සරම්ප පැතිරීමේ අවදානමක් | සිළුමිණ

සරම්ප පැතිරීමේ අවදානමක්

කොරෝනාවෛරස් වසංගතයේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ ඇතැම් වැඩසටහන් ප්‍රමාද කිරීමට සිදුව ඇති බැවින් සරම්ප රෝගය පැතිර යාමේ අවදානමක් පවතින බව බලධාරීහු පවසති.

රටවල් 37 ක ළමුන් මිලියන 117 කට නියමිත වේලාවට ප්‍රතිශක්තිකරණය නොලැබීමට ඉඩ ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) පවසයි.

'MMR' එන්නත ලබා දීම අවම වීමත් සමග යුරෝපය පුරා රටවල් කීපයක සරම්ප විශාල වශයෙන් පැතිර ගිය අවස්ථා තිබිණි.

සරම්ප තුරන් කළ රටක් ලෙස තිබූ එක්සත් රාජධානියේ ද මාරාන්තික විය හැකි මෙම රෝගය ආසාදනය වීමේ වැඩිවීමක් මේ වන විටත් නිරීක්ෂණය වී තිබේ.

කැස්ස, කුෂ්ට සහ උණ මෙහි රෝග ලක්ෂණ වන අතර, කම්මුල්ගාය, සරම්ප සහ රුබෙල්ලා (MMR) එන්නතෙන් මාත්‍රා දෙකක් දරුවන්ට ලබා දීමෙන් මෙම රෝගය වළක්වා ගත හැකිය.

සරම්ප වේගයෙන් බෝවන බැවින්, එන්නත් ලබා දීමේ සුළු පහළ යාමක් මගින් වුව ද බලපෑමක් ඇති විය හැක.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ දැනට සරම්ප පැතිරී යාමක් වාර්තා වී නොමැති රටවලට අවශ්‍ය නම් ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රියාවලිය තාවකාලිකව නවතා දැමිය හැකි බවය.

කොරෝනාවෛරස් වසංගතය හමුවේ, දැනටමත් විශාල වශයෙන් සරම්ප පැතිරී යන රටවල් ඇතුළු රටවල් 24 ක ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය ප්‍රමාද කිරීමට තීරණය කර තිබේ.

එම රටවල් නම්:

• බංග්ලාදේශය • බ්‍රසීලය • බොලිවියාව • කාම්බෝජය • චැඩ් • චිලී • කොලොම්බියාව • ජිබුටි • ඩොමිනිකන් ජනරජය • කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය • ඉතියෝපියාව • හොන්ඩුරාස් • කසකස්තානය • කිර්ගිස්තානය • ලෙබනනය • මාලදිවයින • මෙක්සිකෝව • නේපාලය • නයිජීරියාව • පැරගුවේ • සෝමාලියාව • දකුණු සුඩානය • යුක්රේනය • උස්බෙකිස්තානය

මීට වඩා වැඩි රටවල් ප්‍රමාණයක් බාධාවන්ට මුහුණ දෙනු ඇතැයි යුනිසෙෆ් සංවිධානය පවසයි.

(බී.බී.සිය ඇසුරෙනි)

Comments