකය ය.

වර්ෂ ‍2011 පමණ වනවිට Softlogic සමූහය Softlogic Life රක්ෂණ සමාගමේ වැඩිමනත් කොටස් ප්‍රමාණයක අයිතිය හිමි කරගත්තේය. මේ පරිවර්තනීය වෙනස සමඟ වසර දෙකක් තුළදී, එනම් වර්ෂ 2013 දී රක්ෂණ වෙළෙඳපළේ ජීවිත රක්ෂකයන් අතරින් පස්වෙනි වෙළෙඳපළ පංගුව හිමි කරගැනීමට Softlogic Life සමත් විය. වර්ෂ 2019 වනවිට Softlogic Life හිමිකරගත් වර්ධන වේගය මවිත කරවන සුලු විය. වර්ෂ 2019 වනවිට ආයතනයේ දළ ලිඛිත වාරිකය (GWP) බිලියන 12.5 දක්වා වර්ධනය වී තිබිණි.

 

වර්ධනයට බලපෑ සාධක

 

පසුගිය වසර කිහිපය තුළ Softlogic Life හි වර්ධන වේගය 30% දක්වා ඉහළ ගියේය. රට තුළ මේ තරම් සීඝ්‍ර වර්ධන වේගයක් සහිත ආයතනයක් දක්නට නොතිබිණි. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ එල්ල වූ පාස්කු ප්‍රහාරය මුලු රටම පසුබෑමකට ලක් කළේය. රටේ සමස්ථ ව්‍යාපාර ක්ෂේත්‍රය අඩාල විය. එහෙත් ඒ ව්‍යසන දරාගෙන Softlogic Life ආයතනය සියයට 25 ක වර්ධන වේගයක් ලබා ගත්තේය. එවැනි වර්ධන වේගයක් අත්පත් කරගන්නා විට මුළු ජීවිත රක්ෂණ ව්‍යාපාරයේම වර්ධන වේගය දක්වා තිබුණේ සියයට 10 ක් ලෙසිනි.

“ මේ සියලුම ජයග්‍රහණ අත්පත් කරගන්න මූලිකම හේතුව අපේ කණ්ඩායම. ඔවුන් බෙහොම වෙනස් විදිහටක වෙළෙඳපල දිහා බලලා වෙනස් විදිහට තමයි වෙළෙඳපලට පිවිසෙන්නෙ. අපි එක්ක ගොඩක් ඉන්නේ තරුණ ජවසම්පන්න කණ්ඩායමක්. මේ කණ්ඩායම සාමාන්‍ය විදිහට වැඩ කිරීම සඳහා ස්ථානගත වෙන්නෙ නෑ. ඔවුන් ඉන් ඔබ්බට ගිහින් අවස්ථා සොයනවා. ඒ අවස්ථා එක්ක වැඩ කරන්න උත්සාහ කරනවා. මේ අපි අත්විඳන්නේ ඒ නිර්මාණශීලි වෙළෙඳපල ප්‍රවේශයේ ප්‍රතිඵල.“

අපට එසේ කියන්නේ Softlogic Life හී ප්‍රධාන තාක්ෂණික නිලධාරී ප්‍රණාම පෙරේරාය.

“ වර්ෂ 2011 අවුරුද්ද වෙද්දි අපි රක්ෂණ වෙළෙඳපලේ පස්වැනි වෙළෙඳපල පංගුව අත්කර ගත්තා. එයට අවුරුදු තුනකින් පස්සේ 4 වෙනි තැනට පත් වුණා. අපේ ඉලක්කය මේ අවුරුද්දෙ දි තුන්වැනියා ලෙස රක්ෂණ වෙළෙඳපලේ ඉදිරියට ඇවිත් අපේ ස්ථානය තහවුරු කරගන්න. අවුරුදු 30ක් 35ක් මේ ක්ෂේත්‍රයෙ හිටිය දැවැන්තයෝ පහු කරමින් තමයි ඒ අවස්ථාව අත්පත් කරගත යුත්තේ. අපි ලොකු විශ්වාසයකින් ඒ ඉලක්කය සපුරා ගන්න කටයුතු කරනවා.“ ඔහු තවදුරටත් සිය විශ්වාසය පළ කරන්නේය.

