ඇඳිරිය කඩ කළොත් වසර දෙකක් හිරේ | Page 2 | සිළුමිණ

ඇඳිරිය කඩ කළොත් වසර දෙකක් හිරේ

ඇඳිරි නීතිය කඩ කරන ඕනෑම පුද්ගලයකුට අධිකරණයෙන් වසර දෙකක සිර දඬුවම් නියම කළ හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. නිරෝධායන ක්‍රමවේදයන්ට අනුගතව මේ වන විට ඇඳිරි නීතිය පනවා ඇති අතර ඇතැම් පුද්ගලයින් කිසිදු හේතුවක් නොමැතිව ඇඳිරි නීතිය කඩ කර ඇති බව පෙනෙන්නට ඇති බවද පෙන්වා දෙයි.

මේ වන විට 46,000කට ආසන්න පිරිසක් ඇඳිරි නීති කඩකිරීම් යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවත් එයින් 35,000කට අධික පිරිසක් ඇඳිරි නීති සමයේ නීති විරෝධී මත් ද්‍රව්‍ය සම්බන්ධව අත්අඩංගුවට පත් වූවන් බවද අජිත් රෝහණ මහතා කීය. මේ වන විට රථ වාහන 12,000කට ආසන්න සංඛ්‍යාවක් ද අත්අඩංගුවට පත්ව ඇතැයි පෙන්වා දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා දින 14කට අධික කාලයක් පොලිස් අත්අඩංගුවේ තිබුණු වාහන හිමිකරුවන්ට බාර දුන් බවත් අත් අඩංගුවට ගත් පිරිසට ඉදිරි කටයුතු සිදු කිරිමට නියමිත බවයි.

ඒ අතර රථවාහන වරැදි සම්බන්ධව ලබා දී ඇති දඩ පත්‍රිකා සංශෝධනයෙන් තොරව තැපැල් කාර්යාල විවෘත කිරීමෙන් පසු එදින සිට දින 14ක් දක්වා සිදු කළ හැකි බවද ඔහු කීවේය.

 

 

Comments