කොරෝනාවෙන් පසු රටේ ආර්ථිකය? | සිළුමිණ

කොරෝනාවෙන් පසු රටේ ආර්ථිකය?

කොරෝනා ජන ජිවිතයට සේම රටේ ආර්ථිකයටද කළ බලපෑම අතිමහත් ය. සංචාරක ව්‍යාපාරය ඇතුළු බොහෝ ව්‍යවසායී කර්මාන්තවලට මේ කෙටි කාලීන බලපෑම දිගු කාලීන පාඩුවක් අත්කර දෙනු නිසැකය. ජනතාව විඳින කරදරය ද සුළු නොවේ. ව්‍යසනය අවසන් වුව ද එහි ප්‍රතිඵල කාලයක් තිස්සේ අප සැමට බුක්ති විඳින්නට සිදුවන බව නොඅනුමානය. කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සේම ජනජීවිතය ද කෙසේ සකස් විය යුතුද යන්න පිළිබඳව කෙරුණු සංලාප කිහිපයකි මේ.

ඉදිරිය ගැන සැලසුම් දැනටමත් සදා අවසන්

තොරතුරු, සන්නිවේදන තාක්ෂණ,

උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය,

ආචාර්ය බන්දුල ගුණවර්ධන

ඉදිරියේ දී රටක් ලෙස අප නැවත ගොඩනැගිය යුතු වන්නේ කෙසේද යන කාරණාව සම්බන්ධයෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. මේ දිනවල පූර්ණ අවධානය යොමු කර තියෙන්නේ ඒ සඳහා යි. ඉන් අනතුරුව ආර්ථික බිඳවැටීම ආර්ථික පසුබෑමට මුහුණ දෙන්නේ කෙසේද කියන කාරණාව සම්බන්ධවයි අවධානය යොමු කරන්නේ. එහි දී ආනයනික අපනයනික කර්මාන්තය කඩා වැටීම ප්‍රධානයි. ඒ හරහා විශාල ප්‍රමාණයක රැකියා අහිමිවීම, විදේශ විනිමය අහිමිවීම වගේ කරුණු රාශියක් උද්ගත වී තිබෙනවා. මේ තත්ත්වය හමුවේ රජයේ ඉදිරියේ දී ආර්ථික කටයුතු සහ කෙසේද ගොඩනඟා ගත යුතු වන්නේ කියන කාරණාව සම්බන්ධව මූලික සැලසුම් මේ වන විටත් සම්පාදනය කරමින් පවතිනවා

 

------------

වගා සංග්‍රාමයක් දැන්ම ම ඇති කළ යුතුයි!

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික

වසන්ත සමරසිංහ

අපි ඉන්නෙ කොරෝනා ව්‍යාප්ත ව්‍යාප්තිය සම්බන්ධයෙන් මෙහෙයුමක තුන්වැනි පියවරේ. ඒ අදියරෙන් පැවැතියහොත් මේ පැත්තට කියෙව්වොත් වළක්වා ගන්නේ කෙසේද කෙනෙක් කාරණාව සම්බන්ධවයි. අපි මෙහි දී ප්‍රධාන වශයෙන් සැලකිය යුතු වන්නේ ඒ සඳහා අපි ගත් ක්‍රියාමාර්ග හරහා අත්‍යවශ්‍ය සේවා පමණයි. දැන් රට තුළ සිදු වන්නේ සත්‍ය එකක්. ඉදිරියේ දී මේ ආකාරයට ගතකර හැකි ඒ කාලය තුළ රටේ ජනතාවගේ ආර්ථිකය කෙසේද ඉදිරියට පවත්වාගෙන යා යුතු වන්නේ කියන කාරණාව අතිශයින්ම වැදගත්.

