මෝදි, ජනතාවගෙන් සමාව අයදියි | සිළුමිණ

මෝදි, ජනතාවගෙන් සමාව අයදියි

පොදුජනතාවට දුෂ්කර දැඩි පියවර ගැනීමට සිදුවීම ගැන ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ජනතාවගෙන් සමාව අයැද සිටියේය.

ඒ පිළිබදව අගමැති නරේන්ද්‍ර මෝදි අද නැවතත් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සමස්ත ඉන්දියාවම වසා දැමීමට පියවර ගත්තේ ජනතාවගේ යහපත උදෙසා බවයි.

එම සීමාවන් උල්ලංගණය කිරීම තම ජීවිත අවදානමට ලක් කර ගැනීමක් බවට ඔහු අනතුරු අගවා සිටියේය.

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට 25ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, නව ආසාදිතයන් 61 දෙනෙකු ගත වූ පැය 24 තුළ සොයාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

වෛරසයේ ව්‍යාප්තිය මැඬලීමට ඉන්දියාව මේ වන විට දින 21ක නිරෝධායන කාලයක් ක්‍රියාත්මක කරනු ලබයි.

Comments