අම්බුළුවාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තය | සිළුමිණ

අම්බුළුවාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තය

ලෝකයේ ස්වාභාවිකව නිර්මාණය වී ඇති ඉතා දර්ශනීය ස්ථාන කලින් කලට බිහිවන පාලකයන් විසින් සංචාරක ආකර්ෂණය සදහා නව නිර්මාණයන් එකතු කරමින් වෙනස් කීරීම සුලභව දක්නට ඇති දෙයකි.මහනුවර ගමිපොළ උඩපලාත ප්‍රාදේශිය ලේකමි කොටිඨාශයේ පිහිටා ඇති අම්බුළුවාව කන්දද එලෙස සංචාරක ආකර්ෂණ සදහා නිර්මාණය කරන ලද ස්වාභාවික කන්දකි.කෑගල්ල දිස්ත්‍රික්කය හා මහනුවර දිස්ත්‍රික්ක දෙක ගමිපොළ ප්‍රදේශයෙන් වෙන් කෙරෙන අම්බුළුවාව කන්දේ දිසා තුනක් ස්වාභාවිකව නිර්මාණය වී ඇත්තේ තනි කළු ගලෙනි.එහි හෙමිමාතගම දෙසට ඇති බෑවුම පමණක් ස්වාභාවික වනයකින් යුක්තය.

ගමිපොළ හෙමිමාතගම මාර්ගයේ තුන්වන කිලෝමීටරය පසුවන විට වමිපසින් අම්බුළුවාව ප්‍රවෙිශ මාර්ගය ඉදි වී ඇත.එතැන් සිට කිලෝමීටර් තුනක් කදු සහිත මාර්ගය තරණය කීරිමෙන් පසු අම්බුළුවාව කන්දේ ඉස්මත්තට ළඟා විය හැකිය.

ලක්දිව ඉතිහාසයට අනුව හතරවන රාජධානිය වූයේ ගම්පොලය. ගම්පොළ රාජධානියේ රජවරු සිවිදෙනෙකු රජකමි කළ බවද සදහන්ය.ඒ රජවරුන්ගේ රාජ මාළිගාව පිහිටා තිබුණේ අමිබුළුවාව කදු පාමුල පිහිටි අද ගොඩගම නමින් හඳුන්වන ග්‍රාමයේ බවද ඉතිහාසඥයන් පෙන්වා දී ඇත.මෙි අනුව අම්බුළුවාව කන්ද ගමිපොළ රාජධානියේ ආරක්ෂක මුරපොළ ලෙස එකල භවිතාවන්නට ඇති බවද විශ්වාස කෙරේ. කෙසේ වුවද 1815 ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කිරීමෙන් පසු ගමිපොල රාජධානියේ පුරාවස්තු සියල්ල විනාශ කර කෝපි වගාව සදහා ඉඩමි යොදා ගෙන තිබේ.අම්බුළුවාව කන්ද හතරෙන් තුනක්ම කළුගලින් යුක්ත වු නිසාදෝ ඊට ඉංග්‍රීසීන් ගෙන් බලපෑමක් සිදු නොවී තිබිණ.

ඉංග්‍රීසි පාලනය අවසන් වන විට අම්බුළුවාව කන්ද පාමුල ඉඩමි බොහෝමයක් පුද්ගලයින් දෙතුන්දෙනෙකු පමණක් බුක්ති විඳිමින් සිටියේය.1970 වනතුරු එලෙස බුක්ති විදින ලද ඉඩමි එවක රජයෙන් අත්පත් කර ගෙන ඉඩමි නොමැති ජනතාවට ඒවා බෙදා දී ඔවුන් එහි පදිංචි කර වුහ.අම්බුළුවාව කන්ද සංචාරක ආකර්ෂණය සහිතව සංවර්ධනය කරන්නට අවධානය යොමු වී ඇත්තේ එතැන් සිටය.

මෙි අනුව 1997 වර්ෂයේ එවකට කෘෂිකර්ම ඉඩම් හා වනසමිපත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දී.මු. ජයරත්න ප්‍රදේශයේ තවත් තරුණයින් කීප දෙනෙකු සමඟ අම්බුළුවාව කන්ද තරණය කළේ ඊට ප්‍රවෙිශ විය හැකි මාර්ගයක් සැලසුමි කීරිමටය.1997 මාර්තු මස 21 දින එලෙස අම්බුළුවාව කන්ද තරණය කල දී.මූ.1997 මාර්තු මස 27දා අම්බුළුවාව ප්‍රවේශ මාර්ගය ඉදිකරන්නට පටන් ගත්තේය.එතැන් සිට වසර දහයක ඇවෑමෙන් ලෝකයේම අවධානය අමිබුළුවාවට යොමු කර ගැනීමට දි.මු. සමත් විය.

අම්බුළුවාව කන්ද තරණය කීරීමට අද එහි යන පිරිසට ප්‍රවේශ වු තැන් පටන් සුවිශේෂි වූ නිර්මාණ 65 ක් පමණ නරඹා සතුට විනෝදය ආධ්‍යාත්මික සුවය⁣ මෙන්ම දැනුම වර්ධනය කර ගැනීමටද අවස්ථාව ඇත්තේය. අක්කර 457 ක පමණ භූමිය පුරා ඉදිකර ඇති මෙම සියලු නිර්මාණවල සංකල්පය, සැලැස්ම, තාක්ෂණික දැනුම මෙන්ම ඉංජිනේරුමය කාර්යයන්ද දී.මූ.ජයරත්නයන් ගේ වීම මෙහි ඇති විශේෂත්වයයි.

