කොරෝනා වසංගතයට එරෙහිව සටන් වදින පිරිසට මිලියන 15ක නෙස්ලේ නිෂ්පාදන | සිළුමිණ

කොරෝනා වසංගතයට එරෙහිව සටන් වදින පිරිසට මිලියන 15ක නෙස්ලේ නිෂ්පාදන

කොවිඩ්-19 මර්දනය කිරීමේ කාර්යයට ඉදිරියෙන්ම හිඳිමින් මුහුණ දෙමින් සිටින ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට පසුගියදා රුපියල් මිලියන 15ක වටිනාකමකින් යුත් නෙස්ලේ ආහාර සහ පාන වර්ග පරිත්‍යාග කරන ලදී. ඒ අනුව නෙස්ලේ නිෂ්පාදන පිළිගැන්වීම් , මිලියන භාගයක් පමණ සිදු කළ හැකිය. එම දුෂ්කර කාර්යයේ නියැළී සිටින සෞඛ්‍ය අංශ වෘත්තිකයන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හා සෙසු පුද්ගලයන් අතර බෙදාදීම වෙනුවෙන් එම නිෂ්පාදන මෙරට කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත භාරදෙනු ලැබිණි.

“අඛණ්ඩව සමාජය වෙත අර්ථවත් දායකත්වයක් සහ වෙනසක් ළඟාකරදෙමින්, සමාගමක් වශයෙන් අප සතු ශක්තිමත් සාරධර්ම වලට අනුකූලව ක්‍රියාකිරීමට ඇති හොඳම අවස්ථාව මෙයයි. අපව ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කරන පිරිස් පෝෂණය කිරීමට හැකියාව ලැබීම අපට මහත් ගෞරවයක්” යනුවෙන් නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෆැබ්රිස් කැවලින් මහතා පැවසීය.

Comments