මේ ව්‍යසනයෙන් පසුව පළමුවෙන් කළ යුත්තේ අධ්‍යාපනය හා ආර්ථිකය නඟා සිටුවීමයි | Page 3 | සිළුමිණ

මේ ව්‍යසනයෙන් පසුව පළමුවෙන් කළ යුත්තේ අධ්‍යාපනය හා ආර්ථිකය නඟා සිටුවීමයි

මහාචාර්ය සුදන්ත ලියනගේ

මේ වන විට මුළු ලෝකයට ම තර්ජනයක් ව පවතින කෝවිඩ් 19 වයිරසය ලෝක බලවතුන් පවා නිහඬ කර දණ ගස්වා ඇත. දියුණු නොදියුණු සියලු රටවල් මෙ වයිරසය නිසා ආර්ථික සමාජිය වශයෙන් බිද වැටෙමින් බවතී. එය මේවන අපෙ රට කර ඇති බලපෑම් සම්බන්ධයෙ මෙහි දී සාකච්ඡා කළයුතු කාරණාවයි. මෙ රට ආසන්න වශයෙන් මිලියන 22කට ජනගහනයක් ජීවත්වෙයි. බ්‍රිතාන්‍ය එංගලන්තය වැනි රටවල මේ මිලියන 67 වඩා ඉක්මවූ ජනගහනයක් ජීවත් වන අතර අපේ රටේ ජනගහනය වගේ ඒ තුන්ගුණයක් පමණ වෙයි. ඕනෑම රටක ට ඔරොත්තු දෙන උපත් සහ මරණ අනුපාතයක් වෙයි. දියුණු නොදියුණු ඕනෑම රටක ජනගහනය වාර්ෂිකව මිය යන සේම උපත් අනුපාතයක් ද වෙයි. නොදියුණු දියුණු රටක් වුවත් වසරකට මියයන ප්‍රමාණයක් ඔනෑම රටක වෙයි.

ඇමරිකාව වගේ රටවල ක්‍රියා කරන්නේ මීට වඩා වෙනස් විදියට සුපිරි බලවතා ලෙස කටයුතු කරන ඔවුන් වැඩියෙන් උනන්දු වන්නේ මේ අවස්ථාවේ දී හොඳින් ආර්ථිකය පවත්වා ගෙන යෑමටයි. ඒ අය මේ දිහා බලන්නේ ආර්ථිකය කඩා නොවැටී මේ වෙලාවේ රෝගය ද මර්දනය කරගැනීමටයි. ඒ නිසා ඔවුන්ගේ රටවල මරණයට පත්වන පිරිසට වැඩි යි අගයක් ගනී. කෙසේ වෙතත් කෙතරම් ප්‍රමාණයක් මරණයට පත් වුවත් ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීමට උත්සාහ කරයි.

එයින් පැහැදිලි වන්නේ මරණයට පත් වන පිරිස් පිළිබඳ එතරම් ලොකු සැලකිල්ලක් නොදක්වන බවයි. අපට මෙයින් පැහැදිලි වන්නෙ ඔවුන්ට කුමන දේ වැදගත් වන්නේද කියන කාරණාවයි. අදටත් කොරෝනා වයිරසය පවතින සමහර රටවල මේ සම්බන්ධයෙන් වඩා ලොකු අවධානයක් යොමුනොකරන බව පැහැදිලි යි. සිංගප්පූරුව වැනි රටවල සාමාන්‍ය ජන ජීවිතය තමන්ගේ කටයුතු සාමාන්‍ය තත්ත්වය යටතේ කරගෙන යන බව පැහැදිලියි.