මේ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග නොගෙන ඇඳිරිනීතිය දිගටම පවත්වාගෙන යන්න උත්සහ කිරීම අපහසුයි. රට තුළ ජනතාවට බරපතළ ප්‍රශ්න මේ වන විට උද්ගත වෙලා තියෙනවා. සේවා සැපයීම දේශපාලනීකරණය වෙලා තියෙනවා. තදාසන්න ප්‍රදේශවල කුඩා රැකියාවල නියුතු අය මේ වන විට නේවාසිකව බෝඩිංවල හිර වෙලා ඉන්නවා. ඒ අයට රැකියා නැහැ; පඩි නැහැ; දීමනා කිසිවක් නැහැ. ආණ්ඩුව වහාම මැදිහත් වෙන්න ඕන මේ වගේ මිනිසුන් සම්බන්ධව. වහාම මේ ක්‍රියාවලිය පසු විපරම් කරමින් ඉදිරියට යන්න වෙනවා. මේ වැඩපිළිවෙළ සකස් කරන්න ඕන ආණ්ඩුව මැදිහත් වෙලයි.

අපි යෝජනා කරන්නේ මේ අවස්ථාවේ දී සියලු පක්ෂ ඒකාබද්ධ කරන ලද ඒකාබද්ධ යන්ත්‍රණයක් හදලා ඒ යන්ත්‍රණය හරහා ගම් මට්ටම දක්වා පුරවැසියන්ට අවධානය යොමු කරන්න ඕන කියලයි.

ගමේ පුරවැසියන් ආවරණය වන ආකාරයට ජනතාවගේ පහසුකම් සැලසිය යුතුයි. ඒ වගේම සෞඛ්‍ය සේවා, ආරක්ෂක සේවා, රජයේ අත්‍යවශ්‍ය සේවා, නිලධාරීන්ගේ ආරක්ෂාව, කාර්යභාරය පහසුව සඳහා අවශ්‍ය දෙය ලබාදිය යුතුයි. පොදු ජනතාවගේ අංශය දෙස බැලූ විට ඒ අයගේ අවශ්‍යතා සඳහා ද රජය යම්කිසි වැඩපිළිවෙළක් සකස් කර ගත යුතුයි. මේ සඳහා නිසි කළමනාකරණයක් තිබිය යුතුයි.

දැන් අපි රටක් ලෙස ඉස්සරහට යන්නේ කෙසේද? අපි දැන් ඉන්නේ කොතනද; කියන ගැටලුව මේ ප්‍රශ්නයේ දී මතුවෙනවා. ඉදිරියේ දී අපට පිටරටවලින් අපනයනය කිරීම නිෂ්පාදන ගෙන ඒමට නොහැකි තත්ත්වයක් මතු වෙනවා. එසේනම් අපි වගා සංග්‍රාමයක් දැම්මම ඇති කළ යුතුයි. දේශීය කර්මාන්ත ශාලා ගොඩනැගිය යුතුයි.

මේ සඳහා සේවායෝජකයින්ට යම්කිසි සහනයක් ලබා දිය යුතුවේ. දේශීය නිෂ්පාදනවලට අපට අපට අත ගසන්නට වෙනවා. ආයෝජකයින්ට ඒ සඳහා මුදල් අවශ්‍ය වෙනවා. මේ සඳහා මුදල් දිය යුතුයි. එයට සේවක අර්ථසාධක මුදල් කොල්ලන්ට නොකා යම්කිසි වැඩපිළිවෙළක් ඉදිරියේ දී සකස් කළ යුතුයි.

දහ ආපදා බැඳුම්කරයක් නිකුත් කරල මිලියන දෙතුන් සියයක් ඒ සල්ලි හා ජනතාවට ලබා දෙන ගිය හැකි ප්‍රමාණයක් ලබා දී ප්‍රධාන අත්‍යවශ්‍ය සේවා සඳහා යොදවලා කර්මාන්ත කර්මාන්තකරුවන්ට තම නිෂ්පාදනය සඳහා කටයුතුවලට ප්‍රාග්ධනය පහසුකම් සකසා දෙන්න පුළුවන්. එසේ නොවන්නට රටක් ලෙස තවදුරටත් ඔයා නොහැකි තත්ත්වයක් උද්ගත වෙනවා. මේ සඳහා අනිවාර්යයෙන් රජය මැදිහත්විය යුතුයි. මේ කොරෝනා තත්ත්වයෙන් අනතුරුව අපට රටක් ලෙස මුහුණ දියයුතු ඉදිරි පියවර ද අප සැලසුම් කළ යුතුයි.

