අවදානමට පෙර සූදානම | සිළුමිණ

අවදානමට පෙර සූදානම

චීනයෙන් ඇරඹි අද වන විට ලොව පුරාම තර්ජනයක්ව පවතින කොරෝනා වයිරසය අප රටේ ද සීඝ්‍රයෙන් මේ වන විට පැතිර යෑම ආරම්භ වී ඇත. අද වන විට තත්ත්වය ඛේදනීය වුවත් ඉදිරියට මේ වාතාවරණය මැඬලීම සඳහා සෑම අංශයක් ම ක්‍රියාත්මකයි .ඒ නිසාම කලින් තිබූ සුපුරුදු ජන ජීවිතය නැවත ගොඩනංවා ගැනීමට නම් යාවත්කාලීන පිළියම් ජීවිතයට හුරු කර ගත යුතුය.

 

ආසාදිත පුද්ගල සිරුර සොයා ගන්නා අයුරු

 

ආසාදිත පුද්ගලයෝ වේ එනම් රෝගියෙකුගේ තරල (කෙල, සෙම්, සොටු) බිඳිතිවල වයිරසය අඩංගු වෙනවා. කතා කිරීමේ දී, කැස්සක දී, කිවිසුමක දී රෝගියාගෙන් පිටවෙන බිඳිති නිරෝගී අයකුගේ නාසය, මුඛය, ඇස්වල තැවරීමෙන් මෙන්ම ආසාදිත බිඳති තැවරුණු භාණ්ඩ හා පෘෂ්ඨ ඇල්ලූ අත් තුළින් මුඛය නාසය ඇල්ලීම මගින් මේ ආසාදනය බෝ වීම සිදු වෙනවා.

වයිරසය ශරීර ගත වූ පසුව රෝග ලක්ෂණ පහළ වීමට දින 14 පමණ කාලයක් ගත වන අතර එය මෙහි වඩාත් භයානක තත්ත්වයයි. මන්ද මේ දින 14 කාලය තුළත් ඉන් අනතුරුව ද පුද්ගලයා තුළ වයිරසය තිබිය හැකි අතර එම ආසාදිත පුද්ගලයා මගින් තවත් සිය දහස් ගණනකට එම කාලය තුළ වයිරසය ආසාදනය විය හැකියි

 

වයිරසය ආසාදිත පුද්ගලයා පෙන්නුම් කරන රෝග ලක්ෂණ

 

සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ මඳ වේදනාව රෝග ලක්ෂණ ලෙස පළමුව දැක ගත හැකි අතර ක්‍රමයෙන් මද උණ, හිසරදය උගුරේ බැරැන්ඩිය, ද්‍රව මල පිටවීම, රස හා සුවඳ ⁣දැනීමේ මඳ බව ආදී ලක්ෂණ පෙන්නුම් කළ හැකිය.

පෙනහලු දක්වා වයිරසය ගමන් කර රෝගය උත්සන්න වීමේ දී තද උණ, මස්පිඩු හා සන්ධි වේදනා, සිරුරේ දුර්වලතාව, ස්වසන අපහසුතාව, වමනය ආදී ලක්ෂණ පෙන්නුම් කරයි.

මෙවැනි දේශ-දේශාන්තරවල පැතිරෙන රෝග මගින් ජනපද විනාශ වන අයුරු ආයුර්වේදයට අනුව පැහැදිලි කර තිබෙනවා.

රෝගයක් හට ගැනීමට පුද්ගල සිරුරේ ස්වභාවය ද බලපානවා. එහෙත් ආයුර්වේද මූල ග්‍රන්ථයක් වන චරක සංහිතාව දක්වනුයේ පුද්ගල ස්වභාවය අනුව එකිනෙකා අතර වෙනස් කම් පවා පැවැතියත් ඔවුන්ට සමානව බලපාන වයිරස සාධක කිහිපයක් වන වායුව, ජලය, දේශය, කාලය යන සාධකවල වෙනස් වීම් හේතුවෙන් එකම කාලයක දී එකම රෝග ලක්ෂණ සහිත රෝගවලින් ජනපද විනාශ විය හැකි බවයි.

