තවත් සිසුන් 143ක් දිවයිනට | සිළුමිණ

තවත් සිසුන් 143ක් දිවයිනට

ඉන්දියාවේ නව දිල්ලි සිට තවත් සිසුන් 143 දෙනෙකු අද (29) ශ්‍රී ලංකාවට පැමිණියේය.

කොරෝනා ව්‍යාප්තියත් සමග විදේශයන්හි සිරවී සිටින තමන් මව්බිමට ගෙන්වා ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් සහ රජයෙන් කළ ඉල්ලීමට අනුව මෙම පිරිසට මෙරටට පැමිණිමට හැකිවිය.

යූ එල් 119 දරණ ගුවන් යානයෙන් මෙම පිරිස දිවයිනට පැමිණියේ ගුවන් යානය තුළදී ද සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින්ට. ඊයේ (28) දිනයේ ද බැංගලෝර් හි සිට 164 දෙනෙකු මෙරටට පැමිණියේය.

මෙම සියලු දෙනා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී විෂබීජහරණයට ලක්කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථානකරා යොමුකෙරුණි.

Comments