සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 40ක් මරුට | සිළුමිණ

සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 40ක් මරුට

සිරියාවේ වයඹ දිග ඇෆ්රින් නගරයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් 40 දෙනකු පමණ මියගොස් ඇතැයි තුර්කිය පවසයි.


මියගිය සියලු දෙනා සිවිල් වැසියන් බවත් ඒ් අතර ළමුන් 11දෙනකු සිටින බවත් තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය වාර්තා කරයි.

සිද්ධියෙන් තවත් 40 දෙනකු පමණ තුවාල ලබා ඇත.

ජනාකීර්ණ වෙළඳපොළක ඉන්ධන ටැංකියක සවිකරන ලද කුඩා බෝම්බයක් පුපුරා යෑමෙන් අනතුර සිදුවී ඇති බව සිරියා තුර්කි දේශ සීමාව ආසන්නයේ පිහිටි හැටේ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පවසා ඇත.

තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය ද සිද්ධිය තහවුරු කර තිබේ.


ඔවුන් පවසන්නේ තුර්කියේ කුර්දි සටන්කාමී කණ්ඩායම් සමග සම්බන්දකම් ඇති වයිජීපී කුර්දි කණ්ඩායම විසින් මෙම ප්‍රහාරය ඒල්ල කරන්නට ඇති බවයි.

කෙසේ වුවද මේ සම්බන්දව වයිජීපී කණ්ඩායම කිසිදු අදහසක් ප්‍රකාශ කර නොමැත.

සිරියානු මානව හිමිකම් නිරීක්ෂණාගාරය පවසන්නේ ඇෆ්රින්හි මධ්‍යම සුක්අලි ප්‍රදේශයේ පළාත් පාලන ආයතනය ඉදිරිපිට දී බෝම්බය පුපුරා ගිය බවයි.

ශුද්ධ වූ රාමසාන් මාසයේ නිරාහාරව ගතකරන කාලය ආරම්භ කිරීමට පැය කිහිපයකට පෙර වෙළඳපොල ජනාකීර්ණව පවතින අවස්ථාවක පිපිරීම සිදුවී තිබේ.

වෙළඳසැල් සහ වාහන ගිනිගෙන ඇතැයි වාර්තා වේ.

 සිවිල් වැසියන් ඉලක්ක කර ඒල්ල කළ මෙම බිහිසුණු ප්‍රහාරය හෙලා දකින් බව සිරියාවේ සිවිල් ආරක්ෂක හමුදාව වන සුදු හෙල්මට් සංවිධානය පවසයි.

ජීවිත බේරා ගැනීමට සහ අහිංසක ජනතාව ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවද ඔවුහු අවාරණය කරති.

Comments