------------

සංචාරක කර්මාන්තය නැවත ගොඩනඟා ගැනීමට අපිට හැකිවේවි

හිටපු රාජ්‍ය ඇමැති

වාසුදේව නානායක්කාර

ලංකාවේ අවම තත්ත්වයක් යටතේ මේ වසන්ගතය පාලනය කරගැනීමට අපට හැකි වේවි. මේ කෝවිඩ් 19 වසංගතය හරහා ගෝලීය ගැටලු රැසක් මතුවෙනවා. ඒ අනුව ලංකාවේ පාඨකයා ඉදිරියේ දී කඩා වැටීමකට ලක් වුවත් එය නැවත ගොඩනඟා ගැනීමට බොහෝ ක්‍රමෝපායන් මේ වන විට යොදාගෙන පවතිනවා. රුපියල අවප්‍රමාණය වීම අනුව ඊට උවමනා ප්‍රමාණයට ඩොලර් ඩොලර් නොලැබෙන විට රුපියල් අවප්‍රමාණය වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඇඟලුම් ක්ෂේත්‍රයේ කඩා වැටී තියෙනවා. සංචාරක ක්ෂේත්‍රය කඩාවැටී තියෙනවා. ඕනෑම රටක සංචාරක ව්‍යාපාරය මේ වන විට කඩා වැටී තිබෙනවා. මේක ලංකාවට පමණක් බලපාන ප්‍රශ්නයක් නොවේ. විකුණුම්වලින් අපට ලාභ ලබන්නේ සියයට දහයක් පහළවක් පමණ. සියයට පහළොවත් 12ත් අතර වාසි නැතිවෙලා තියෙනවා. ඒවගේම විදේශ වියදම් විනිමය ද අඩු වෙලා. යෙදවුම වියදම මිල දී ගැනීම් අඩු වූ විට විදේශ වියදම් අඩුවී තියෙනවා.

 

 

--------------

මෙය ජය ගත යුත්තේ සහයෝගය සහ සහජීවනයෙන්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන

කෝවිඩ් 19 අර්බුදයට රටක් ලෙස අප ජයගත හැකි බවට මා තුළ දැඩි විශ්වාසයක් තියෙනවා. සෑම මට්ටමකම ජනතාව ගොඩනැ‍ඟීම මේ අවස්ථාවේ දී කළ යුතුයි. දැනට පවතින තත්ත්වය අනුව ජනතාවගේ මූලික අවශ්‍යතා සඳහා සහන අවශ්‍යයි. අර්බුදයට මුහුණ දෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉන්නවා. ඒ දිළිඳු ජනතාවට සහන වැඩපිළිවෙළක් අවශ්‍යයි. වසංගතය මෙන්ම සාගතය ද ඉතා භයානකයි. ඇතැම්විට වසංගතයට වඩා සාගතයෙන් අර්බුද මතු වෙන්න පුළුවන්. මේ කෝවිඩ් 19 අර්බුදය අපට රටක් ලෙස ජය ගතහැකියි. අපට වන හානි අවම කර ගනිමින් එය ජයගත හැකියි. ජයග්‍රහණය කරා යෑමයි අපේ මූලික අරමුණ විය යුත්තේ. ආරම්භයේ දී යම් යම් අඩුපාඩු සිදු වුවත් රාජ්‍ය යන්ත්‍රණය දැන් සතුටුදායක තත්ත්වයක ක්‍රියාත්මක වෙනවා. මේ අර්බුදය ජයග්‍රහණය කර ගැනීමට සියලු දෙනා අතර අභියෝග ජය ගැනීමට තිබිය යුතු ගුණාංගයන් තිබිය යුතුයි.

මෙය ජය ගත යුත්තේ සහයෝගය සහ සහජීවනයෙන්. එ් ගුණාංගවලට දේශපාලන වර්ණ ගතයුතු නැහැ. කෝවිඩ් 19 තත්ත්වය අද වන විට ගෝලීය මානව ආපදාවක් ලෙස මතුවෙලා ලංකාවෙත් එය පැතිරෙමින් පවතිනවා.