මරණ සංඛ්‍යාව වැඩි වුවත් එංගලන්තය අප්‍රිකාව ඉතාලිය ක්‍රියාත්මක වන්නේද ඒ ආකාරයටමයි. මේ තරම් දුරට බැරෑරුම් තත්ත්වයක් ඇති වුවත් ආර්ථිකයේ ස්ථාවරව පවත්වා ගන්න උත්සාහ කරන බවක් අපිට පෙනෙයි. නමුත් මෙතැන දී කිවයුතු කාරණාවක් තමයි වැඩියෙන් රෝගය බෝ වෙන රටවල නැවත මෙය සෑදීමේ ප්‍රවණතාව සියයට දහයක් වැනි ප්‍රමාණයක් බව සොයාගෙන ඇත . ප

කළමනාකරණය කරන ක්‍රමවේදයක් සමඟ අනික් රටවල්වලට වඩා සියලු අංශවලින් කඩාවැටීමක් ඇතිවිය හැකියි. අධ්‍යාපනය ආර්ථිකය, කාර්මික ක්ෂේත්‍රය කෘෂිකාර්මික ක්ෂේත්‍රය, මේ සෑම ක්ෂේත්‍රයකම කඩා වැටීමක් සිදු විය හැකියි. ඉන්දියාවේත් මේ තත්ත්වය ඉදිරියේ දී පෙන්නුම් කළ හැකියි. එය අපේ රටටත් අකමැති වුවත් අපට පිළිගන්න සිදු වන සාධකයකි. අද වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල අගය පහත වැටි ඇති බව පෙනේ. අද වන විට 192 ද දක්වා රුපියල අව ප්‍රමාණය වී තිබෙයි.

අපි සාමාන්‍යයෙන් දකින දේ එක්සත් ජනපදය ඉතාම නරක ආකාරයට මේ රෝගය පැතිරුණු නමුත් අපේ රුපියලට සාපේක්ෂව එක්සත් ජනපදය ඩොලරය ඉහළ ගොස් ඇත. මම කලින් සඳහන් කළා සේම මේ අවස්ථාවේ දී වුවත් ඇමරිකාව ආර්ථික කළමනාකරණය කිරීමට උත්සාහ කරයි. අපි මරණ ප්‍රමාණයක් අඩු කිරීම සඳහා කළමනාකරණය කිරීමට උත්සාහ කරයි. මේ කාරණයේ දී බටහිර සහ අපේ රට අතර වෙනස එයයි. ලංකාව පමණක් නොව ඉන්දියාවේ තත්ත්වයත් මේ වැනිය. ඉදිරියේ දී දිගටම මෙ තත්ත්වය පැවැතියොත් රටේ සමස්ත ආර්ථිකය වසර ගණනාවක් ආපස්සට යන තත්ත්වයක් ඇති වෙයි. මෙවැනි අවස්ථාවක දී අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධ සමස්ත කාර්ය සාධක බලකාය මේ රෝගය කළමනාකරණය කරන ආකාරය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ප්‍රසාදයට ලක්වී තිබේ. මගේ අදහස රුපියල යම් අව ප්‍රමාණයක් වුවත් මාස තුනක් වගේ කාලයක දී මෙය පාලනය කර ගැනීමට හැකිවුවහොත් අපට යම් සුබවාදී තත්ත්වයක් ඇති විය හැකියි.

විශේෂයෙන් වෛරසය පවතින්නේ කුඩා කාලයකට පමණකි. දීර්ඝකාලීන වෛරස පවතින්නේ නැත. මේ ආකාරයට අපි මෙය නැවත කළමනාකරණය කරගෙන ලෝකයට යම් ආදර්ශයක් දුන්නොත් අපේ රටට ඇතැම්විට විදේශ ආධාර ලබාදීමේ ඉහළ ප්‍රවණතාවයන් ඉදිරියේ දී ඇති විය හැකියි.

මෑතක දී අපිට චීනයේ ආධාර ලැබී තිබේ. අපි මරණ සංඛ්‍යාව පාලනය කරගෙන මේ වසංගතයද පාලනය කරගෙන ගැනීමටයි උත්සාහ දරනුයේ. විශේෂයෙන් මෙහි දී ජනතාවගේ සහයෝගය ඉතා අවශ්‍යයි. ව්‍යාප්තිය අඩු කර ගැනීම සඳහා ජනතාවගේ සහයෝගය ඉතා අවශ්‍යයි.