අම්බුළුවාව කදු ඉස්මත්ත නිර්මාණය කර ඇත්තේ ආධ්‍යාත්මික සුවය සඳහාය.එහි ඇති අඩි 223ක් උසැති ගොවිජන චෛත්‍ය මෙරට ගොවි ජනතාවට උපහාරයක් ලෙස ඉදිකර ඇති බව දි.මු.සදහන් කර ඇත.එම චෛත්‍යයේ මුල් කොටස වී බිස්සාකාරය. එමඟින් වී ගොවියන් සංකේතවත් කරන බවද, චෛත්‍යයේ දෙවන කොටස වටිටක්කා ගෙඩියක ස්වරෑපයෙන් නිමවා ඇත්තේ එළවළු ගොවියන් සංකේතවත් කීරිම සඳහා බවද දී.මූ. සඳහන් කර ඇත. මෙරට පළතුරු ගොවියන් සංකේතවත් කීරීම සඳහා චෛත්‍යයේ තුන්වන කොටස කොකෝ ගෙඩියක හැඩයෙන් නිර්මාණය කර ඇත.චෛත්‍යයේ හතරවන කොටසේ සර්වඥ ධාතු තැන්පත් කර ඊට ඉහළින් කරඞුව පිහිටුවා තිබේ.⁣ මෙම චෛත්‍යය ඇතුළතින් චෛත්‍යයේ ඉහළට ගමන් කීරීමට පඩි පෙළක්ද ඉදිකර ඇත. චෛත්‍යය ඉදිරිපස ඇති බෝධිය අනුරාධපුර පිහිටි ශ්‍රී මහ බෝධියෙන් ලබා ගත් අංකුරයකි.බෝධියත් චෛත්‍යයත් අතර දකුණු පසින් ඉදි කර ඇත්තේ කතෝලික, හින්දු, හා ඉස්ලාමීය ආගමික මධ්‍යස්ථානයන්ය.ඊට වමි පසින් තාරකා මන්දිරය ඉදිකර ඇත්තේ රාත්‍රි කාලයේ අහස නීරීක්ෂණය කරන පාසැල් සිසුන් මෙන්ම විශ්ව විද්‍යල සිසුන්ට පහසුකමක් ලෙසිනි.චෛත්‍යයට මදක් ඔබ්බෙන් ශ්‍රීපාදස්ථානය නිර්මාණය කර ඇත.

ඒ ආසන්නයෙන් අවට කදු පන්ති නිරීක්ෂණය කළහැකි නැරඹුම් මැදිරියකි. අම්බුළුවාව ශ්‍රී මහ බෝධිය ආසන්නයෙන්ම තනි කළුගලෙන් නෙළන ලද හිටි පිළිමයක් තැන්පත් කර ඇති අතර එම පිළිමය තැන්පත් කර ඇති ගොඩනැගිල්ලේ යට කොටස භාවනානුයෝගීන් සදහා සකසා තිබෙි.මෙි සියලු ඉදිකීරීමි යට උමං මාර්ගයක්ද ඉදි කර තිබෙි.

මෙි සියල්ලට පහලින් අලංකාර දේව කුටි වලින් වටවූ සමාධි බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කර ඇත.ඒ ආසන්නයේ ඉදි කර ඇති රැස්වීමි ශාලාවෙි එකවර දහසකට පමණ අසුන් ගත හැකිය. ඒ ආසන්නයෙන් ඇත්තේ පුස්තකාල ගොඩනැගිල්ලය. සමන් දේව ප්‍රතිමාව, විෂ්ණු දේව ප්‍රතිමාව මෙන්ම ජනතා ඇදැහිලිවලට අනුගතව ඉදිකරන ලද බොහෝ නිර්මාණ අම්බුළුවාවෙිදි දැක ගත හැකිය.එමෙන්ම ළමා ක්‍රිඩාංගණය, හෙලිකොප්ටර් අංගනය, සංචාරක නිවාඩු නිකේතනය අලංකාර අමුණු,ගොවි සෙවණ, මෙන්ම ස්වාභාවික කැලයේ වන සතුන් ගෙන්ද අම්බුළුවාව සංචාරක ආකර්ෂණය දිනා ගෙන ඇත.වර්ෂ 2007 දී එක්සත් ජාතින් ගේ සංවිධානය විසින් ලෝකයේ සංචාරකයන් සදහා සංවර්ධනය කළ හොඳම කඳු අතරට අම්බුළුවාව කන්දද ඇතුළත් කොට ඇත.ජාත්‍යන්තර හා දේශිය සම්මන්ත්‍රණ සදහා යෝග්‍ය ලෙස ඉදි කර ඇති අම්බුළුවාවෙි පිහිටි සිවි මහල් ගොඩනැගිල්ල කෙරේද සංචාරකයින් වැඩි දෙනෙක්ගේ අවධානය යොමුව තිබෙි.කාමර 17 කින් යුත් මෙම ගොඩ නැගිල්ලේ ඉහළම මහල නැරඹුම් මැදිරියක ස්වභාවයක් උසුලන්නේය.

Comments