මැලේසියාවේ ආදිවාසීහු වනාන්තරයට පලා යති | Page 2 | සිළුමිණ

මැලේසියාවේ ආදිවාසීහු වනාන්තරයට පලා යති

කොරෝනා වයිරසය මැලේසියාවේ පැතිරීමත් සමග එහි ජීවත් වන ආදිවාසී ජන කොටස් වනාන්තර වලට පලා යමින් සිටින බව වාර්තා වේ.

ආදි වාසීන් ජීවත් වන මැලේසියවේ පහාන්ග් ප්‍රාන්තයේ  ජෙමරි ගම්මානයේ පුද්ගලයෙකු දුරකථනයෙන් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ ඔවුන් නැවත වනාන්තරයට යන බවයි.

"වනාන්තරයෙන් ආහාර ලබා ගන්නේ කෙසේ දැයි අපි දනිමු, අපට එහි වගා කලහැකි දේවල් තිබේ." යනුවෙන්  ඔවුන් පවසා ඇත.

අග්නි දිග ආසියාවේ වැඩිම ආසාදන සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මැලේසියාවේය.

ආදිවාසී ජනකොටස් අතරින් "ඔරංග් අස්ලි" ජනවාර්ගික කණ්ඩායමේ වැසියෙකුට මුලින්ම කොරෝනා ආසාදනය වී ඇති අතර බියට පත්වූ ජෙමරි වැසියන්ගෙන් අඩක් පමණ අවට වනාන්තරයට පලා ගොස් තිබේ.

තවත් ආසාදිතයන් සිටිනු ඇතැයි සැක කරන බැවින් ගම්මානය මේ වනවිට අගුලු දමා තිබේ.

මැලේසියාවේ පැරණිතම ජන කොට්ඨාසයක් වන ඔරංග් අස්ලි, වඩාත් අවදානමට ලක්විය හැකි කණ්ඩායමක් ලෙස හඳුනාගෙන තිබේ.

ඔවුන්ගේ ජනගහනය 200 000ක් පමණ වේ.

දරිද්‍රතාවය, මන්ද පෝෂණය වැනි සාධක හේතුවෙන් ස්වදේශික කණ්ඩායම් අතර කොරෝනා වයිරසය සීග්‍රයෙන් පැතිර යාමට ඉඩ ඇතැයි වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා ඇත.

මැලේසියාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 3 000කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර 50 දෙනකු මියගොස් තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිනි)

Comments