අත් සේදීම | Page 3 | සිළුමිණ

අත් සේදීම

මේ මාතෘකාව ගැන හිතන කොටත් -ඒක පුංචි ළමයින්ගේ වැඩක් යයි හිතන අය කොතෙකුත් අප අතර වෙත්. අප ආහාර වේලකට පෙර අත් සෝදා ගත යුත්තේ ආසාදන වලින් ආරක්ෂා වීමටයි. අප ජීවත් වන්නේ විෂබීජ වලින් ගහන වූ ලොවකය. මෙයින් ව්‍යාධි ජනක විෂබීජ බොහෝමයක්ම ජීවත් වීමට ආසා කරන්නේත්, බෙදී වැඩී තම වර්ගයා බෝ කිරීමට උත්සාහා කරන්නේත්, කාබනික මාධ්‍ය වලය. ඒ නිසා අප ආහාරය සමග කිට්ටු වීමට පෙරාතුව හැකි තරම් ඒවා ඈත් නොකළ හොත් ඔවුනට බෙදී වැඩීමට සරිලන පරිසරයක් ඇතිවීම නියතය.

විෂබීජ ලෙස අප බොහෝ විට හඳුන්වන ජීවීන් බොහෝ දෙනෙකු එසේ නොවේ. ඇත්ත වශයෙන්ම ඔවුන් හිතකරවන අවස්ථා ද වේ. අනෙක්වා ව්‍යාධි ජනනයෝ වෙත්. ශරීරය ආක්‍රමණය කොට එයින් සාරය උරාගෙන ජීවත් වෙති. බැක්ටීරියාවන් -ඒක සෛලීය ජීවිහු වෙත්. මොවුහු ඩිප්තීරියාව, කොළරාව, ලාදුරු, කක්කල් කැස්ස උණසන්නිපාතය, ටෙටනස් ආදිය ඇති කරයි, වයිරසයන් බැක්ටීරියාවනට වඩා කුඩාය. මොවුන් කොපමණ කුඩා ද කිවහොත් මොවුන් දැකීමට අතිසූක්ෂ්ම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් වුවමනාය. එසේ වුවත් මේ සූක්ෂ්ම ජීවින් මිනිස් රෝග රැසකට නිතොරව වග කියනු ඇත. සෙම්ප්‍රතිශ්‍යවේ සිට පිස්සු බලු. රෝගය දක්වා රෝග රැසක් -වයිරස් දස්කම්ය.

රෝහල්වල විෂබීජ පලවා හැරීමටත්, සිරුර ගැටුණ විෂබීජ විනශ කිරීමටත් නොයෙකුත් උපක්‍රම යොදාගෙන ඇත. සිරුරේ ගැටුන විෂබීජ ඉවත් කරනුයේ නොයෙකුත් රසායනිකයන් ආලේප කිරීමෙනි. විෂබීජ ළඟට නොගැනීමට නිර්ජීවානුහරණය කිරීම උපයෝගි කරනු ලැබේ. මේ විෂබීජ මර්දනය පිළිබඳව මුලින්ම කතා කළේ, ක්‍රියා කළේ ශ්‍රීමත් ලිස්ටර්ය. (1827 -1912) මුලින්ම කාබොලික් අම්ලය, නිර්ජීවානුහරණය සඳහා යොදා ගත්තත් පසුව එය පටක වල සැර බව සොයාගෙන වෙනත් සාර්ථක ද්‍රව්‍ය යොදා ගන්නා ලදී. - ඥාන කෝෂය

-----------------

ප්‍රතිශක්තිය යනු කුමක්ද?

හුස්ම ගැනීමේදී ස්වාශ නාලය තුළට පිවිසෙන විෂබීජ ඉවත් කිරීම සඳහා සැකසී ඇත්තේ මීට වෙනස් ක්‍රමයකි. ස්වාශ නාලය ඇතුළත ඇති සිවිය පුරා විහිදී ගිය ඇසට නෙපෙනෙන ඉතා සියුම් කෙඳි රාශියක් ඇත. එම කෙඳි නිරතුරුවම එක්තරා රිද්මයකට චලනය වෙමින් ස්වාශ නාලයට ඇතුළුවන විෂබීජ සෙම් සොටු ආදිය ද පෙණහළු ඇතුලේ සිට උගුර දිසාවට තල්ලුකර දමයි.