එය ප්‍රායෝගික කරගත හැකි යථාර්ථයක් සේ හැඟෙන්නේ ආයතනයේ ජවසම්පන්න වෙළෙඳපල ප්‍රවේශය සලකා බලන විටය. Softlogic Life සන්නාමය ප්‍රවර්ධනය කිරීම ඇරැඹෙන්නේ වර්ෂ 2016 අගභාගයේ සිටය. එහෙත් මේ වනවිට Softlogic Life සන්නාමය නොදන්නා ලාංකිකයෙක් නැත. එහි නිශ්චිත හිනිපෙත්ත සලකුණු වන්නේ වර්ෂ 2019 දී Softlogic Lifeලංකාවෙ හොඳම සන්නාමය ලෙස පිදුම් ලැබීමෙනි.

2019 වසරේ ලෝක ප්‍රකට Forbes සඟරාවෙන් නිශ්චය කරන ලද ආසියාවේ ඩොලර් බිලියන 200ට අඩු ආයතන 200 අතරට නම් කෙරුණු එකම ශ්‍රී ලාංකේය ආයතනය බවට ද Softlogic Life පත් විය. පහුගිය අවුරුදු 3 – 4 පුරාම ලංකාවේ වැඩ කරන්නට සුදුසුම ආයතන 25 අතර Softlogic Life පැවතියේය. එම වර්ගීකරණය කරනු ලබන්නේ ලංකාවේ සියලුම ආයතන පිළිබඳ, සේවක පහසුකම්, වැඩ කිරීමේ පරිසරය, ව්‍යාපාරය පවතින ආකාරය වැනි අනුමිතීන් ගණනාවක් මුල් කරගෙන කරන ව්‍යුහගත ඇගයීමකිනි. මේ තෘප්තිමත් සේවක මනෝභාව වෙළෙඳපල අතික්‍රමණය කිරීමට ප්‍රධාන සාධකය වී තිබේ.

 

අභියෝග හමුවේ හැසිරීම

 

Softlogic Life හි පසුගිය වසර කිහිපය ගලා ආවේ නිර්මාණශීලී ‍ප්‍රවේශ හරහා වෙළෙඳපල අත්පත් කරගැනීමේ ක්‍රමවේදය තුළය. එහි දී විශේෂ අභියෝගවලට ඔවුන් මුහුණ දුන්නේ නැත. එහෙත් ආයතනය ප්‍රවේශගත මාර්ගය නිවැරදි ද, යෙදවූ ක්‍රමෝපායන් සාර්ථකද යන්න, වැඩ කරන කණ්ඩායමේ ධාරිතාව කොතෙක් ද යන්න නිවැරදි ප්‍රායෝගික තක්සේරුවකට පැමිණීමට කොවිඩ් උවදුරු අවස්ථාව ඉඩ සලසා දුන්නේය. ආයතනයේ වර්ධනය, කණ්ඩායමේ සාඵල්‍යතාව, සේවක තෘප්තිය වැනි සාධක ප්‍රායෝගික යථාර්ථයක් නම් ඕනෑම තත්ත්වයක් යටතේ වෙළෙඳපල විචලනයන්ට මුහුණ දිය යුතුය. පැමිණ ඇත්තේ පූර්ව අත්දැකීම් රහිත උවදුරු අවස්ථාවකි.

සාමාන්‍ය ජීවිත රක්ෂණයක් අලෙවි කිරීම කිසිසේත්ම පහසු කාරණාවක් නොවේ. එය මුහුණට මුහුණ මුණගැසී කීප සැරයක් සාකච්ඡා කර නිශ්චිත එකඟතාවකින් කරගත යුතු ව්‍යාපෘතියකි. කොවිඩ් වසංගතය මේ පසුබිම මුළුමනින්ම වෙනස් කළේය.

