වාතයේ සහ ජලයේ ගුණාත්මක අගයන් ඉහළට | සිළුමිණ

වාතයේ සහ ජලයේ ගුණාත්මක අගයන් ඉහළට

කොළඹ නගරයේ වාතයේ සහ ජලයේ ගුණාත්මක අගයන් ඉහළ ගොස් තිබේ.

ඒ Covid-19 වසංගතය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රට තුළ පොලිස් ඇඳිරි නීතිය පැනවීමත් සමගයි.

අද පස්වරු 4.00 වන විට කොළඹ නගරයේ වායු ගුණාත්මක මට්ටම 55 දක්වා ඉහළ ගොස් ඇති බව අමෙරිකානු තානාපති කාර්යාලයේ, වායු ගුණාත්මක දර්ශකයේ දත්තවලට අනුව සදහන්.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ එච්.එඩ්.එස්.ප්‍රේමසිරි සඳහන් කළේ, වාහන සංචලනය අඩුවීම නිසා මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි .

පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පෙර පැවති තත්ත්වය හා සැසදීමේදී වායු දූෂණ මට්ටම විශාල වශයෙන් වෙනස් වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය නොවැම්බර් මාසයේදී මෙරට වායු දූෂණ මට්ටම ඉතා ඉහළ අගයක සටහන් විය .

මේ අතර කාර්මික අපජලය ජල මාර්ගවලට මුදා හැරීම නතර වීම හේතුවෙන් කැලණි ගඟේ ජලයේ ගුණාත්මකභාවය ඉහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පසුගියදා ප්‍රකාශ කළේය.

 

Comments