සුශැත සංහිතාව සඳහන් කරනුයේ කිසියම් කාලයක දී සෘතු විපර්යාසවලට පටහැනිව රාක්ෂ දෝෂ, ක්‍රෝධ, අධර්ම යන මේවායින් ජනපදයන් විනාශ වන බවයි. දුෂිත වායුවෙන් මෙහෙයවන ලද මෙම තත්ත්වය යම් දේශයකට පැමිණිය හොත් ඒ දේශයේ වැසියන්ගේ ශරීර ස්වභාවය කෙබඳු වුවත් කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා, වමනය ප්‍රතිශ්‍යාව, ශීර්ෂ රෝග, උණ ආදී ලක්ෂණ පහළ වී එම ප්‍රදේශවලින් පීඩාවට පත්වන බව සඳහන්.

ඒ අනුව වසර දහස් ගණනකට පෙර සිටි සෘෂිවරුන් පෙන්වා දුන් කරුණු සත්‍යයක් බව අද අපට පැහැදිලි වෙනවා. එපමණක් නොවේ; චරක සංහිතාව මෙවන් තත්ත්වය හමුවේ ඖෂධීය ප්‍රතිකාරයන් පිළිබඳ පැන නැ‍ඟෙන ගැටලු ද සාකච්ඡා කරනවා. විපර්යාසයක් සිදු වී භූමිය ද දූෂණය වී ඖෂධයන්ගේ රසා දී ගුණ විකෘති වී ජනපද විනාශ වූ පසු නිමවෙන ඖෂධ මගින් ප්‍රතිකාර කිරීම ද එතරම් සාර්ථක නොවන බව සඳහන්. එහෙයින් මේ තත්ත්වවලට පූර්ව සූදානමක් සහිතව කටයුතු කළ යුතු බව දක්වනවා. ආයුර්වේද මූලාශ්‍ර අනුකූලව වයිරස වැනි විෂබීජයන්ගෙන් හටගන්නා රෝග ආගන්තුජ රෝග ලෙස හඳුනාගත හැකිය.

තවද විෂබීජ තත්ත්වයන් හැඳින්වීමට භූත, රාක්ෂ, ජන්තු, ක්ෂුද්‍ර කිමි ආදී විවිධ නම් රාශියක් භාවිත වෙනවා.

නව්‍ය වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු වුවත් ඇතැම් ප්‍රභල වයිරස ආසාදන හමුවේ සිරුර විසින්ම ස්වභාවික සුව වනතෙක් බලාගෙන සිටීමට සිදුවෙනවා.

මෙහි දී දුබලයා මියයෑමත් ශක්තිජනකයා ජය ගැනීමක් සිදු වෙනවා.

එහෙත් වසර දහස් ගණනක් පැරණි ආයුර්වේදයේ හා දේශීය වෙදකමේ මෙම විෂබීජ මට්ටු කරන ක්‍රම පවතිනවා; ඒ අපගේ සිරුරේ ස්වභාවික ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමෙන්.

ආයුර්වේදානුකූලව ඕනෑම රෝගයක් පාලනයට නිදාන පරිවර්ජනය හෙවත් රෝග හේතූන්ගෙන් ඉවත්වීම වැදගත්.

සංක්‍රාමික හෙවත් බෝවන රෝගවලට හේතූන් ලෙස රෝගියකු සමඟ මෛථුන සේවනය, ශරීර ස්පර්ශයෙන් රෝගියෙකුගේ ප්‍රශ්වාස වාතයෙන්, ශරීර තරල ස්පර්ශයෙන්, එකම ස්ථානයක නිදාගැනීමෙන්, මුහුණට මුහුණ හිඳ සිටින්නන්, එකම පිඟාන කෝප්පය ආදී භාවිතයෙන්, රෝගී වූවකු ගෙන ඉතුරු වූ ආහාර පාන අනුභවය, ඇඳුම් පැළඳුම පොදුවේ භාවිතය නිසා මෙවැනි වසංගත රෝග පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝ වීම සිදුවන බව ආයුර්වේදයේ සඳහන්.

