ලොව පුරා කොරෝනා රෝගීන් ගණන 1,346,974 | සිළුමිණ

ලොව පුරා කොරෝනා රෝගීන් ගණන 1,346,974

ලොවපුරා රටවල් සහ කලාප 200කට ආසන්න ප්‍රමාණයක ව්‍යාප්තව පවතින කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන්ගේ ගණන 1,346,974 දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය ගණන 74,702කි. මේ අතර පූර්ණ සුවලැබූවන් 278,698 නිවෙස් බලා ගොස් ඇති බව වාර්තාවේ.

අමෙරිකාවෙන් ඊයේ දිනයේ වාර්තාවූ නව මරණත් සමගින් එරට සමස්ත මරණ ගණන 10,000 ඉක්මවා ගියේය.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් ඊයේ දිනයේදී ලොව වැඩිම මරණ ගණනක් වාර්තවී ඇත්තේ ප්‍රංශයෙනි.

එම අගය දැක්වුණේ 833දෙනෙකු ලෙසයි.

Comments