සිළුමිණ හිටපු මාධ්‍යවේදි ඩී. කේ. ජී. නිමල්සිරි අභාවප්‍රාප්ත වෙයි | Page 2 | සිළුමිණ

සිළුමිණ හිටපු මාධ්‍යවේදි ඩී. කේ. ජී. නිමල්සිරි අභාවප්‍රාප්ත වෙයි

ලේක් හවුස් ආයතනයේ සිළුමිණ හා ක්‍රීීඩා පුවත්පත්වල මාධ්‍යවේදියකු ලෙස වසර 30ට අධික කාලයක් සේවය කළ ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදියකු වු ඩී. කේ. ජී. නිමල්සිරි මහතා සිකුරාදා (03) දා අභාවප්‍රාප්ත වූයේය. අවසන් කටයුතු තලාහේන පොදු සුසාන භූමියෙදී 04 සෙනසුරාදා සිදුකෙරිණි.

කලක් ඔහු සවස ජනතා පුවත්පතේ ද දිනමිණ පුවත්පත් වලද සේවය කළේය. ඊට අමතරව එල්ලේ විනිසුරුවරයකු ලෙසද කටයුතු කළ නිමල්සිරි මහතා ලේක්හවුස් පුස්තකාලයේ සේවයේ නියුතු චන්දන උදයකාන්ත මහතාගේ පියාණන් වන අතර ලේක් හවුස් ආයතනයේ පිටු සැකසුම් අංශයේ සේවයේ නියුතු ඉන්දික ප්‍රසාද් නාමසිරි බාප්පා ද වේ.

Comments