සමහර විට ඉහත සඳහන් බාධක බිඳගෙන විෂබීජ අපේ ශරීරයේ සෛල තුළට හා රුධිරයට ඇතුළු වෙයි. එවැන්නක් සිදුවන විට එසේ ඇතුළුවන විෂබීජ ගිල ගැනීමට සැරසී සිටින විශේෂ සෛල වර්ගයක් ද අප සතුව ඇත.

 

මිනිසා සතුව ඇති නවීන යුද්ධෝපක්‍රම කොතරම් බලසම්පන්න දැයි වචනයෙන් පවා විස්තර කළ නොහැකිය. යුද්ධවලට මිනිත්තු කිහිපයක් ඇතුළත මුළු මහත් මානව සංහතියම පොළෝ තලයෙන් අතු ගා දැමිය හැකිය. කෝටි ප්‍රකෝටි ගණනක් වටිනා වස්තුව එක් නිමේෂයකින් දවා අළු කළ හැකිය.

කොටින්ම කියතොත් තුන්වැනි ලෝක යුද්ධයකින් පසු මෙලොව ඉතිරි වන්නේ කඳුළින් තෙමුණු රුධිරයෙන් නැහැවුණු වෙඩි හඬින් කම්පා වුණු හිස් පොළෝ තලයක් පමණකි. එහෙත් මේ හැම යුද්ධෝපකරණයකටම වඩා සංකීර්ණ, මේ හැම සටන් ක්‍රමයකටම වඩා සූක්ෂ්ම, මේ හැම යුද්ධයකටම වඩා බලසම්පන්න සටන් ක්‍රම හා ආරක්ෂා සංවිධාන ඔබේ සිරුරේ සැගවී ඇතැයි යමෙක් පැවසුවොත් ඔබ එයින් විස්මයට පත්වනු නිසැකය. එහෙත් එය සත්‍යයකි.

පරමාණු බෝම්බ, ජෙට් ගුවන් යානා මැෂින් තුවක්කු වැනි දේවල් බොහෝ රටවල් උපයෝගි කරගන්නේ වෙනත් රටක් ආක්‍රමණය කිරීම සඳහායි. එසේ නැතහොත් එවැනි ආක්‍රමණයකදී ප්‍රහාර එල්ල කිරීමටය. එසේම අපේ සිරුරේ ඇති ආරක්ෂක සටන් ක්‍රම උපයෝගි කරගන්නේ එවැනිම ආක්‍රමණවලට මුහුණ දීමටය.

මෙහිදී හැඳින්වෙන ආක්‍රමණිකයන් අන් කිසිවෙකු නොව ඔබ අවට පරිසරයේ අස්සක් මුල්ලක් නෑර පැතිරී ඇති ක්ෂුද්‍ර ජීවින්ය. ඔබ අවට වාතාවරණයේ ඇති විෂබීජය.

ඔබ මෙය කියවීමට පටන්ගත් අවස්ථාවේ සිට මේ දක්වා කිහිප වරක්ම හුස්ම ගන්නට ඇති. ඔබ ගන්නා ඒ සෑම හුස්මක්ම පාසාම මෙවැනි ක්ෂුද්‍ර ජීවින් සිය ගණනක් ඔබේ සිරුරට ඇතුළු වෙයි. එසේම ඔබ ගන්නා ආහාරපාන ඔස්සේද ඔබේ ශරීරගත වෙයි. මෙසේ විවිධ මාර්ග තුළින් ඔබේ සිරුරට ඇතුළුවන මේ ක්ෂුද්‍ර ජීවින් ගෙන් සමහරක් බැක්ටීරියාය. තවත් සමහරක් වයිරසයය. මේ බැක්ටීරියා යම් යම් ස්ථානවල තැන්පත් වී අපට නොයෙක් නොයෙක් රෝග ඇති කරයි. ඒවාට අපේ සිරුරේ අවයව වලට හා සෛල වලට හානි කළ හැකිය. එපමණක් නොව අපේ ජීවිත සොරා ගැනීමට හෝ අප සදහටම අබ්බගාතයන් කිරීමට ද සමත් වෙයි.

