සීමා ලිහිල් කිරීමට හදිසි නොවන්න - WHO | සිළුමිණ

සීමා ලිහිල් කිරීමට හදිසි නොවන්න - WHO

නව කොරෝනා වෛරසය පැතිර යාම වැලැක්වීම සඳහා පනවන ලද සීමා ලිහිල් කිරීමට හදිසි නොවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කර තිබේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවා හීදි මාධ්‍ය හමුවක් පවත්වමින් එහි ප‍්‍රධානී ටේ‍්‍රට්රෝස් ගේ‍්‍රබි‍්‍රයස් පැවසුවේ ඇතැම් රටවල නව කොරෝනා වෛරසය පැතිර යාම මේ වන විට මන්දගාමී වෙමින් තිබෙන බවයි.

එහෙත් සීමා ලිහිල් කිරීමට හදිසි වුවහොත් නව කොරෝනා වෛරසය යළි මාරාන්තික ලෙස නැගිටිනු ඇති බවද ඔහු පෙන්වා දී ඇත.

ඒ අනුව දරුණු ආර්ථික ගැටලූ ඇති වුවද පනවන ලද සීමා තවදුරටත් පවත්වාගත යුතු බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව පැවසුවේ නව කොරෝනා වෛරසයෙන් වඩාත්ම තර්ජනයට ලක්ව තිබෙන ඉතාලිය සහ ස්පාඥය පවා පනවා ඇති ඇතැම් සීමා ලිහිල් කිරීමට කටයුතු කරමින් සිටියදීයි.

කෙසේ වෙතත් ගතවූ පැය 24තුළද ස්පාඥයෙන් නව කොරෝනා මරණ 634ක් සහ ඉතාලියෙන් නව කොරෝනා මරන 570ක්  වාර්තා විය.

ලෝකයේ වැඩිම නව කොරෝනා ආසාධිතයන් ගණනක් හදුනාගෙන තිබෙන අමෙරිකාවෙන් ගතවූ පැය 24දී වාර්තාවූ නව කොරෝනා මරන ගනන 2,043ක්.

 

Comments