තක්සලාව වෙබ් අඩවියට නොමිලේ යන්න පහසුකම් | සිළුමිණ

තක්සලාව වෙබ් අඩවියට නොමිලේ යන්න පහසුකම්

කොරෝනා වයිරසය නිසාවෙන් පාසල් වසා දැමුණු හෙයින් පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු නිවෙසේ සිටම කරගෙන යාමට අධාපන අමාතංශය ස්ථාපිත නිල විද්‍යුත් ඉගෙනුම් වෙබ් අඩවිය වන www.e-thaksalawa.moe.gov.lk අඩවියට ගාස්තු රහිතව ඕනෑම අයෙකුට ප්‍රවේශ විය හැකි බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කර සිටී. මෙරට සියලුම දුරකථන සේවා සපයන්නන්ගේ සහාය ඇතිව පාසල් දරුවන්ට ඒ තුළින් 1ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා සියලු විෂය නිර්දේශිත පාඩම් මාලාවන් නිවෙසේ සිට ඉගෙනීමට මේ වන විට අවස්ථාව ලබා දී ඇතැයි කොමිෂන් සභාව සඳහන් කරයි.

එසේම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම ජංගම සහ ස්ථාවර දුරකථන සේවා සපයන ආයතනවලට උපදෙස් ලබා දී ඇත්තේ ගෙවීම් ප්‍රමාද වීම් මත පදනම්ව සේවා විසන්ධි කිරීමක් නොමැතිව පසු ගෙවුම් සහ පෙර ගෙවුම් ගනුදෙනුකරුවන් ඇතුළු සියලු සේවාවන් අඛණ්ඩව ලබාදීමට මෙරට සියලුම පාරිභෝගිකයන්ට සහතික වන බවයි.

ඒ අනුව අප්‍රේල් මාසය අවසානය දක්වා එම සහන කාලය දීර්ඝ කරන ලෙස සියලුම දුරකථන සේවා සපයන ආයතනවලට උපදෙස් ලබා දී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කර සිටී.

Comments