මෙසේ සෑම මිනිත්තුවක් පාසාම මෙවැනි අනතුරුදායක විෂබීජ අපේ ශරීරගත වෙයි. එහෙත් අප බොහෝ විට එවැනි විෂබීජ වලින් සැදෙන රෝග වැළඳී අයහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවෙමු.

අප පහසුවෙන් රෝග වලට මැදි නොවන්නේ අපේ සිරුරේ ඇති විශේෂ සටන් ක්‍රම හා ආරක්ෂක සංවිධාන නිසාය. මේ විෂබීජ හා සටන් කිරීමට හැකියාව අප සතු නිසාය. මෙසේ අප ශරීරයට ඇතුළුවන හෝ එසේ ඇතුළු වීමට මාන බලන, ක්ෂුද්‍ර ජීවින්ට විරුද්ධ වීමේ ශක්තියත්, ඒවාට එරෙහිව සටන් කිරීමේ හැකියාවත් අපි ප්‍රතිශක්තිය නමින් හඳුන්වමු. මේ ප්‍රතිශක්තිය නොතිබෙන්නට අප හැම දෙනාම පාහේ උපන්ගෙයි මිය යාමට ඉඩ තිබුණි.

විෂබීජ සමග සටන් කිරීම සඳහා අපට ලැබී ඇති මෙම ප්‍රතිශක්තිය විවිධාකාරය. වෙනත් වචනයකින් කියතොත් අපේ ශරීරය මෙම විෂබීජ හා සටන් කිරීමේදී වෙනස් වෙනස් සටන් ක්‍රම රාශියක් උපයෝගි කර ගනියි.

මේ සටන් ක්‍රම වලින් සමහරක් අපට උපතින්ම උරුම වන ඒවාය. උදාහරණ වශයෙන් අපේ සිරුර වැසී ඇති සම බොහෝ විෂබීජ ශරීරය තුළට ඇතුළුවීම වළක්වයි. එසේම ඩහදියවල ඇති සමහර රසායනික ද්‍රව්‍ය සම මත තැන්පත් වන බැක්ටීරියා විනාශ කරයි. ආහාර සමග අපේ ආමාෂගත වන විෂබීජ රැසක්ම මරා දැමීමට ආමාෂයේ ඇති හයිට්රොක්ලෝරික් අම්ලය සමත් වෙයි.

හුස්ම ගැනීමේදී ස්වාශ නාලය තුළට පිවිසෙන විෂබීජ ඉවත් කිරීම සඳහා සැකසී ඇත්තේ මීට වෙනස් ක්‍රමයකි. ස්වාශ නාලය ඇතුළත ඇති සිවිය පුරා විහිදී ගිය ඇසට නෙපෙනෙන ඉතා සියුම් කෙඳි රාශියක් ඇත. එම කෙඳි නිරතුරුවම එක්තරා රිද්මයකට චලනය වෙමින් ස්වාශ නාලයට ඇතුළුවන විෂබීජ සෙම් සොටු ආදිය ද පෙණහළු ඇතුලේ සිට උගුර දිසාවට තල්ලුකර දමයි.

සමහර විට ඉහත සඳහන් බාධක බිඳගෙන විෂබීජ අපේ ශරීරයේ සෛල තුළට හා රුධිරයට ඇතුළු වෙයි. එවැන්නක් සිදුවන විට එසේ ඇතුළුවන විෂබීජ ගිල ගැනීමට සැරසී සිටින විශේෂ සෛල වර්ගයක් ද අප සතුව ඇත.

මෙසේ අපට උපතින්ම උරුම වන ස්වභාවයෙන්ම අපේ සිරුරේ පිහිටා ඇති ආරක්ෂක උපක්‍රම සියල්ලම සමස්තයක් වශයෙන් ගෙන අපි එය ස්වාභාවික ප්‍රතිශක්තිය යනුවෙන් හඳුන්වමු. ස්වාභාවික ප්‍රතිශක්තිය නිතරම සටනට සැරසී සිටින ආරක්ෂක බලමුළුවක් වැන්න. එය ආක්‍රමණකාරී විෂබීජ වලින් එල්ල වන තර්ජයන්ට මුලින්ම මුහුණ දෙයි

 

සිළුමිණ-ඥාන කෝෂය අතිරේකයෙන් උපුටා ගෙන සකස් කළේ

මොහාන් යන්ත ආරියවංශ

 

 

Comments