ලෝකයට අලුත් දෙයක් අපි මෙහි දී මේ වන විටත් ලබා දී තිබේ. මෙයට මුහුණ දුන් වෙනස් ආකාරය නිසා වෙනත් රටවලට වඩා අපේ රටට වෙනත් රටවල ප්‍රතිචාර ලැබෙන්නට හැකිය. ආදී කාලයේ සතුරන් බවට පත්වී තිබුණු ඇතැම් රටවල් මේ අවස්ථාවේ දී ප්‍රසාදයට පත් වී යම් ආර්ථිකයමය වශයෙන් හොඳ ප්‍රතිචාර මේ අවස්ථාවේ දී දැක්විය හැකියි. ඒ අනුව අලුතෙන් දෙයක් ඇතිවිය හැකියි. ඒ කෙසේ වෙතත් සමස්තයක් ලෙස ඇඟලුම් ක්ෂේත්‍රය කෘෂිකාර්මික ක්ෂේත්‍රය අපනයන ක්ෂේත්‍රයේ නිෂ්පාදන ආර්ථිකය මත පවතින සියලුම කර්මාන්තශාලා මේ වනවිට වැසී ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වශයෙන් තියෙන ගැටලුව නම් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තවම නිකුත් කරන්නට බැරි වීමයි.

උසස් පෙළ ඉදිරියේ දී පැවැත්වීමට නියමිතයි. ඊට මුහුණ දෙන දරුවන්ට අවිනිශ්චිත භාවයක් ඇති වී තිබෙයි. මම හිතන්නේ මා හිතන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කෙටි කාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් සොයන්නට සිදුවෙයි. මේ ගැටලුව නිරාකරණය කර ගැනීමට හැකිවුවහොත් සතියක් හෝ දෙකක් වැනි කාලයක දී සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට හැකියාවක් ඇති බව මම විශ්වාස කරමි. මේ සඳහා පමණක් නොවෙයි උසස් පෙළ පවත්වනවාද නැද්ද කියන කාරණාව පිළිබඳ තීන්දු තීරණ ගන්නටද ඉක්මනින් සිදු වෙයි. විශ්වවිද්‍යාලවල ද අධ්‍යයන වාර පවත්වන්නේ කෙසේද යන ගැටලුව මෙහි දී මතුවේ. නවක සිසුන් ඇතුළත් කර ගැනීමට කඩිනම් පියවර ගත යුතුයි. මේ සඳහා ක්‍රමවේදයක් ඉදිරියේ දී සූදානම් කළ යුතුයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ හිටියේ වැනි කඩාවැටීමක් සිදු වී ඇති අතර ඊළඟට කර්මාන්ත ක්ෂේත්‍රය ගත්තහම දීර්ඝ කාලයක් පුරා කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉල්ලුම අඩුවී තිබේ. දීර්ඝ කාලයක් පුරා කර්මාන්ත ක්ෂේත්‍රයට ඉල්ලුම් අඩුවීමට මෙය එක් හේතුවක් වේවි. කොවිිඩ් නයින්ටීන් ජීවිතයෙන් බේරා ගැනීම මේ දිනවල වැඩි අවධානයක් යොමුවෙලා ඇති බව ඉතා පැහැදිලිය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැඩි අවදානමක් මේ දිනවල යොමු වී ඇති බව පෙනේ. ඇඟලුම් ක්ෂේත්‍රයට ලෝකය පුරා ඉල්ලුම අඩු වී ඇත. නැවත මේ කර්මාන්ත ක්ෂේත්‍රයේ නගාසිටුවීමට රජය ලෙස සේවායෝජකයින්ට යමක් සිදු කළ යුතු වේ.