මේ ගෝලීය අර්බුදයක් ලෙස තමයි අප විසඳා ගත යුතු වෙන්නේ. අප මුලින් මතු කර ගන්න ඕනේ මේ බරපතළ අර්බූදයක් බව. මේ විශාල අර්බුදය දේශපාලන වාසිවලට හරවා ගන්නේ නැතුව ආවේගශීලී නොවී හැමෝම සහයෝගයෙන් මේ තත්ත්වයට මුහුණ දිය යුතුයි. මෙය ජයග්‍රහණය කර ගත යුතුයි. ජාත්‍යන්තර මට්ටමින් හිතවත්කම් ගොඩනගාගත යුතුයි ජාතික සහ ජාත්‍යන්තර මට්ටමෙන් සියලු සම්බන්ධතා ගොඩනගා ගත යුතුයි. ඒ සඳහා රජයක් ලෙස සහයෝගයෙන් සහජීවනයෙන් මේ ආපදාවේ දී මුහුණ දිය යුතුයි.

--------------

න්‍යාය පත්‍ර ඇතුළේ ඉඳලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

මා හිතන්නේ නම් රටක් ලෙස ඉදිරියට රට ගොඩනඟන්නේ කෙසේද කියන කාරණාව ට කලින් ගෝලීය අර්බුදයක් බවට පත්වෙලා තිබෙන මේ වසංගතයේ මූලික වශයෙන් අපේ රට ගොඩ එන්නේ කෙසේද කියන කාරණාවයි. අපි තවම දන්නේ නෑ මේ ප්‍රශ්නේ කොහෙන්ද කෙළවර වෙන්නේ කියන කාරණාව.

රට ගොඩනැ‍ඟීමට ප්‍රථම ප්‍රශ්නෙට අපි සාමූහයක මුහුණ දිය යුත්තේ කෙසේ ද යන කාරණා මූලික වශයෙන් කතා කළ යුතුයි. න්‍යායපත්‍රයට අනුකූලව තමයි වැඩ කරන්නේ.

නමුත් මේ අවස්ථාවේ දී එසේ කළ යුතු නැහැ. න්‍යාය පත්‍ර ඇතුළේ ඉඳලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. මේ පිළිබඳ මූලිකත්වය ගන්න ඕන රජය. එසේනම් රජය දැනගන්න ඕන දේශපාලනික න්‍යායපත්‍රයට අනුකූලව මේ අවස්ථාවේ වැඩ නොකර ඉන්න. එසේ බලන්නේ නැතුව පොදුවේ මෙයට මුහුණ දෙන්නේ කෙසේද කියන කාරණාව සම්බන්ධව මූලිකවම සලකා බැලිය යුතුයි. කරන්න ඕන මූලික දේ එයයි. දේශපාලනික මතවාදයක් මත පිහිටා කටයුතු කරන්නේ නැතුව සියලු දෙනා දායක කරගත යුතුයි.

මට නම් පේන්නෙ නැහැ; එහෙම දායක කර ගැනීමක්. මේ අවස්ථාවේ මේ වැඩපිළිවෙළ ආරම්භ කරන කොටම ඒ අයට දේශපාලනික න්‍යාය පත්‍රයක් තිබුණා. මෙයට මුහුණ දෙන්නේ කෙසේද කියන කාරණාව පිළිබඳ රජයට එකඟතාවක් ඇති බවත් අපට පේන්න නැහැ. එකඟතාව සාමුහික බව මේ අවස්ථාවේ දී අත්‍යවශ්‍යයි මම හිතන්නේ කළ යුතු පළමු වැනි අවශ්‍ය දෙය එයයි.

අපි තවම දන්නේ නැහැ මෙහි ප්‍රතිඵලය කොතනද මේ හානිය කොතනද කියලා. ඉන් අනතුරුවයි රට ගොඩනඟන්නේ කෙසේද කියන කාරණාව තීරණය වන්නේ සහ එම තර්කය ගොඩනැ‍ඟීම මූලික වශයෙන් කළයුතු ඉන් අනතුරුවයි.

Comments