කර්මාන්ත ඇමති උපදෙසින් | සිළුමිණ

කර්මාන්ත ඇමති උපදෙසින්

කර්මාන්ත ඇමති උපදෙසින්  කාර්මික සංවර්ධන මණ්ඩලය කෘතිම ස්වසන යන්ත්‍ර සහ වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට අතහිත දෙයි

කොවිඩ්-19 නව කොරෝනා වෛරසයට ගොදුරු වන රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වෙන්ටිලේටර්(Ventilator) සහ වෙනත් වෛද්‍ය උපකරණ නිෂ්පාදනයට සූදානම් පිරිස වෙත අවශ්‍ය පහසුකම් සැලසීමට කාර්මික සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබේ.

 

මේ සම්බන්ධයෙන් සිළුමිණ සමග අදහස් දැක්වීමකට එක් වූ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා පැවසුවේ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් අනුව දැනටමත් මේ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

ඒ අනුව කොවිඩ්-19 නව කොරෝනා වෛරසයට ගොදුරු වී අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ට අත්‍යවශ්‍ය වන සායනික වෙන්ටිලේටර් (Ventilator) නිෂ්පාදනය සඳහා මූලික සාම්පලය සැකසීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණවේද පීඨයේ ශිෂ්‍යයකු වන අශාන් කුමාර මහතාට අවශ්‍ය පහසුකම් මේ වන විටත් සලසා ඇතැයි ද කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙලෙස වෙන්ටිලේටර් (Ventilator)නිෂ්පාදනය සඳහා උනන්දුවක් දැක්වූ අදාළ තාක්ෂණවේද පීඨ ශිෂ්‍යයාට සිය කටයුතු සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණවේද පීඨයේ ආචාර්යවරුන්ගේ හා රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකුගේ ද සහයෝගය ද හිමි වී ඇති බවත් මෙම වෙන්ටිලේටර් නිෂ්පාදනය සදහා අත්‍යාවශ්‍ය වන එහි මූලික සාම්පලය තව සතියක කාලයක් තුළ සම්පූර්ණ කිරීමට හැකි වනු ඇති බවත් කරනු ඇති බවත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විශ්වාසය පළ කර තිබේ.

මේ තීරණාත්මක අවස්ථාවේ මෙවැනි සුවිශේෂී නිර්මාණ ඇගයීමට ලක් කරන කාර්මික සංවර්ධන මණ්ඩලය කොරෝනා රෝගීන්ට සහනයක් ලබා දිය හැකි මෙවැනි වෙන්ටිලේටර් වැනි තවත් නව නිර්මාණ සිදු කිරීමට සහය හා අනුග්‍රහය බලාපොරොත්තු වන නිර්මාණකරුවන්ට සහාය දැක්වීමට සූදානම් බව අවධාරණය කළ අතර එලෙස සිය නව නිර්මාණ සාර්ථක කර ගැනීමට සහය හා අනුග්‍රහය බලාපොරොත්තු වන එවැනි නව නිර්මාණකරුවන් ඒ සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතාව 0774569098 දුරකථන අංකය මගින් අමතන ලෙසද දැනුම් දෙයි.

 

Comments