තේ රබර් පොල් අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කඩාවැටීමක් මේ වන විට සහ පවතී. තවද සංචාරක ක්ෂේත්‍රයෙන් විදේශ ව්‍යවසායකයන්ගේ මෙරටට ලැබෙන විදේශ විනිමය සම්පූර්ණයෙන්ම මේ වන විට ඇණ හිට ඇති බව ඉතා පැහැදිලියි. මේ කාරණාව කළමනාකරණය කරන ආකාරය කඩිනමින් විසදුම් සෙවිය යුතු වේ. සංචාරකයන්ට මෙරටට පැමිණීමට හැකි පාරිසරික වටපිටාවක් විශ්වාසයක් ඔවුන් සතුව ගොඩනැගුණා පමණයි.

රටේ විශාල විනිමයක් ලබන සංචාරක කර්මාන්තය විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම නොමැතිවීම, විදේශ විනිමය ඒ හරහා බැරෑරුම් තත්ත්වයක්, විදෙස් ශ්‍රමිකයන් ගෙන් ලැබෙන ආදායම මෙන්ම රැකියා ක්ෂේත්‍රයේ නියුතු වන්නන් ගේ රැකියා ඉල්ලුම අඩු වී පවතින බවක් පෙනේ. විදෙස් ගත ශ්‍රමිකයන් ගෙන් ලැබෙන විදේශ විනිමය අද වන විට ලැප් නොලැබීම් තත්ත්වය උද්ගත වී ඇත්තේ එහෙයිනි. විවිධ ක්‍රියාමාර්ගයේ සඳහා ගන්නා ආකාරයත් ඇමරිකාව දැන් රටවලුත් ආර්ථිකය කඩා වටා කඩා නොවැටෙන ආකාරයට ක්‍රියා කිරීමට උත්සාහ කරන බවක් පෙනේ. ඒ සමගම ආර්ථිකය ඉහළ ස්ථාවරයකට ගොඩනැ‍ඟීමට උත්සාහ කර ස්පාඤ්ඤය ඉතාලිය වැනි රටවල ආර්ථිකය කඩාවැටෙන උපකල්පනය සම්බන්ධව අපි විශ්වාස කළ ද එරටට ඒ රටවලට යන දරුණු ආර්ථික ප්‍රශ්නයක් වන වැඩිහිටි ජනගහනය මියයාම ආර්ථික වශයෙන් ඵලදායී වීමට පුළුවනි. ගෝලීය ආර්ථිකය කඩා වැටීම ඒ රටවල ආර්ථිකය බිංදුව දක්වා පහත වැටෙන්නේ නැති බව ඉතා විශ්වාසයි. අපේ රට වැනි රටවලට විදේශාධාර නොලැබුණු තත්ත්වයක් මතුවුවහොත් අසීරුතාවක් ඇතිවිය හැකි අපට උදව් නොකරන රටවල් මේ මර්දනය කරන ආකාරය සම්බන්ධව ඉතා පැහැදීමකින් සිටින බව පෙනේ පෙනේ. ඒ හරහා යම් ආධාර අපට ලැබෙතැයි මා විශ්වාස කරයි.

රාජ්‍ය මේ ගැටලුවේ දී හා හා කළමනාකරණය කරගැනීම සම්බන්ධව යම් කාලයක් මේ සඳහා ගත වුවත් සියලු රටවල ප්‍රසාදය මේ සම්බන්ධව ලැබී ඇති බව අපි දනිමු. මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන ආකාරය මෙය කළමනාකරණ ආකාරය සම්බන්ධයෙන් යම් පැහැදීමක් ඇති වූ රටවල් මේ අවස්ථාවේ දී අපට උපකාර කිරීමට බොහෝ විට ඉදිරිපත් වනු ඇත. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වෘත්තිකයන් ශ්‍රමිකයන් ආයෝජකයන් පෞද්ගලික කථිකයන් සියළුම ක්ෂේත්‍රවල සේවායෝජකයන් රජය මැදිහත්වී එකතුවී සහයෝගයෙන් නිසි ක්‍රම උපායන් ඉදිරියේ දී අනුගමනය කළ යුතු වෙයි

ඉදිරියේ දී ගොවීන් කළමනාකරණය කළා සේම ඉදිරියේ දී විශාල ආර්ථික සැලසුම් සිදුවෙනු ඇත. එසේ නොවුණ හොත් ඉදිරියේ දී රටේ ආර්ථිකය පවත්වාගෙන යෑමට විශාල වශයෙන් බලපෑම් ඇති වනු ඇත. ගෝලීය ආර්ථිකය සලකා බැලීමේ දී ඇමරිකාව, චීනය වැනි රටවල් එය අයගේ ගනුදෙනු එලෙසම පවත්වා ගන්නට උත්සාහ කරනු ලබයි.

