බස්නාහිර අරිනවාද? තීරණය ඉරිදා | Page 2 | සිළුමිණ

බස්නාහිර අරිනවාද? තීරණය ඉරිදා

කොළඹ, ගම්පහ, හා කළුතර ඇතුළු බස්නාහිර පළාත සහ අධි අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇති අනෙක් ප්‍රදේශවල ඇඳිරි නීතිය 27 වැනිදා සඳුදා දිනයේ ලිහිල් කිරීම පිළිබඳව තීරණය 26 වැනිදා ඉරිදා ලබා ගැනීමට කටයුතු කර තිබේ.

කොවිඩ් 19 මර්දනය කිරීමේ මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශ හා එක්ව වත්මන් ප්‍රගතිය හා කොවිඩ් 19 පාලනය කටයුතු විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමෙන් පසුව එම තීරණය ලබා දෙනු ඇත.

කෙසේ වෙතත් කොවිඩ් - 19 ආසාදිතයින් වැඩිවීම නිසා අධි අවදානම් කලාපවල ඇඳිරි නීතිය ඉවත් නොකළ යුතු බවට සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර ඇති බව ද වාර්තා වේ.

Comments