බුද්ධි අංශ හෙළිකළ කොරෝනාවේ ඇත්ත ජනතාව හමුවට | සිළුමිණ

බුද්ධි අංශ හෙළිකළ කොරෝනාවේ ඇත්ත ජනතාව හමුවට

කොරෝනා වයිරසය ආරම්භයේ සිට මේ දක්වා සිදු කරන ලද කොරෝනා මැඬ පැවැත්වීමේ ක්‍රියාන්විතයේ සියලු තොරතුරු ඇතුළත් කර රාජ්‍ය බුද්ධි අංශ මඟින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යාත්මක දත්ත විග්‍රහය මැයි 2 සෙනසුරාදා පෙ.ව.10.00 සිට සියලු විද්‍යුත් නාලිකා ඔස්සේ විකාශය කෙරෙන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ සිදු කරන අයුක්ති සහගත හා වැරදි ප්‍රකාශ බිඳ හෙළමින් රාජ්‍ය බුද්ධි අංශ මඟින් සකසන ලද නිවැරදි තොරතුරු ඇතුළත් වන මෙහිදී කොරෝනා වයිරසයේ පළමු රෝගියා හඳුනා ගැනීමේ සිට වර්තමානය දක්වා අනුගමනය කරන ලද සියලුම ක්‍රමවේදයන් පිළිබඳ සංඛ්‍යා දත්ත සහිත විශ්ලේෂණාත්මක විග්‍රහයක් ඉදිරිපත් කර ඇති බවද ඇමැතිවරයා කීය.

 

Comments