ජිවිතේ ක්‍රියාමාර්ග ඒ සඳහා ඔවුන් ගැන ඇත විශේෂයෙන්ම ඔවුන්ගේ ආර්ථිකය යනු වැටෙන ආකාරය ස්ථාවරව පවත්වා ගැනීමට ඔවුන් උත්සාහ දරන ආකාරයක් අපට පෙනේ. එමෙන්ම ඔවුන්ගේ ආර්ථිකය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කරයි. ඉතාලිය ස්පාඤ්ඤය වැනි රටවල ආර්ථිකය කඩා වැටී ඇතැයි අනුමාන කළ ද වැඩිහිටි ජනගහනය අඩු වීමත් සමඟ නඩත්තු වියදම අඩුවීමෙන් ජනගහනය නඩත්තු කරන්නට යන වියදම අඩු වීමත් සමඟ ආර්ථිකය කඩා වැටිය හැකිය.

ආර්ථික වශයෙන් ඵලදායී වෙතැයි සිතිය හැකිය. ගෝලීය ආර්ථිකය වැටීමක් සම්බන්ධව බොහෝදෙනා කතා කළ ද ඔවුන්ගේ ආර්ථිකය බිංදුව දක්වා පහත වැටෙන නැති බව ඉතා පැහැදිලියි. නමුත් අනිත් රටවල් හා සමඟ සසඳන විට මේ අවස්ථාවේ දී අපි ක්‍රියා කරන

ආකාරයත් සමඟ බොහෝවිට විදේශ ආධාර නොලැබුණොත් අපට අසීරු තත්ත්වයකට ඉදිරියේ දී මුහුණ පෑමට සිදුවිය හැකියි. අපට උදව් නොකරන රටවල් පවා මෙය මර්දනය කරන ආකාරය ඉතා පැහැදිලියි.

අපට නැවත යථා තත්ත්වයට පැමිණීමට කලක් ගතවෙනු ඇත. විශේෂයෙන් සංචාරක කර්මාන්තය විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමය යථා තත්ත්වයට පත්වීමට යම්කිසි කාලවකවානුවක් ගත වෙනු ඇත. කෘෂිකර්මාන්තය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැ‍ඟීමට යම්කිසි කාලයක් ගතවෙනු ඇත විශේෂයෙන් විදේශ විනිමය ලැබෙන ආදායම් අපනයන ක්ෂේත්‍රයේ ආදායම් නොලැබුණහොත් අපට එය විශාල හානියක් වනු ඇත.

ඉලක්කගත සහන සේවා යෝජකයන්ට ලබාදීමට ඉදිරියේ දී සිදු වනු ඇත. අපට අවම වශයෙන් මාස තුනක් කාලයක්වත් මේ සහන ලබාදීමට රජයට සිදුවනු ඇත.

යම්කිසි ක්‍රමවත් වැඩපිළිවෙළක් මේ සඳහා ඉදිරියේ දී රජය ගත යුතු වේ. මේ සියල්ලට වියදම් කිරීමට සිදුවනුයේ රජය සතු මුදල් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සියල්ල මේ වන විට රජයට ලැබෙන මුදල් සියල්ල අහිමි වී ඇති බවක් පෙනේ.

මේ සම්බන්ධව යම්කිසි ක්‍රියාමාර්ගයක් ඉදිරියේ දී ගත යුතු අතර අදාළ ක්ෂේත්‍රවල වෘත්තිකයන් ව්‍යවසායකයන් සේවායෝජකයන් එකතු වී යම්කිසි ක්‍රමවේදයකට යා යුතුවේ.

 

 

Comments