කුමන උවදුරු අවස්ථාවක වුවද ආයතනයක රක්ෂණ යාන්ත්‍රණය ඒ අකාරයෙන් පවත්වා ගත යුතුය. ස්වකීය පාරිභෝගික ප්‍රජාව සම්බන්ධව කෙරෙන ගෙවීම් අඛණ්ඩව සිදු කළ යුතුය. මේ තත්ත්ව නිසි ලෙස කළමනාකරණය කරගෙන වෙළෙඳපලේ ස්ථාවර පැවතීමට Softlogic Life ආයතනයට හැකි වී තිබේ. මේ උවදුරු අවස්ථාවේදී Softlogic Life හි ක්‍රියාන්විතය ගැනද ප්‍රණාම පෙරේරා අදහස් දැක්වීය.

“ අපේ ගෙවීම් වර්ග තුනක් තිබෙනවා. ජීවිත රක්ෂණාවරණයක් කල් පිරෙන අවස්ථාවේ ඔහුගේ අරමුදලේ ඇති මුදල් නැවත ගෙවිය යුතුයි. එය අප දැනට ඉතාම කාර්යක්ෂමව කරගෙන යනවා. රක්ෂණාවරණය කල්පිරෙන දිනයට දින පහකට කලින් ඒ මුදල වෙන් කර සේවාදායකයගේ බැංකු ගිණුමේ තැන්පත් කිරීමට අප කටයුතු කරනවා. සේවාදායකයා ඉල්ලන්න කලින් ඒ අරමුදල් ඔවුන්ට ලබා දෙනවා.

මරණ සඳහා කරන ගෙවීම් දෙවැනි වගකීමයි. ජීවිත රක්ෂණාවරණය කල්පිරෙන්න පෙර අවාසනාවන්ත මරණයක් සිදුවුණොත් දිනක් ඇතුළත රක්ෂණාවරණයේ මුළු ගෙවීම සිදු කෙරෙනවා. එය අප කෙරෙහි පාරිභෝගිකයන් බැඳෙන එක් තීරණාත්මක අවස්ථාවක්.

තෙවැන්න නම් වැඩියෙන්ම ගෙවීම් සිදු වෙන්නේ සෞඛ්‍ය රක්ෂණවලට අදාළවයි. මේ වකවානුවේ එය ඉතාම වැඩියි. එහෙත් සාමාන්‍යයෙන් මේ වගේ තත්ත්වයක දී රක්ෂණ ක්ෂේත්‍රයේ සෞඛ්‍ය රක්ෂණයට අදාල ගෙවීම් කරගන්න ප්‍රායෝගිකව අපහසු වෙනවා. එහෙත් අප හඳුන්වා දුන්නු එක් රක්ෂණ ක්‍රමෝපායක් මේ අවස්ථාවට අතිශයින්ම ඵලදායී විදිහට ගළපා ගන්න හැකි වුණා. ඒ, අප විසින් දියුණු කළ ඇප් එකක් නිසා.

ඒ ඇප් එක හරහා සියලුම සේවාදායකන්ට ගෙවීම් කරන්න පුළුවන්. පෞද්ගලික රෝහලකට කෙනෙක් ඇතුළත් වූ විට Cashless Claim Settlment කියන අවස්ථාව යටතේ අපි පාරිභෝගිකයා වෙනුවෙන් රෝහලත් සමඟ කටයුතු කරනවා . මෙතනදි පාරිභෝගිකයා කිසිම මුදලක් රෝහලට ගෙවන්න අවශ්‍ය නෑ. සේවාදායකයා වෙනුවෙන් සියලුම මුදල් රෝහලට ගවන්නේ අපි. ඒ ගෙවීම ක්ෂණිකයි. Softlogic Life උවදුරු සමයේ ස්වකීය ක්‍රියාන්විතය දියත් කර ඇත්තේ එසේය.

