ඇඳිරියේ නීති තවත් තද වේ | Page 2 | සිළුමිණ

ඇඳිරියේ නීති තවත් තද වේ

ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක සඳහා ක්‍රියාත්මක ඇඳිරි නීතිය කඩකළ 11,607 ක් අප්‍රේල් 3 වැනිදා දමන් වන විට අත් අඩංගුවට ගෙ තිබුණි. එමෙන්ම අත්අඩංගුවට ගත් වානම සංඛ්‍යාව 2878කි. ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින්ට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය කර තිබේ.

එමෙන්ම නිරෝධායන පනත යටතේ ඇඳිරි නීති කඩ කරනු ලබන පුද්ගලයන්ට විරුද්ධව නඩු පවරනු ලබන බවත් අත‍් අඩංගුවට ගන්නා වාහන නිරෝධායන කටයුතු සඳහා යොදා ගන්නා බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම වාහන හිමිකරුවන්ට ආපසු ලබා දෙන්නේ කොරෝනා වසංගත තත්ත්වය පහව ගිය පසු බවද ඒ මහතා කීවේය.

Comments