ඒ අනුව ඔබ නිවසේදීත් බාහිර පරිසරය හා ගනුදෙනුවේ දී මේ කාරණා අවධාරණයෙන් ඒවායින් වැළකී කටයුතු කිරීම වැදගත්

 

අතීතයේ මෙවැනි වසංගත රෝග ප්‍රචාරණයට හේතු උපක්‍රම අද වනවිට ගැළපී යන අයුරු

 

විෂබීජ තත්ත්ව විනාශ කිරීමේ අරමුණින් නිවස හා අවට ප්‍රදේශ සුරක්ෂිත කිරීමත් ආසාදනයේ ව්‍යාප්තිය අවම කිරීමට ධූමායනය වැනි උපක්‍රම ඉතා යෝග්‍යයයි.

දෙයියන්ගේ ලෙඩ වසංගත රෝග බෝවන රෝග සඳහා අපේ පැරැන්නෝ ගේ ඉස්සරහ කොහොඹ අත්තක් එල්ලුවා එයන් ගම්වැසියා දැනගන්නවා ගෙදර දෙවියන්ගේ ලෙඩක් හෝ වසංගත රෝගීව සිටින බව එයින් එම නිවසට යාම වැළකෙනවා.

ඒ වගේම සරම්ප පැපොල වැනි රෝගියකු සිටීනම් ඔහු නිදන ඇඳ කොහොඹ කොළවලින් අතුරා ඔහුට සුව නින්දක් හා සුවපහසු භාවය අපහසුතාව වැළකෙනවා. එයින් විෂබීජයක් හරණයක් ද සිද්ධ වෙනවා.

මේවා වර්තමානය තුළ එතරම් ගණන් නොගත්තත් අද මේ පැතිරෙන නව ස්වසන වයිරසය වර්ග නම් විවිධ හැඩතලවලින් ලොව ගිලගත්තත් මේ සමහර තත්ත්වවල ප්‍රතිඵලයි.

අපේ රටට නිරෝධායනය කියන වචනය අලුත් වුවත් මේ අතීත පැරැණ්නන් භාවිත කළ කොහොඹ අතු එල්ලා තැබීම ලෙඩ සුව වන තෙක් සමාජගත නොවීම යන පැරණි රෝග සුව කිරීමේ දේශීය රටාවයි.

 

කොහොඹ තෙල් වාෂ්ප නිවාස හා ඒ අවට ඇල්ලීම.

 

කහදියර නිවස තුළ ඉසීම, සුවපහසු විවිධ ඖෂධ වර්ගවලින් නැහැවීම, උදාහරණයක් ලෙස සුදු හඳුන් විවිධ ඖෂධ තුළින් දුම් වාෂ්ප ඇල්ලීම ආදී දේ ගත හැකියි.

පවුලේ පවුලේ අය හා රෝගී වූ පුද්ගලයාද සුවපත්භාවයට ගත් පැරණි ක්‍රම අද ද වටී.

තවද වත්මන් තත්ත්වය පාලනයට ගුගුල් පෙරුම්කායම්, අගිල් මදුරුතලා කොහොඹ කොළ හා පොතු හල් දුම්මල යන මේවායින් කුඩු පොල්කටු අඟුරු වළට දමා නිවස තුළත් ඒ අවටත් දිනකට දෙවරක් දුම් ඇල්ලීම සිදු කිරීම වැදගත්.

එසේම කහ මිශ්‍ර ජලය නිවසක් තුළ හා ඒ අවට ඉසීම ද සිදුකළ හැකිය.

පිටතට බැහැර ගොස් නිවෙසට ඇතුළු වීමට පෙර ලුණු මිශ්‍රිත ජලය අත මුහුණ සේදීම පුළුවන්නම් සිරුරම සේදීමත් වැදගත් ය.

(ලුණු මිශ්‍ර ජලය යනු ප්‍රබල විෂබීජහරණයකි.)

පිටතට ගෙන ඇඳගෙන ආ ඇඳුම් පැළඳුම් වෙනම සෝදා තද අව්වේ වියළීම.

