කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවයි | සිළුමිණ

කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,015,048 ක් ලෙස සටහන් කරමින් මිලියනය ඉක්මවා ගොස් තිබේ.

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ද 50,000 ඉක්මවා ගොස් ඇති අතර මේ වනවිට වාර්තාවන මරණ සංඛ්‍යාව 53 , 166 කි.

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ වූ පුද්ගලයින් සංඛ්‍යාව 212 , 035 කි.

ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ප්‍රංශයෙන් වන අතර එම සංඛ්‍යාව 1355 කි.

මේ අනුව ප්‍රංශයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5387ක් දක්වා ඉහළ ගියේ ය.

ඊයේ දිනයේ ස්පාඤ්ඤයේ පුද්ගලයන් 961 දෙනෙකුට කොරෝනා හේතුවෙන් දිවි අහිමිවිය.

ඉකුත් පැය 24 තුළ අමෙරිකාවෙන් ද නව මරණ 968 ක් වාර්තා විය.

ඉතාලියෙන් ඊයේ වාර්තාවූ කොරෝනා මරණ සංඛ්‍යාව 760 ක් වන අතර බ්‍රිතාන්‍යයේ  මරණ සංඛ්‍යාව 569 ක් ලෙස සඳහන් ය.

ජර්මනියෙන් නව කොරෝනා මරණ 176 ක් ද ඉරානයෙන් 124 ක්ද , තුර්කියෙන් නව මරණ 79 ක්ද ස්විට්සර්ලන්තයෙන් 48 ක් ද වාර්තා වේ.

කැනඩාවෙන් නව කොරෝනා මරණ 59 ක් වාර්තා වන අතර ස්වීඩනයේ එය 69 ක් ලෙස ද බ්‍රසීලයේ 82 ක් ලෙසද වාර්තා විය.

ඉන්දියාවෙන් නව කොරෝනා මරණ 14 ක් වාර්තාවීමත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 72 ක් දක්වා ද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2543 ක් දක්වාද ඉහළ ගියේ ය.

මේ අතර ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි පැල්පත් නිවාස තුළ දිවිගෙවූ කොරෝනා ආසාදිතයකු ජීවිතක්ෂයට පත්විය.

ධරාවි නමැති මෙය , ආසියාවේ විශාලතම පැල්පත් නිවාස සහිත ප්‍රදේශය ලෙස සැලකෙන අතර එහි පුද්ගලයන් මිලියන ගණනක් දිවිගෙවන බව සඳහන් ය .

මේ හමුවේ ඉන්දියාව ඇතුළු රටවල් 25 ක් කොරෝනා මැඩලීමට අමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක හදිසි අරමුදලක් පිහිටුවීමට ලෝක බැංකුව පියවර ගත්තේ ය.

මේ අනුව ඉකුත් පැය 24 තුළ ලොව වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5974කි.

එම කාලය තුළ වාර්තා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව පෙන්නුම් කෙරුණේ 79 , 303 ක් ලෙසයි .

වෛරස් ව්‍යාප්තිය හමුවේ පිටතට යන ඕනෑම අවස්ථාවකදී මුහුණු ආවරණ පළඳින ලෙස ලොස් ඇන්ජලීස් සහ නිව්යෝර්ක් නගර වැසියන්ට දැනුම් දී තිබේ.

සේවයෙන් ඉවත්ව සිටීමට ශ්‍රමිකයන්ට ලබාදුන් කාලය මේ මස අග දක්වා දීර්ඝ කිරීමට රුසියාව පියවර ගත්තේ ය.

මේ අතර බ්‍රිතාන්‍යය සඳහන් කළේ, මේ මස අගවනවිට කොරෝනා ආසාදිත දැයි විමසීමට සිදුකරණ දෛනික පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂය දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි .

Comments