සීදුවේ යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට | සිළුමිණ

සීදුවේ යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට

සීදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරක් නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ එම කඳවුරේ සේවය කරනු ලබන යුධ හමුදාවේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමත් සමගයි.

මේ හේතුවෙන් එම යුධ හමුදා නිලධාරියා සේවය කරනු ලබන සිදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරේ සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙබළුන් 150 දෙනෙක් සමග නිරෝධායනයට ලක් කිරීමටයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත්තේ.

කොරෝනා වෛරසයෙන් රටේ සමස්ත ජනතාව බේරා ගැනීමට දිවා රෑ නොබලා කැපවී සේවය කරනු ලබන ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ සිය ජිවිත අවධානම නොතකා සිදුකරන කැපවීම් වලට උපකාරයක් වශයෙන් රජය සහ සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් නිසියාකාරව පිළිපදින ලෙස අප සමස්ත ලාංකිකයින් ගෙන් ඉල්ලා සිටිමු.

Comments