ඉන්ධන හා ඖෂධ හැර සියල්ල ආනයනය නවතී | Page 2 | සිළුමිණ

ඉන්ධන හා ඖෂධ හැර සියල්ල ආනයනය නවතී

අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සෙසු සියලූම අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඊට හේතු වූ කරුණු ප්‍රකාශ කලේය.

බොහෝ දෙනා මේවනවිට වගා කටයුතු සඳහා යොමුව ඇති බැවින් ඒ සඳහා ලබන 09 වනදා විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ. 

එලෙස වගා කෙරෙන භෝග, සහතික මිලක් යටතේ රජය මගින් මිලදී ගැනීමට ද අවශ්‍ය කටයුතු සලසා ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

Comments