පැළඳ ගෙන ආ සෙරෙප්පු පිටතින් ගැලවීම

අත් පා මුහුණ ශරීරය අමු කහ දෙහි මිශ්‍ර ජලය යෙදීම යෝග්‍යයයි.

මද උණුසුම් පිරිසුදු ජලය නිතර පානය.

තවද මේ දිනවල කඩ කෑම ක්ෂණික පාන වර්ග භාවිතය නතර කිරීම.

මුදල් නෝට්ටු වෙන පිටතින් ගෙනා දේ හොඳින් අව්වේ තබා වේලා නැවත ගෙන අත සබන් දා සෝදන්න.

සුරතල් සත්තු ගෙදර ඇති කරනවා නම් එළියට නොවන්න වග බලා ගැනීමද වැදගත්ය.

පෙරුම්කායම් හා ඖෂධ වටිනාකම් සහිත දෑවලට අද වන විට ඇති ඉල්ලුම

 

බාහිර වශයෙන් ආයුර්වේදය තුළ රක්ෂෝඝ්ණ, භූත නාශක ලෙස දක්වා ඇති විෂබීජ නාශක ද්‍රව්‍ය තුළින් පෙරුම්කායම් වද කහ වැනි ද්‍රව්‍ය සිරුරේ ස්පර්ශ වන සේ පැළඳීම යෝග්‍යයයි.

වයිරස් ආසාදනය මට්ටු කිරීමට පුද්ගල ස්වභාවික ප්‍රතිශක්ති වර්ධන ලොකු පිටුවහලක්

යම් හෙයකින් වයිරසය ශරීරයත් වුවහොත් ඉහළ ප්‍රතිශක්තිය එම වයිරසය සමඟ සටන් කිරීමට අවශ්‍ය ශක්තිය ඔබට ලබා දේවි.

එහෙත් ඒ සඳහා ප්‍රතිශක්ති වර්ධනයට අනුගමනය කළ හැකි ක්‍රමවේද රැසක් පවතී.

ඉගුරු, කොත්තමල්ලි, පත්පාඩගම්, වෙනිවැල්ගැට, සිරිතේක්කු, රසකිඳ, නෙල්ලි, වද කහ යන දව්‍යවලින් කිහිපයක් තම්බා දිනකට දෙවරක් තුන්වරක් පානය යෝග්‍යයි.

කුලුබඩු විශේෂයෙන් රතුලූනු සුදුලූනු කුරුදු භාවිතය.

රත කල්කය( දෙසදුන් කල්කය ), සුදර්ශන චූර්ණය වැනි මෙම ඖෂධ වෛද්‍ය උපදෙස් මත භාවිතය යෝග්‍යයි.

දෙහි යුෂ පීරිසි කෝප්පයකට ඉඟුරු යුෂ හා මී පැණි තේ හැදි එකක් එක්කර පානය දිනකට වරක් යෝග්‍යයයි.

බෙලි මල්, රණවරා මල් තැම්බූ පානය ඖෂධීය පාන වර්ග, ඖෂධීය කැඳ වර්ග,

මොණරකුඩුම්බිය හීං උදුපියලිය යකිනාරං කොළ කොහිල එළබටු කොළ ගොටුකොළ හා දේශීය සහල් වර්ග භාවිතය ද වැදගත් වේ.

 

ප්‍රතිශ්‍යාව සමඟ අතපය සන්ධි වේදනාවට වෙනිවැල්ගැට හීංඅරත්තන ඉඟුරු කොත්තමල්ලි කටුවැල්බටු තම්බා සීනි දමා පානය

අපේ ආහාර රටාවන් ද මේ රෝග පාලනය තුළ හැකි බව ඔබ දන්නවාද?

පෝෂණීය සමබර ආහාර රටාවක් ලබාගැනීම යෝගයයි.

විශේෂයෙන් නැවුම් එළවළු, පළතුරු, පලා, විටමින් සී බහුල ආහාර භාවිතය.