 

කොවිඩ් 19 ට ඵලදායී රක්ෂණාවරයක්

 

වසංගතයකදී රක්ෂණාවරණයක් නොදී මගහැරිය හැකි නෛතික තත්ත්වයක් එම ආවරණ තුළම පවතී. නමුත් ලෝවම ආක්‍රමණය කළ කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ Softlogic Life තමන් සමඟ ජීවිත රක්ෂණයෙන් බැඳුණු සේවාදායක ප්‍රජාව දැනුම්වත් කළේ කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ඇතිවන අනතුරු සියල්ල සිය ජීවිත රක්ෂණාවරණයෙන් ආවරණය කරන බවය. ඉන් අදහස් වන්නේ කොවිඩ් නිසා රෝහල්ගත වීමට සිදුවන අයකු මෙන්ම අවාසනාවන්ත මරණයට පත්වන අයකුට සාමාන්‍ය අවස්ථාවක ජීවිත රක්ෂණයෙන් ලැබෙන සියලුම ආවරණ සහිතව ප්‍රතිපාදන සැලසෙන බවයි.

 

ඉදිරි සැලැසුම්

 

Softlogic Life සතු හොඳම වත්කම විශිෂ්ට මානව සම්පතය. 2700ක පමණ විශිෂ්ට සේවක පිරිසක් ආයතනය සතුය. ඔවුහු දිවයිනම ආවරණය කරමින් සිය සේවය සපයති. ඔවුන් මෙම ක්ෂේත්‍රය තුළ හැසිරෙන නිර්මාණාත්මක හා තරගකාරී ආකාරය ආයතනයෙහි පැහැසර අනාගත පෙරනිමිති පෙන්වා තිබේ. Softlogic Life හි වර්ධන වේගය ලංකාවේ සමස්ථ රක්ෂණ ව්‍යාපාරයේ ඉහළම අගය සලකුණු කර තිබේ.

Softlogic Life ප්‍රදානය කර ඇති නම්‍යශීලී රක්ෂණාවරණ බෙහෙවින්ම සිත්ගන්නා සුළුය. විශ්වාසනීය ය. සේවා දායකයාට අවශ්‍ය ආකාරයට ගළපා ගත හැකි රක්ෂණාවරණ පරාසයක් ඔවුන් සතුව ඇත. ඒ මත වැඩි සේවාදායකයන් පිරිසක් තමන් වෙත ආකර්ෂණය කරගැනීමට ආයතනයට හැකි වී තිබේ. Softlogic Life හි අනාගත නිත්‍ය ඉලක්කය වී ඇත්තේ ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය රක්ෂකයා වීමය.

අප ජීවත් වන්නේ සෞඛ්‍ය රක්ෂණාවරණය අතිශයින්ම වැදගත්වන වටපිටාවකය. ඉදිරියේ දී වැඩිහිටි ජනගහණය වැඩිවීමේ ප්‍රවණතාවක් නිර්මාණය වෙමින් ඇත. වාසනාවට අපේ රටේ පවතින්නේ නිදහස් සෞඛ්‍ය සේවයකි. එහෙත් ඉන් ඔබ්බට ගොස් සේවය සලසා ගැනීමේ පහසුකම් අපේක්ෂා කරන ඉහළ මධ්‍යම පාන්තිකයින් විශාල පිරිසක් රට තුළ වෙති. ආර්ථික විචලන සමඟ වැඩිවන පුද්ගලයන්ගේ වියදම් කිරීමේ හැකියාව ඵලදායී ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කළමනාකරණය කිරීමේ සැලසුම Softlogic Life සතුව පවතී. දැනටමත් ලාංකේය රක්ෂණ වෙළෙඳපලේ හොඳම සෞඛ්‍ය රක්ෂකයා ලෙස හඳුනාගෙන ඇත්තේ Softlogic Lifeය. දැනට ඉහළම ප්‍රමිතිගත සෞඛ්‍ය ආවරණ ලංකාවේදී ප්‍රධානය කරන්නේ Softlogic Life ය. ඔවුහු දැනට ලෝකයේ කොතැන සිටියත් සිය සේවාදායකයා ආවරණය කරන සෞඛ්‍ය රක්ෂණාවරණයක් හඳුන්වා දී තිබේ. හැකියාව ඇති අයකුට ඩොලර් මිලියනක රක්ෂණාවරණයක් දක්වා යා හැකිය. දලවශයෙන් එහි වටිනාකම ලංකාවේ මුදලින් රුපියල් මිලියන දෙසීයකි. (කෝටි 20ක් ) . ඕනෑම රක්ෂණයක් සමඟ සෞඛ්‍ය රක්ෂණයක් සම්බන්ධ කර මේ අවරණය ලබා දී ඇත.

