පොදුජන රැකවරණ සමාජ සත්කාර | සිළුමිණ

පොදුජන රැකවරණ සමාජ සත්කාර

කොරෝනා වසංගතය පැතිරීම අවම කිරීම සඳහා රාජ්‍ය ආයතන විෂබීජහරණ වැඩසටහනක් ‘පොදුජන රැකවරණ සමාජ සත්කාර’ මැයින් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත්පාලන අමාත්‍යාංශය එක්ව මැයි 8 වන සිකුරාදා දියත් කරන ලදී.

මෙම පොදු ජන රැකවරණ සමාජ සත්කාර විෂබීජහරණ වැඩසටහනට අනුග්‍රහය දක්වන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස් ආයතනය සහ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව මඟිනි. රක්ෂණ සංස්ථාවේ සභාපති ජගත් වැල්ලවත්ත ගේ මෙහෙයවීමෙන් පැවැති එම සමාරම්භක උත්සවයේදී රාජ්‍ය ආයතනවලට විෂබීජනාශක ලීටර් 10,000ක් සහ ජනතාවට සේවය සපයන සංවර්ධන නිලධාරීන් 10,400ක් සඳහා සනීපාරක්ෂක දියර සහ මුඛආවරණ පරිත්‍යාග කිරීමක්ද සිදු විය.

එහිදී ලිට්රෝ ගෑස් ආයතනයේ සභාපති අනිල් කොස්වත්ත විසින් අදාළ පරිත්‍යාගය සංකේතාත්මකව හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ වෙතද, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ විසින් සෞඛ්‍ය ඇමැතිනී නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි වෙත ද පිරිනැමූ අයුරු මෙහි දැක්වේ. මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ හිටපු ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත ඇතුළු පිරිසක් එක් වූහ.

(ජායාරූපය - හිරන්ත ගුණතිලක)

Comments