පොලොස්, නිවිති, ගොටුකොළ, සාරණ, තම්පලා, තුඹ කරවිල, එළබටු, ඉන්නල ආදී ආහාර පේර, දෙහි, හෝ දොඩම්, නෙල්ලි, වෙරළු, අනෝදා, උගුරැස්ස ආදී පලතුරු හොඳින් සෝදා පිරිසිදු කර භාවිත කිරීම වැදගත්ය.

තවද නිරාහාරව නොසිටීම, නිසි වෙලාවට ආහාර ලබා ගැනීම, මස් මාළු බිත්තර හොදින් පිස ආහාරයට ගැනීම.

මීට අමතරව යහපත් ජීවන රටාව, පැය 6ක හෝ අටක යහපත් සුව නින්ද, මානසික කායික සෞඛ්‍ය හා යහ පැවතීම.

ව්‍යායාම, යෝග, භාවනා, පිරිත් ඇසීම, යහපත් ගුණ ධර්ම වර්ධනයද ඉතා වැදගත්ය.

 

යහපත් සෞඛ්‍ය පුරුදු.

විශේෂයෙන් corona යනු ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයක් නිසා ස්වසන අභ්‍යාසවල නිරත වීම ඉතා ප්‍රතිඵල දායකයි.

 

නාඩි ශෝධන ප්‍රාණයාම.

කපාල භාති ප්‍රාණයාම ආදිය මගින් ස්වසන පද්ධති පිරිසිදු කිරීමත් පෙනහලු ධාරිතාව වැඩි කිරීමත් සිදුවන බැවින් දෛනිකව උදෑසන හා සවස් කාලයේ ස්වසන අභ්‍යාසවල නිරත වීම යෝගයයි.

 

හුමාලය ඇල්ලීම ද යෝග්‍යයි

උණුවතුරෙන් හෝ යකිනාරං වැන විවිධ කොළ තම්බා හුමාලයෙන් විශේෂයෙන් නාසය හා කෝඨර ප්‍රදේශයට දවසට දෙවරක් වාෂ්ප ඇල්ලීම කළ යුතුය.

ආයුර්වේදයේ මුඛ සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යෑම දක්වා ඇති කවලග්‍රහ භාවිතයට යෝග්‍යයි.

එහි දී මදුරුතලා කොළ මිටක් ගම්මිරිස් ඇට පහක් පමණ තළා තම්බා මඳ රස්නෙන් උගුර දවසට දෙවරක් හෝ තුන්වරක් සේදීම කළ යුතුයි; නැත්නම් මද උණු ජලයට ලුණු කුඩු දමා උගුර ශෝධනය කරන්න.

සැමවිටම විසබීජ නාශක දියර සබන් යොදා දෑත පිරිසිදු භාවය.

මුඛ ආවරණ පැලදීම.

පොදු ස්ථානවල ගැවසීම අවම ය

සමාජ දුරස්ථභාවය තබාගැනීම.

අපේ ක්‍රමයට අතට අත නො දී ආයුබෝවන් කීම.

නීතියට ගරු කිරීම හා උපදෙස් පිළිපැදීම

 

රෝගී වූ හෝ රෝගී අවදානමකට ලක්වූ ඔබ සැම විට වෛද්‍යවරයකු මුණ ගැසී වෛද්‍ය උපදෙස් ලබාගැනීම හා වෛද්‍ය කාර්ය මණ්ඩලය කෙරෙහි විශ්වාසනීයත්වය යහපත්ව තබා ගැනීම ⁣ෛවද්‍යවරයාට රෝගය හා තොරතුරු නොසඟවා පැවසීම වැදගත්.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව නව කොරෝනා වෛරසය ආසාදිත රෝගියෙකුට ප්‍රතිකාර කළ හැකි ද යන්න විමසා බැලීමේ දී නෛතික තත්ත්වය අනුව වර්තමාන බටහිර වෛද්‍යවරුන් රජයේ රෝහල්වල රෝගීන්ට ප්‍රතිකාර කිරීම සිදුකරන අතර ආසාදන වළක්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධනය ක්‍රමෝපාය ආශ්‍රිත උපදෙස් ආයුර්වේද වෛද්‍යවරුන් ලබා දෙයි.