සෞඛ්‍ය රක්ෂණාවරණය ලංකාව තුළ ප්‍රායෝගික කිරීම සඳහා වෙන කිසිම රක්ෂණ සමාගමකට නැති අවස්ථාවක් Softlogic Life සතුවය. මෙම රක්ෂණ සමාගම අයත් Softlogic සමූහය සතුව රෝහල් පද්ධතියක් ඇත. එම රෝහල් සමඟ සම්බන්ධ වී අවශ්‍ය ඉහළම පහසුකම් අඩු පිරිවැයකින් සකසා දීමට Softlogic Life රක්ෂණ සමාගමට හැකි වී තිබේ. කොවිඩ් වසංගතය තව නොබෝ දිනකින් නිමා වනු ඇත. මෙම සෞඛ්‍ය රක්ෂණ ආවරණය වඩාත් වැදගත් වනු ඇත්තේ ඉන් අනතුරුවය.

 

අනාගත සැලැසුම් සමඟ නිවෙසේ සිට වැඩ

 

Softlogic Life හි තාක්ෂණික හා උපකාර සේවා අතිශය ඵලදායීව නිවෙසේ සිට සේවයේ යොදවා තිබේ. ඔවුහු කොවිඩ් ඇරඹී දෙදිනක් ඇතුළත වෘත්තීය විනය සහිතව නිවසේ සිට සේවය කිරීමේ කටයුත්ත දියත් කළහ. මේ වනවිට අදාළ දෛනික මෙහෙයුම් එදිනම නිමා කිරීම සිදුවේ. ඒ සඳහා ප්‍රායෝගිකව යෙදවිය හැකි දියුණු තොරතුරු තාක්ෂණික මෙහෙයුම් පද්ධතියක් Softlogic Life සතුව පවතී. එය ලෝකයේ කොතැන සිටියත් වැඩ කළ හැකි ආකරයට දියුණු කළ එකකි. මේ වනවිට සමස්ථ කළමණාකරණයම සිදුවන්නේ මේ පද්ධතිය හරහාය. සේවාදායකයන්ගේ ලිපි ගොනු හුවමාරු වන්නේ විශේෂ ඇප් එකක් මගිනි.

මේ තත්ත්වය තුළ තම සේවාදායකයාට අවශ්‍ය සෘජු ගෙවීම් කිසිම භෞතික ලියවිල්ලක් රහිතව නිවෙසේ සිට වැඩ කරන අතරම ගෙවීමට Softlogic Life ආයතනයට හැකි වී තිබේ. මේ කාර්යක්ෂම පද්ධතිය ගොඩ නැන්වීමට හා නඩත්තු කර පවත්වා ගැනීමට තොරතුරු තාක්ෂණ හා උපකාරක සේවා සපයන සේවා ඇතුළු මෙහෙයුම් කාර්ය මණ්ඩලයේම මැදිහත් වීම වැදගත්ය.

යහපත් ආකල්ප ඇති දක්ෂ මිනිසුන් සහිත ආයතන පිළිබඳ විශ්වාසය ගොඩනගා ගැනීමට දශක ගණන් ගතවන්නේ නැත. මිනිසුන්ගේ හැකියාව මත විශ්වාසය තබා මානව සම්පත උත්කර්ෂයට නන්වමින් මිනිසුන්ව රක්ෂා කිරීමට එළැඹෙන ආයතන සම්බන්ධ ඇතිවන විශ්වාසය ලෙහෙසියෙන් කල් ඉකුත් වන්නෙත් නැත. Softlogic Life ලාංකේය, රක්ෂණ ක්ෂේත්‍රයේ තහවුරු වන්නේත් අතික්‍රමණය කරමින් සිටින්නේත් එම ශක්තිමත් පදනමේ පිහිටාය.

Comments