එහෙත් වසර දහස් ගණනක් පැරණි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සතු අද්විතීය ඖෂධයන් ද සහිතව ඒකාබද්ධ ප්‍රතිකාර පද්ධතියක් අනුගමනය කළ හැකිනම් එය මෙවැනි ගෝලීය වසංගත තත්ත්ව ජය ගැනීම වඩාත් ප්‍රතිඵලදායකයි.

තවද අපේ ආයුර්වේද වෛද්‍ය කණ්ඩායම් දැනටමත් සායන උපදෙස් ලබාදීම ආරම්භ කර ඇත.

ලෝකයේ සෞඛ්‍යය පහසුකම් ඉතා ඉහළ මට්ටමක පවතින රටවල් පවා මේ රෝගයට ප්‍රතිකාර සොයා ගැනීමට තවමත් අපොහොසත්ත්ව ඇති අතර මේ නිසාම චීනය ඉන්දියාව වැනි රටවල් දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ දැඩි අවධානමක් විශ්වාසයක් යොමුකර ඇති අතර ශ්‍රී ලංකාවද අද වන විට ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රම කෙරෙහි නැඹුරුවක් දක්නට ලැබේ.

ඒ නිසාම මේ වයිරසය මැඩලීමට සාම්ප්‍රදායික හා දේශීය වෛද්‍ය ක්‍රමවල දායකත්වය ද විමසීම වටී.

ඔබ දන්නවාද ආදිවාසීන් පවා මේ දේශීය අත් බෙහෙත්වල ගුණය අත්හදා බලා සුව වූ බව.

 

වමනය

ආදිවාසී වෛද්‍යවරුන්ට රෝගය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් තිබී ඇත. ඔවුන් පවසන්නේ බඩේගාය නිසා හා අප්‍රිය නිසා වමනය යන බවයි.

රෝග හේතුව නිශ්චය නො කර ගත්තද රෝග තත්ත්වය සැලකිල්ලට ගෙන ඔවුහු වෛද්‍ය ක්‍රම භාවිත කළ බවට සාධක හමුවේ.

 

උදාහරණ

අමු ඉඟුරු යමි නාරං කොළ කොටා මිරිකා මී පැණි දමා පානය.

සත්සඳ මුල් දෙහි ඇඹුලෙන් ගලගා බීමට දීම.

 

කැස්ස

ආදිවාසීන්ට බහුලව වැළඳෙන රෝගයක් ලෙස කැස්ස නම් වන අතර ව්වට පින්නට වැස්සට මුහුණ දීම ඊට ප්‍රධාන හේතුවයි. කැස්සට සොයාගත් අත් බෙහෙතක් ලෙස පාවට්ට ගසේ පස් පංගුව උණුකර සීනි මී පැණි දමා පානය.

 

නෙල්ලි යුෂ ගෙන මී පැණි දමා පානය.

අරළු වියළි ඉඟුරු කලාදුරු අල කුඩුකර හකුරු හෝ පැණි දමා ගුලිකර උණු ජලය පානය.

 

උණ

මෙය රෝගයක් උත්සන්න වී සෑ දී ඇත්නම් උණට අත් බෙහෙතක් කරයි.

(ආදිවාසී ජනයා ගැන ලියු පැරණි පතපොත පරිශීලනය දී ලබා ගත් මූලාශ්‍ර)

 

මෙවැනි ස්වසන පද්ධතිය සම්බන්ධව රෝගකාරක පැතිරයාමත් ඒවායෙන් තමා පමණක් නොව තම පවුලේ අය දැනගෙන සිටීම තුළ අප රටක් ලෙස හෙට මේ ලෙඩ රෝග මර්ධනයට සාර්ථකව මුහුණ දිය හැකිය.

 

විශේෂ ස්තුතිය

ආයුර්වේද වෛද්‍ය චේතිකා නාගහවත්ත රක්වාන ආයුර්වේද රෝහල

 

Comments